රංජන් කස්තුරි
කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියට සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල සෞදි රියාල් මිලියන 60ක් හෙවත් රුපියල් කෝටි 265ක අතිරේක ණය මුදලක් ලබා දීමට එකඟ වී තිබේ.
සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල අරාබි ආර්ථික සංවර්ධනය සඳහා කුවේට් අරමුදල හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල යන සංවිධාන වල මූල්‍ය සහනය ඇතිව කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරයි.
යෝජිත කළුගඟ ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර් මිලියන 265 වන අතර ඉන් ඝන මීටර් මිලියන 100ක් වාර්ෂිකව මොරගහකන්ද ජලාශයට හැරවීමට හැකිවන අතර මෙම ව්‍යාපෘතිය යටතේ කළුගඟ ද්‍රෝණියේ හෙක්ටයාර 3000 ක නව වාරි ප්‍රදේශයක් සංවර්ධනය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය ප්‍රතික්ෂේප කරලා නැතිව ඇති....
අපේ හාමුදුරුවරුන්ගෙන් අහල බැලුවද දන්නේ නැහැ.
කවදත් අපට උදව් කරන රටවල් අතර සිටින සෞදි අරාබිය ලබාදෙන මෙයත් චීන ණය ව්‍යපෘති මෙන් සුදු අලි නොවේවා.
ඔබ අනුමත කරනවාද සෞදි මුදල්..... ඒක හරිද? ඔවුන් හොඳයිද දැන්
මේවා දුන්නේ මේ ගොල්ලන්ගේ ජනාවාස කීයක් හදන්න පොරොන්දුව මතද දන්නේ නැහැ.