ඩයනා උදයංගනී
මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු කළුගඟ ජලාශයට ජලය පිරවීමේ කටයුතු ආරම්භ කිරීම සහ මොරගහකන්ද - කළු ගඟ උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් හෙට (23) පෙරවරු 9.00ට සුබ මොහොතින් සිදු කෙරේ.
මෙහි සමාරම්භක උත්සවය ලග්ගල, කළුගඟ වේල්ල අසලදී පැවැත්වීමට නියමිතය.
මහවැලි ව්‍යාපාරයේ අවසන් අදියර ලෙස ඉදිකෙරෙන මොරගහකන්ද කළුග`ග ව්‍යාපෘතිය අක්කර අඩි 666,000ක් පුරා විහිදෙන අතර ඒ වෙනුවෙන් වැය කෙරෙන සම්පූර්ණ වියදම රුපියල් කෝටි 23,000කි.
එම ව්‍යාපෘතියේ මේ වන විට කර ඇති ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 10,112ක මුදලක් වැය කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය සහ හිටපු මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම ව්‍යාපෘතිය යටතේ වවුනියාව, අනුරාධපුරය, ත‍්‍රිකුණාමලය, පොළොන්නරුව, මාතලේ, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත‍්‍රික්කයන්ට ප‍්‍රතිලාභ හිමිවන අතර එම දිස්ත‍්‍රික්කවලට ජලය සැපයීම ඔස්සේ කෘෂි, ධීවර ක්ෂේත්‍රවල විශාල දියුණුවක් අපේක්‍ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම මොරගහකන්ද, කළුගඟ ජලාශවලින් වෙන වෙනම විදුලි ව්‍යාපෘතීන්ද ක‍්‍රියාත්මක බැවින් එය මෙරට විදුලි බල පද්ධතියට ද දායකත්වය ලබාදෙන බව ඇමති මහින්ද අමරවීර මහතා කියා සිටියේය.
පරිසරය ගැන වැඩි අවධානයක් යොමු කරමින් මෙහි ඉදිකිරීම් කටයුතු කෙරෙන බව කී අමාත්‍යවරය අලි හා වෙනත් සතුන්ගේ ජීවිතවලට හානි නොවන හා ගමන් මාර්ගවලට බාධා නොවන ආකාරයෙන් මෙම කටයුතු සිදුවන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහෝදර සමාගමට ආවඩන කට්ටිය... මේකෙත් මොකක් හරි වරදක් කියයිද දන්නේ නැහැ.
නොදන්නා නිසා මට කවුරුහරි පැහැදිලි කරලා දෙනවද මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ ජලාශ කීයක් හැදුවද? මේ අවුරුදු 3 ඇතුළත පස් පාරකට වඩා විවෘත කිරීම් කලා නේද? තව විවෘත කිරීම් කීයක් ඉදිරියට තියෙනවද??
රොහාන්, වැරැද්ද දැන්ම කියන්න බෑ. අපි වික්ටෝරිය ජලාශය ගැන හොඳට දන්නවා. හදනකොට කිවේ විදුලිය පිටරටට දෙන්නත් පුලුවන් කියලා. අද වෙනකොට වෙලා තියෙන්නේ රටේ තියෙන සරු භූමිය විශාල කොටසක් ජලයට යට කරන එක විතරයි. පරණ රජ දවස කාලේ ලස්සනට පොඩි පොඩි වැව් හදලා රට දියුණු කල එක. විදුලිය ලබාගැනීමට අද වෙනත් ක්‍රම තියනවා. අපි කැමති රට හොඳ තැනකට යනවට සහ රට දියුණු වෙනවට.