පහළ ඌව නිල්ගල වනාන්තරයේ දී කහ පැහැ පාද ඇති කොළ පරෙවියාගේ ඡායාරූප ගැනීමට අම්පාර මහ රෝහලේ වෛද්‍ය අධිකාරී දොස්තර ලංකාතිලක ජයසිංහ මහතා සමත් විය.
නිල්ගල මහ දොරොව්ව පෙදෙසෙදී දොස්තර ජයසිංහ මෙම පක්ෂියාගේ ඡායාරූප ගත් බව ගල්ඔය ජාතික වනෝද්‍යානයයේ භාරකරු බුද්ධික විදානගේ මහතා කියයි.
ශ්‍රී ලංකාවේ දරුණු ලෙස වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින මේ පක්ෂියා ශ්‍රී ලංකාවේ ඊසාන දිග කඳුකරයේදි ඉද හිට දැකිය හැකි බව පරිසරවේදීහු කියති. මෙම පක්ෂියාගේ නම රතු දත්ත පොතට ඇතුළු වී ඇතැයි ලංකා කුරුළු සංගමය කියයි.2010 දී පද්මනාත් සමරවීර මහතා මේ පක්ෂියාගේ ඡායාරූපයක් ගෙන ඇත.
නිල් කන් ඇති පිළිහුඩුවාද ,පතන් කුකුළා ද ඌව නිල්ගල සිටින තවත් දුර්ලභ පක්ෂින් දෙදෙනකි.සමනලයින් විශාල වශයෙන්ද නිල්ගල වනයේදී දැකිය හැකිය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළ පරෙවියයි පතන් කුකුළයි දොස්තරට හමුවේ
විජයබාහු Monday, 09 March 2015 08:57 AM
දැන් අපේ මිනිස්සු මේ සතවත් අල්ලලා පිට රට පටවයි (අ)
දුමින්ද Monday, 09 March 2015 04:42 AM
අපේ- රටේ ගහ කොළ රකින පියවරක් හඩක් නැගේවා ! (දිල්)
රවී - ඕමාන් Sunday, 08 March 2015 06:20 AM
මම දැක්කෙත් අද මේ කොළ පාට පරවියා ඔබතුමාට ස්තුතියි (දිල්)