අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිව සිටියදී නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම මත දිගින් දිගටම පළිගැනීමට ලක්ව අවසානයේ තමා සේවයෙන් පහ කළ බව කියමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඉදිරිපත් කළ පැමිණිල්ලක් ගැන විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට පොලිස් අධිකාරී ධුරයේ සිටිය යුතු මෙම නිලධාරියා සේවයෙන් පහ කිරීමට පෙර ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයේ සිට පොලිස් පරීක්ෂක දක්වා තනතුරු පහල දමා ඇතැයි ද එම ආරංචි පවසයි.
පොලිස් ස්ථානාධිපතිවරයා මීට වසර අටකට පමණ පෙර අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිව සිටිය දී බලපත්‍ර රහිත කොට ලොරියක් අත්අඩංගුවට ගත් බවත්, ඊට නඩු පවරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු කියද්දී එම ලොරිය සහ රියදුරු නිදහස් කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකු උපදෙස් දුන් බවත්, නියෝජ්‍ය පොලිස්පතිගේ නීති විරෝධී නියෝගය ක්‍රියාත්මක නොකර සැකකරු සහ ලොරිය අධිකරණයට ඉදිරිපත් කළ බවත් එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්වේ.
එන නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස් වූ බවත්, ඉන් පසු දිගින් දිගටම තමාට අඩත්තේට්ටම් කළ බවත් කියැවේ.
2009 වසරේ අකුරුස්සේ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමකට මෙම නිලධාරියා කිසිදු සම්බන්ධයක් නැතිව යාපනයට ස්ථාන මාරු කර ඇතැයි ද, පරිපාලන අභියාචනාධිකරණ විනිශ්චය සභාව එය අසාධාරණ ස්ථාන මාරුවක් ලෙස සලකා මාරුව අවලංගු කළ බව ද පොලිස් ආරංචි කියයි.
එසේ තිබිය දී එම චෝදනාවට චෝදනා පත්‍රයක් දී අනතුරුව සේවයෙන් පහ කර තිබේ.
මෙම නිලධාරියා වසර 15ක් පමණ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කර ඇති බවත්, ඔහුට උසස්වීම් නොදීම සම්බන්ධයෙන් පරිපාලන අභියාචනාධිකරණ විනිශ්චය සභාවට කළ විමර්ශනයකින් පසු ඔහු සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස උසස් කරන ලෙස නියෝග කර ඇති බවත් පොලිස් ආරංචි සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමක් කරන්නද දැන්.(හේ)
මෙවැනි දේවල් වලට ඉඩ නොදිය යුතුයි.(හේ)
මේක ලොකු ප්‍රශ්නයක්.(හේ)
නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ලොක්කෝ ඉඩ දෙන්නේ නෑ.(හේ)
මෙහි එන කතානායකයා කියන්නේ ඇත්තද....(හේ)
මෙහි එන කතානායකයා කියන්නේ ඇත්තද....? කවුරු මොනවා කිව්වත් නැතත්, රටේ නීතිය හා සාමය පිළිබඳ වග කිවයුතු පොලිසියත්, ජරාජීර්ණ වූ දේශපාලනයේ ගමන් මගත් එක්ක ‘‘කල දුටු කල වහ ඉහ ගන්නවා\" කියන එක නම්.. පැහැදිලීයි.(හේ)
ලොක්ක කියාවි මට මොකුත් මතක නැහැ කියලා (නි)
පරිස්සමින්! යර්ස් සර්,නෝ සර් විදිහට වැඩ කරන්න. (නි)
පොලිස් පොඩ්ඩන්ගෙන් මීටපෙරද ලොක්කෝ පළිගත් වාර අනන්තයි. ඔවුන් ගැන බලන්නේ කවදාද? (නි)
ඔහොම වැඩ කළාම කොහොමද පොලිසිය ජනතාවට හරියට සේවය කරන්නේ? තනිකර හොර ගුහානේ. (නි)
ඉතින් ඔය දූෂිත පොලිස් නිලධාරියාගේ පටි සහ නිල ඇඳුම් ගළවන්නෙ නැද්ද? ගළවන්නෙ කවදාද? තවමත් ඔය දූෂිත නියෝජිත පොලිස්පතිවරයාව ආරක්ෂා කරනවා නම්, ඔය කාර්යය කරන්න පොලිසියේ අසාධාරණකම් වලට ලක්වුණු සාමාන්‍ය ජනතාවට(ජනතා අධිකරණයට) බාරදෙන්න. ඒගොල්ලෝ ලස්සනට කරයි. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ...බඩුත් හාමුදුරුවන්ගේ ...ඉතින් අපට කිනම් කතාද ..(බ)
දැන් අර හොර ලොක්කට දඩුවම් දෙන්නේ කවදද ? (බ)