කැළණිය විශ්ව විද්‍යාලයයට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ඉක්මවා බාහිර උපාධිය සඳහා සිසුන් බඳවා නොගැනීමට එහි සනාතන සභාව ගත් තීරණය අහෝසි කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බාහිර උපාධි  සිසුන් 10 දෙනෙකු  ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි 25 වැනි දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීරණය කරයි.

බුවනෙක අළුවිහාරේ , අනිල් ගුණරත්න සහ කේ.ටී.චිත‍්‍රසිරි විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවිණි.