‘කාලකන්නි පත්තරකාරයන්ට නගර සභා රැස්වීමට එන්න දෙන්න එපා‘ යැයි කළුතර එජාප නාගරික මන්ත්‍රී වසන්ත ඩයස් මහතා නගර සභා රැස්වීමේ දී පැවසීය.
රුපියල් විසි ලක්ෂයක මහජන මුදලින් කළුතර නගර සභා මන්ත්‍රීන් තායිලන්තයේ සංචාරය කරන බවට මාධ්‍ය මගින් ප්‍රකාශ කර ඇතැයි ද, පත්තරකාරයන් බොරු ලියතියි ද වසන්ත ඩයස් මහතා කීවේය.
ඔහු මාධ්‍යවේදීන් ඇමතුවේ ‘ඕකුන්‘ හා ‘ඌ‘යනුවෙනි.
‘ඔය මාධ්‍යවේදීන් ජීවත් වෙන්නේ බොරු ලියලා. වැදගත් දෙයක් ලියන්නේ නෑ. ‘
‘ඕකුන්‘ හා ‘ඌ‘ යන වචන ඉල්ලා අස් කර ගන්නැයි සන්ධාන මන්ත්‍රී නලීන් මහේෂ් පෙරේරා මහතා කීවේය.
ඒත් ඔහු ඒ වචන ඉල්ලා අස් කර ගත්තේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාප නේ, බයවෙන්න එපා, එන සැරෙත් ඔහොමම විපක්ෂයේ ඉඳියි (නදී)
දේශපාලකයින් මාධ්‍යයට කතාකරන්නේ මෙහෙම නම් සාමාන්‍ය මිනිසුන්ට කොහොම ඇද්ද? (නි)
මේ ක්‍රියාව මම අනුමත කරන්නේ නැහැ. නමුත් සමහර මාධ්‍ය වුණත් එය හැසිරවීම පිළිබඳව ප්‍රවේශම් වියයුතුයි (නි)
මේක තමයි රට යන අත. ගණන් ගන්න එපා. ඇමතිවරු ඇතැම් ස්වාමින් වහන්සේලට, විදේශික නියෝජිතයින්ට, තම මිතුරු පාර්ලිමේන්තු සගයින්ට, විශ්ව විද්‍යාල සිසුන්ට කතා කරන අන්දම බැලුවම මේවා පුදුම වෙන්න දේවල් නොවෙයි. හැබැයි ඡන්ද දායකයෝ මේ ගොල්ලන්වම තමයි ඉහලින්ම පත් කරලා යවන්නෙත්. (නදී)
ඡන්ද දායකයන් තුලින් දේශපාලන පක්ෂ අජීර්ණය තුරන් වී මෙවැනි අමනයන් දේශපාලනයට පැමිණීම වලකීවා. එමෙන්ම මහා ලොකුවට සදාචාරය ගැන කතාකරන දේශපාලන නායකයන්ගේ ඇස් ඇරේවා. (නදී)
නූගතුන්ගේ රාජ්‍යයක් වගේ වෙලා දැන් අපේ රට. ජය වේවා !! (නි)
රූපවති නංගියේ, නුඹ නම් සහතික ඇත්ත කියලා තියෙන්නේ. මගේ ප්‍රණාමය! (නි)
අනේ මාධ්‍යයවෙිදීයනේ ඔන්න ඔය මිනිස්සුන්ට බැංකොක් යන්න අරින්න, හැමදාම වැඩ කරකර ඉඳල හරියන්නේ නැහැනේ. සැපක් ගන්නත් ඕනෙනේ, මේ මාධ්‍යවේදීන්ටත් නරකද බැංකොක් ගිහිල්ල සැපක් ගත්තනම් හැමදාම අනුන්ගේ දේවල් වර්තා කර කරඉන්නේ නැතුව (නදී)
මේ ගොල්ලන්ගේ මාධ්‍ය සදාචාරය හැමදාම ඔහොම තමයි.බලය තියන කාලෙට මාධ්‍යවේදියා තුට්ටුවකටවත් සළකන්නෙ නැති පක්‍ෂයක් තමයි එ.ජා.ප.ය කියන්නෙ.හෙළන බොරු කිඹුල් කඳුළු බලය නැති කාලෙට තමයි ඉතින්. (නි)
සාධාරන හේතු එක්ක රටක පාලනය බාරගන්න මෙහෙම කෙනෙකුට පුලුවන්ද ? (නි)
ඇත්තටම මේ අය මේ තැන්වලට යැව්ව ඡන්දදායකයන් ලජ්ජාවෙන්න ඕනා තමන්ව නියෝජනය කරන්න යවපු පුද්ගලයන්ගේ හැසිරීම ගැන. අඩුගානේ සංවරව කතාකරන්න ඉගෙනගෙන නැති මිනිස්සුන්ව නේද අපි පත්කරගෙන ඉන්නේ කියලා. (නදී)
අනේ මෙහෙමත් වැදගත් වචන ටිකක්? ලැජ්ජාවක් නැද්ද මන්දා මේ 'වැදගත්' කියන අයට? (නි)
වැදගත් අය දැන් කොහෙද ඉන්නේ? සුදුසුස්සට සුදුසු තැනත් තියෙනවද ?උසස් යයි කියන මහා තැන් වල ඉන්න සමහරක් අයට ලැජ්ජාවක් කියන වචනේ වත් දන්නේ නැතව ඇති. (නදී)
සෑම සත්වයෙකුම සිය නායකයාට සලකනවා. සමහරුන් නායකත්වය දන්නෙත් නැහැ. මෙහෙම අය වනචාරීන්ටත් අන්තයි. (නදී)
හැදියාවක්, සුදුසුකමක් නැති මෝඩයන්ව ලොකු තැන්වලට යවන්න කතිර ගහන අයට මේක හොඳ පාඩමක්. (නදී)
නැහැදිච්ච කමක මහත කියන්නේ, රට කාබාසිනියා කරලා අසාධාරණයට තම බලය යොදවල මහජන දේපල හොරාකන මොවුන්ට වඩා වැදගත් විදියට මාධ්‍යවේදියා තම එදාවේල සරි කරගන්නවා. තම ජීවිතේ පරදුවට තියල දහදිය වගුරලා අව්වේ වැස්සේ කියා නොබලා තමන් දැන උගත් දෙයින් රට වැසියාට සෙතක් කරලා එයින් තමයි ජීවත් වෙන්නේ. දේශපාලුවා කියන්නේ මුළු රටේම සම්පත් අයුතු විදියට කන අමු හොරෙක්. සියලු රට වැසියා ගේ දුක් බර දහදිය බිදුවෙන් සුර සැප විදිමින් ඒ අසරනයන්ටම ගොරවමින් වැජබෙන , තම රට වැසියන් දින ගනනක් කුසගින්නේ කියාවත් නොසිතන දේශපාලු ඔබ අපි රට වැසියෝ හැටියට යමක් ඇත්ත තත්වෙන් දැන ගන්නේ මේ කියන අභීත මාධ්‍ය වේදියා නිසයි. කොතැනකදීවත් ඒ සැබෑ මිනිසාට නිගරු කරනවාට නම් මම තරයේම විරුද්ධයි. ඔය වැදගත් යැයි සම්මතයේ කියාගන්නා වැදගතුන් තම හැදු වැඩු දෙගුරුන්ට ගරු කිරීමක් සේවත් සිතා,මහ ජනයාට වැදගත්ව කතා කරනා ආකාරය ප්‍රගුණ කලොත් ඉතාම වටිනවා. සාමාන්‍ය දැනුමවත් තමන් ලබා තිබේ නම් හෙලන තම දහදිය බිදුව වෙනුවෙන් රට වැසියා මෙන්ම, මාද්ද්‍ය වේදියාද තම දේශය ගැන නිතරම අවදියෙන් සිටින්නේය. (නදී)
සරසවි සිසුන්ට වන සතුන්ගේ නම් කියල අඬ ගහන උසස්ම අධ්‍යාපනේ උගන්වන්නේ ඔහොම කතා කරන්න තමයි. පාර්ලිමේන්තුවෙන්මනේ ඉගෙන ගන්නේ. (නදී)
අර ගොල්ලන්ගේ සංවරය බැලුවහම මන්ත්‍රී වරයෙක් මෙවැනි වචන පාවිච්චි කරන්නැතුව ඉඳීද මන් අහන්නේ (නදී)
එතුමාගේ කතාවේත් සත්‍යයක් තියනවනේ. මාධ්‍යවේදීන් කියන්නේ ප්‍රවෘර්ති මවන්නන්නේ (නදී)
වැරදි වචන වලට සමාව අරගෙන හැදෙන්න මහත්තයෝ. කතාව කැතයි. (නි)
පද්මිනි මේ පුද්‍ගලයා ඒ ඇමති අනුගමනය කරන සරසවි සිසුවෙක්ද නැත්නම් එ.ජා.ප ප්‍රා.මන්ත්‍රී කෙනෙක්ද? (නදී)
ප්‍රවෘතිය නිවැරදියි. කළුතර සහ මීගමුව පැත්තේ ප්‍රාදේශීය සභා සහ නගර සභා වල දේශපාලුවෝ රැලක් බැංකොක් නගරයේ හිටියා ගිය සතියේ. පතුනාම් ප්‍රදේශයේ බාර් වල ක්ලබ් වල බිබී හිටිය මම දැක්කා. (නදී)
යුවනිගේ කතාවට මමත් එකගයි. කළුතර නගරය සංවර්දනය වෙලාම නැහැ. ලොකු ලොකු නම් විතරයී. ඒ වචන දෙක එච්චරම නරකම නැහැ නේද ? (නදී)
සත්‍ය එලිවෙන විට එය විඳදරාගනිමින් දේශපාලනය කළ අය පත්තර වල කාටුන් අදපු මහත්වරුන්ව ගෙනල්ලා තම කාර්‍යාලයෙ බිත්තිය වටෙට එම හාස්‍යගෙන දෙන කාටුන් අදා දෙන්නයි ඉල්ලපු ඉල්ලීම් ගන මගෙ ගුරුවරයෙක් දවසක් පැවසුව මතකයි.අද ඒකෙ අනිත්පැත්ත. නියම සුනක ගති දැකගන්න පලුවන් අද දවසෙ. (අ)
මාධ්‍යයවේදීන්ට අපහාස කරන්න එපා. ඔහේලා කරන වැරදි තමයි මාධ්‍යයෙන් එළිකරන්නේ. අපට ඔහේලට වැඩිය වටිනවා මාධ්‍යයවේදීන්. (නදී)
මාධ්‍යවේදීන් අතර තම වුර්තියේ ගරුත්වය රැකගෙන කටයුතු කරන අය වගේම මාධ්‍ය ලේබලයට මුවා වෙලා ඉන්න අයත් මේ රටේ ඕන තරම් ඉන්නවා. මේක හැම ක්ෂේත්‍රයකටම පොදු දෙයක්. මාධ්‍ය කියන්නේ විවේචනය නොවිය යුතු පුජාසනයක හිදුවා වන්දනාමාන කලයුතු දෙයක් නෙමෙයි. විවේචනයට ලක්විය යුතු ඒමතින් සංවාදයනට භාජනය විය යුතු එමගින් සත්‍යය කුමක්දැයි වටහා ගත යුතු දෙයක් කලාවක්. මේ මන්ත්‍රීතුමාගේ චෝදනාවලට ප්‍රති උත්තර දීල මේ පුවත සත්‍යයක් කියල ඔප්පු කරනවා මිසක් බුරන බල්ලාගේ කට වහන්න තව හයියෙන් බුරන්න යන එකනම් මෝඩ වැඩක්. (නදී)
කොහොම හරි පාර්ලිමේන්තුවට රිංග ගත්තම, සේරම නරකයි කියල සම්මත වචන (කුණුහරුප) පාවිච්චි කරන්න පිළිවන්. සුනක වැඩ, හොර මැර ජඩ කම් කරන්න පිළිවන් කිසිම භයක් නැතුව. එ්කයි ඔතනට රිංගන්න කැමති කවුරුත් (නදී)
ටිකක් මොලේ තියන දේශපාලඥයන් බලය ලබා ගැනීමට මාධ්‍යවේදීන් පාවිච්චි කරනවා. මාද්‍ය වේදීන්ට විරුද්ධ වෙන්නේ බලය තියෙන කාලෙයි. මෙයා එ්කේ අනිත් පැත්ත. මොලේ තරම එ්කෙන්ම පෙනෙනවා. බලය තිබුනානම් මොනවා නොකරාවිද? (නදී)
කියපු වචන ඉල්ලා අස්කරගන්න කිව්වට, ඔයාලා හිතනවද එතුමාලගේ ශබ්ද කෝෂයේ හොඳ වචන ඇති කියලා... බලය නැතුවත් ඔහොම නම් ඇතුව?? (නි)
මාධ්‍යවේදියාගේ කාර්යභාරය යනු සමාජයේ හද ගැහෙනා රිද්මයයි.එය මධ්‍යස්ථ සිතින් දැකීම බුද්ධිමතුන්ගේ හදවතේ රිද්මයයි. (නි)
ඇත්තටමට මේ මහත්වරුන්ට සදාචාරයක් නැද්ද? මෙහෙමද සබාවක කතාකරන්නේ? (නි)
දේශපාලුවන් මෙන්ම මාධ්‍යවේදීන්ද උගත්කමෙන්, චර්යා ධර්ම වලින් හා සාධාරණව සිතීම් තුළින් පොහොසත් වියයුතුයි (නි)
මොහු නම් යම්කිසි අධ්‍යාපනයක් ලැබුවෙක් විය නොහැක.වැරදුනා, මට සමාවෙන්න, මම අපහාස කළාට. (නි)
ඔය කතාකරලා තියෙන්නේ නියමෙටම... අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
හරියට දේශපාලනය දන්නැති අය ටිකක් අදහස් දාල තියනවා. කළුතර නගර සභාව කියන්නේ එක්සත් ජාතික පක්ෂ බලය තියන නගර සභාව .(අ)
මමත් කළුතර, ඔය මනුස්සය ඔහොම තමයි. කැපිල පේන්නම තමයි හදන්නේ.(අ)
හරිම අශෝභනයි (නි)
අට පාස් වෙලා ඔතනට ආපු ඔවැනි අයගෙන්, ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ....... (ස)
මේ කතාව ඇත්ත කලුතර මන්ත්‍රීවරු ගිය වසරේ හොර ලියුම් ලියාගෙන එක්තරා රුපවාහිනී කළුතර වාර්තා කරුවෙක් සමග මලයාසියාවට යන්න ට්‍රයි කලා. පක්ෂ විපක්ෂ නගරාධිපති ගේ යාලු මන්ත්‍රීවරුන්ට පමණයි අවස්ථාව. මේවා ගැන හොයා බලන එක ජනාධිපති තුමාගේ සහ මහා ඇමතිගේ යුතුකම. ඔක්කොම ජරා වැඩ වෙනවා කලුතර කව්රුත් බලන්නේ නෑ. රෝහිත රාජිත විමල් නිර්මල මහින්ද සමරසිංහ, කුමාර වෙල්ගම මොකද කියන්නේ (නදී)
වැදගත් දේවල් ලියන්න නම් වැදගත් දේවල් කරමින් වැදගත් විදියට හැසිරෙන්න ඕනෑ. අඩු වශයෙන් හරියට කතා කරන්නවත් දන්නේ නැති මෙවැනි අය 'මහජන නියෝජිතයා' කියන නමටත් නින්දාවක්. (නි)