ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පවරාගත් ඉඩමට වන්දි නොගෙවීයැයි කොම්පඤ්ඤවීදියේ ගුවන් හමුදා කඳවුර අසළ සන්නිවේදන කුළුනට නැඟ විරෝධය පළ කළ කතරගම තරුණයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රුපියල් 2000ක දඩයක් පනවා දෙවසරක සිර දඩුවමක් නියම කර එය දස වසරකට අත්හිටුවීය.
රුවන් චන්දන නම් මේ තරුණයා ගුවන් හමුඳා කඳවුරට බලෙන් ඇතුළු වී වරදක් කළ බවට වරද පිළිගත්තේය.
මීට පෙරද ඔහු කතරගමදී තවත් කුළුනකට නැඟ විරෝධය පළ කළ බව ද පොලීසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔහුට වුණ අසාධාරණය ?? (නි)
මෙයාට කුළුණු උණද? (නි)
පුදුම කරුමයක්නේ මේ පුද්ගලයට පටිසන් දීලා තියෙන්නේ. (නි)