ලන්ඩනයේ ශ්‍රී ලංකා ජනහඬ පදනම සිංහල හා දෙමළ අවුරුද්ද උත්සවාකාරයෙන් සැමරීය. මහා බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක‍්‍රිස් නෝනිස් නියෝජ්‍ය මහකොමසාරිස් ලෙනගල, බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු නගර සභා නියෝජිතයෝ ද ඊට එක්වූහ. පදනමේ සභාපති ශ්‍රීලාල් ඩයස් මහතා පැවසූයේ, යුද සමය ඇතුළු අසීරු අවස්ථාවන්හිදී තම සන්ධානය ශ්‍රී ලංකාවේ පිහිටට ආ බවයි.