පහළ ඌව නිල්ගල වනාන්තරයේ දී කහ පැහැ පාද ඇති කොළ පරෙවියාගේ ඡායාරූප ගැනීමට අම්පාර මහ රෝහලේ වෛද්‍ය අධිකාරී දොස්තර ලංකාතිලක ජයසිංහ මහතා සමත් විය.
නිල්ගල මහ දොරොව්ව පෙදෙසෙදී දොස්තර ජයසිංහ මෙම පක්ෂියාගේ ඡායාරූප ගත් බව ගල්ඔය ජාතික වනෝද්‍යානයයේ භාරකරු බුද්ධික විදානගේ මහතා කියයි.
ශ්‍රී ලංකාවේ දරුණු ලෙස වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින මේ පක්ෂියා ශ්‍රී ලංකාවේ ඊසාන දිග කඳුකරයේදි ඉද හිට දැකිය හැකි බව පරිසරවේදීහු කියති. මෙම පක්ෂියාගේ නම රතු දත්ත පොතට ඇතුළු වී ඇතැයි ලංකා කුරුළු සංගමය කියයි.2010 දී පද්මනාත් සමරවීර මහතා මේ පක්ෂියාගේ ඡායාරූපයක් ගෙන ඇත.
නිල් කන් ඇති පිළිහුඩුවාද ,පතන් කුකුළා ද ඌව නිල්ගල සිටින තවත් දුර්ලභ පක්ෂින් දෙදෙනකි.සමනලයින් විශාල වශයෙන්ද නිල්ගල වනයේදී දැකිය හැකිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපේ මිනිස්සු මේ සතවත් අල්ලලා පිට රට පටවයි (අ)
අපේ- රටේ ගහ කොළ රකින පියවරක් හඩක් නැගේවා ! (දිල්)
මම දැක්කෙත් අද මේ කොළ පාට පරවියා ඔබතුමාට ස්තුතියි (දිල්)