
(සුනිල් එස් තන්ත්‍රිආරච්චි සහ සුමිත් පොතුපිටිය)
පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 35 ක් නාම යෝජනා පත්‍ර භාර දුන් බවත් ඉන් 07 ක් ප්‍රතික්ෂේපවූ බවත් කළුතර දිස්ත්‍රික් ලේකම් සහ තේරීම් භාර නිලධාරි ජනක කේ ගුණවර්ධන මහතා කීය .
විවිධ අඩුපාඩු හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇත්තේ දේශපාලන පක්ෂ 04 ක් හා ස්වාධීන කංඩායම් 03 ක් භාර දුන් නාම යෝජනාය.
එක්සත් ජාතික නිදහස් පෙරමුණ ,අරුණළු ජනතා පෙරමුණ ,ජාතික ජනතා පක්ෂය සහ එක්සත් ජනතා සංධානය ඉදිරිපත් කළ නාම යෝජනා මෙසේ ප්‍රතික්ෂේප වී තිබේ .
කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 19 ක් හා ස්වාධීන කංඩායම් 16 ක් නාම යෝජනා ඉදිරිපත් කර තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතික්ෂේප වූ හෝ නොවූ නාමයෝජනා දැන ගැනීමට පුළුවන්ද?