ක ග කරුණාරත්න
ඉන්දියා අගමැති එන විට කළුකොඩි දමන්නැයි කී උදවිය ඉන්දියා අගමැති හමුවීමට රාත්‍රී 11ට පමණ ගිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා එලෙස කීවේ අරලගංවිලදී පැවැති උත්සවයකදී ය.
මැයි දිනයේ ගාලු මුවදොරට ආ පිරිස දුටු ඇතැමුන් පසු දිනම ආණ්ඩු පෙරළීමට හැකියැයි සිතුවද ඉන්දියා අගමැතිගේ සහභාගීත්වයෙන් හැටන් පැවැති උත්සවයට ලක්ෂ ගණනක් සහභාගී වූ බව ද ජනපතිවරයා කීවේය.
“පසුගිය දිනවල පිරිසක් කිව්වා වෙසක් දවසට කළුකොඩි දමන්න කියලා. වෙසක් දවසට කළුකොඩි දමන්න කිව්වේ ඉන්දියාවේ අගමැති මෝදි පැමිණෙන නිසයි“
“ඉන්දියා අගමැති එන්නේ මේ රටේ කොටසක් අරගන්නයි කිව්වා. ගිවිසුම් අත්සන් කරන්නයි කිව්වා. මම බොහොම පැහැදිලිව කිව්වා ඉන්දියා අගමැති එන්නේ මාගේ ආරාධනයකට, කිසිම ගිවිසුමකට අත්සන් නොකරන බව කිව්වා. ඉන්දියා අගමැති එනකොට කළු කොඩි දමන්න කියපු අය රෑ 11ට ගිහින් ඉන්දියා අගමැති හමු වුණා.“ යයි කී ජනාධිපති සිරිසේන මහතා...
“හමුවෙන්න කලින් ඉන්දියා මහ කොමසාරිස් මට කතා කර කිව්වා කළු කොඩි කට්ටිය හමුවෙන්න ඉල්ලලා තිබෙනවා. මොකද කරන්නේ කියලා ඇහුවා. මම කිව්වා හමුවෙන්න දෙන්න කියලා. රෑ 11ට තමයි කළුකොඩි කාරයො ගිහින් හමුවුණේ.‘ යයිද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොදයි. මෙන්න මේවගේ තදින් කතාකරන්න.
මෙහෙමත් මුසාවාදා.
ආප්ප කාලා, පසුදාම කරනම් ගහලා, කියන කතා!
ඕක ඒහැටි දෙයක්ද, කොහෙද මන්දා රටක ලොකු පුටුවකට යන්න හිතපු කෙනෙක් රෑ ආප්ප කාල පහුවෙනිදා උදේම ඒ ආප්ප දීපු කෙනාටම පිටුපෑවයි කියන්නේ....
මේ කතා කරන්නේ රටක ජනාධිපතිවරයෙක් බව මතක නැති ගානයි.. ගෝල්ෆේස් සෙනග දැකලා බය වුන තරම මේකෙන් හිතාගන්න පුළුවන්.. කයිවාරු නොගහා පළාත් පාලන චන්දය තිබ්බනම් බලන්න තිබ්බා
ආප්ප වගේද , කළුකොඩි
ඇති ඇති .මොකක් හරි කමක්නෑ. ඡන්දයක් තියන්න.
බලාගෙන ගියාම කොයි අගමැතිත් එකනෙ? එහෙයි මෙහෙයි කියල වෙනසක් නැති පාටයි.
ඉස්සරනම් ප්‍රෙඩී සිල්වා, ඇනස්ලි, බර්ටි, සැමුවෙල් වගේ අය විහිළු කලේ. දැන් ??
මේවා තමයි ලංකාවේ ජනාදිපති ,අගමැති රටට කියන්නේ. වෙන රටක නායකයෙක් නම් රටේ දියුණුව ගැන කතා කරන්නේ ප්‍රසිද්ධියේ,මෙයාල සම්ප්රප්ලලාප මතුරනවා තම තමන්ගේ කුණු වහගන්න
පව් ඒ අය
එතකොට තෙල් ටැංකි දෙන්නෙම නැද්ද ? එකට අත්සන් කරන්නෙම නැද්ද ?
ආප්ප කාල හරි ගිහිල්ල හොරු ටික එලෙව්වේ නැතිනම් අද මුළු රටම සහෝදර සමාගමේ හා එම සමාගමේ හෙන්චයියන්ගේ බූදල් වෙලා .
මහින්දගේ තියෙන්නේ එහෙට එක බොරුවයි මෙහෙට එක බොරුවයි.
ලක්ෂ ගණන් සෙනග හැටන් වලට ආවේ ඉන්දීය අගමැති බලන්න.
දැන් මෙතුමාගේ කතාත් දියාරු වෙලා ගිහින්. අපිට නම් එපා වෙලා. කරපු දෙයක් නම් නැති ගානයි.පැදිය ගත්තම සති දෙකෙන් ඉවරයි. එත් ඔබතුමාලා ගොඩේ ගොඩ.
අපිට ඕනේ ඕපාදුප හොයන්න නෙවෙයි රට ගොඩගන්න, රට පුරා වෛරස් උණ පැතිර යනවා රජය කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ ,
ලොකු ලොකු දේශපාලකයෝ හිතුන හිතුන වෙලාවට එක එක පාට කොඩි වනමින් ඉන්නවා , අපට ඔය කොඩිවලින් වැඩක් නැහැ , රටේ ආර්ථිකය කඩා වැටිලා , රටේ ව්‍යාපාරික ණය පොලි අනුපාතය ඉහල ගිහින් ,වැලි , පස් , ගල් වැනි ඉදිකිරීම් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනයට දැඩි තහංචි දමල , නමුත් අමුද්‍රව්‍ය වෙළඳපලේ තිබෙනවා මිල ඉතා අධිකය , බලපත්‍ර තිබෙන්නේ දේශපාලනයට සම්බන්ධ ව්‍යාපාරිකයන් අතලොස්සකට පමණි ව්‍යාපාරිකයෝ අලුතෙන් ව්‍යාපාර පටන්ගන්න හෝ තිබෙන ව්‍යාපාර වැඩි දියුණු කරන්න හෝ රටවැසියන් අලුතෙන් නිවාස ඉදිකිරීමට උනන්දුවක නැහැ , රටේ රැකියා අලුතින් ඇතිවීම සිදු වෙන්නේ නැහැ, ආණ්ඩුවට ලැබෙන බදු ආදායම අඩු වෙනවා, චන්දෙට කලින් පොරොන්දු වුන පරිදි හොරු ඇල්ලීම සිදුනොවීම ගැන කන්නස්සලෙන් පසුවන බව රජයේ ඇමතිවරු පවා මාධ්‍ය වලට ප්‍රකාශ කර ඇත , අලුත් හොරුත් දැන් බය නැතිව හොරකම් කරනවා , අපට ඔය දේශපාලන ඔපදුප වලින් වැඩක් නැහැ , බොරු පුරසාරම් දොඩවමින් මගුල් ගෙවල් මල ගෙවල් වල යමින් කාලය කා දමන්නේ නැතුව , රටේ ආර්ථිකය ගොඩ ගන්න කටයුතු කරන්න
"දවල් මිගෙල්....රෑ ඩැනියෙල් " නැත්නම්, දවල්ට කළු කොඩි. රෑට චපාති ...!!! එහෙමද?