විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් රටට ජනතාවට හිතකර ආකර්ශනීය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ලබන 19 වැනිදා රටට හඳුන්වාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා අද (15) කොළඹ විපක්ෂයේ පොදු අපේක්ෂක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කීය.
යහපත් ආකාරයෙන් රටට ඩොලර් බිලියන ගණනකින් ආදායම් උපදවන තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරන රටේ සියලුම මාධ්‍යවේදීන්ට ස්වාධීනව කටයුතු කළ හැකි වාතාවරණයක් මැච ජනතාවට හිතකර මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බවට එය පත්වනු ඇතැයිද සේනාරත්න මහතා කීය.
රටින් පිටතට ගොස් තිබෙන කළු සල්ලි නැවත රටට ගෙන්වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ගත් පියවර පූර්වාදර්ශයකට ගනිමින් ඩොලර් මිලියන ගණනින් විදෙස් බැංකුවල ඇති මෙරට කළු සල්ලි නැවත මව්බිමට ගෙන ඒමට මෛත්‍රි පාලනයේ දින 100 ක සැලැස්ම තුළ ඉටුකරන බවද හෙතෙම කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව කෙනෙක් තමන්ව පාලනය කරන්න ඕනෑ නැහැ. පාලකයෝ පත්කරලා නීතියට පිටින් වැරදි කරන්නේ ජනතාව. (නි)
එහෙම සල්ලි ඔක්කොම නැවත ගෙන්වන්න පුළුවන් නම් කොච්චර හොඳද? (නි)
ඒත් 8 වැනිදට පසු ඒක කුණු කුඩේට දාන්න වෙන එකනම් ස්ථීරයි.(හේ)
ලංකාව දුෂණයෙන් වංචාවෙන් තොර රටක් වේවා (දී)
මට කියන්න තියෙන්නෙත් එච්චරයි අන්තිමට කරපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ (දී)
මේ දේවල් කරන්න පුළුවන් නම් කොච්චර හොඳද? (නි)
ඉතාම හොඳ තීරණයක්. සල්ලි අයිති කාටද කියලත් කියන්න (නි)
ඉතාමත් කාලෝචිත වැඩක්. හොඳ ඉදිරි පියවරක් (නි)
අපේ රටට ඉතා ඉක්මනින් අවශ්‍ය විනිවිදභාවයෙන් යුත් යහපාලනයක්. වංචා දුෂණ සියල්ල මැඩපවත්වන්නට ශක්තියක් ඇති රජයක්. මෛත්‍රී මහතාට ජයවේවා! (නි)
දින 100 යකින් නැතත් කමක් නැහැ කලු සල්ලි ඔක්කොම ලංකාවට ගෙනාවොත් ඒ ඇති. (හේ)
ඔහොම තමා හැමෝම පොරොන්දුවෙලා එන්නේ. අන්තිමේට කරපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නැහැ. (අ)
අනේ! අපි නොදන්නා ලයිව්! (නි)
ඔන්න කරනවානම් වැඩේ. (අ)
ඕව හොඳයි කොන්ඩේ බැදපු චිනෙකුට කිවුවනම්. (අ)
වෙනසක් වෙයි කියලා අපිට නම් හිතෙන්නේ නැහැ (නි)
ඩොලර් කෝටි ගණනින් කළු සල්ලි විදියට විදේශ බැංකු වල තැන්පත්වී තිබෙන්නේ අපේ රටේ දුප්පත් ජනතාවගේ සල්ලිද? ඔය සල්ලි රටේ අනාගතය ගැන හිතලා නැවත අරගෙන එයි නේද ඒවාට ලැබෙන පොළිය ගැනවත් නොසිතා. (නි)
හ්ම් හ්ම්..... බලමු බලමු, මෙච්චරම කියනවා නම්.... (නි)
නියමයිනේ. ජයවේවා! (නි)
ඔහොම එනවා නම් පණ වුණත් දෙන්නම්කො. ප්‍රතිපත්ති ප්‍රකාශනය වගේම වැඩත් ඒ විදියටම කරන්න හොඳේ. "විශ්වාස පරමා ඥාතී " කියලා කියනවනේ! (නි)
මේවා කලානම් අගය කළ යුතු වැඩ. (නදී)
වරද ඇත්තේ පාලකයින් අත නොවේ. එවන් පාලකයින් පත්කරගන්නා මිනිසුන් අතය.එනිසා අප කළයුත්තේ එවන් පාලකයින් පත්කර නොගන්නා මිනිසුන් කොට්ඨාශයක් බිහිකර ගැනීමය. (නි)
මම පොඩිකාලේ හිතුවේ කඩිනම් මහවැලි ව්‍යාපෘතියෙන් පස්සේ ලංකාව දිව්‍ය ලෝකයක් වෙයි කියලා.ඒත් එකෙන් වුනේ දෙතුන් දෙනෙක් ආසියාවේම ලොකු පෝසත්තු වුන එක විතරයි කවුරු දිනුවත් අපිතමා හැමදාම පරාද.(හේ)
එහෙම කරන්න ගියොත් වෙන්නේ මොකක්ද කියලා පැහැදිලියි. කාටද අප්පා මේ කතා කියන්නේ? බලාගෙන ගියාම හැමෝම එක වගේ,ජනතාව රවටනවා නියමෙට (නි)