IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කළ කම් මෙලොවදීම පළ දේ

වසර කිහිපයකට පෙර  යුරෝපයේ  නගරයක ජිවත් වු කතක  ශ්‍රි ලංකාවෙ සිටි තම සැමියාව ඉතාලියට ගෙන්වා ගත්තාය. ඵතැන් සිට මවත් දියනියත් පියාත් ඵකම නිවසකසතුටින් විසුහ. ඵහෙත් කාලයාගේ ඇවෑමෙන් පියාට බොහෝ මිතුරන් ඇති විය.

පියා මිතුරන් සමග විස්කි බ්‍රැන්ඩි පානය කරමින් තරුණයකු මෙන් සැහැල්ලු ජිවීතයක් ගතකිරිමට පෙළඹෙයි. පියා දිනපතා  ගෙදර එන්නේ හතරගාතයෙනි.එසේ වන ඔහු  මවටත් දියණියටත් පහර දෙමින් අඩදබර ඇතිකර ගනියි.

 පසුව පියා මවත් දියණියත් ශ්‍රි ලංකාවට රැගෙන ගොස් ඵහි රදවා නැවත ඉතාලියට පැමිණියේය.

 ඔහුගේ සතුටින් පිරි ජිවීතය තවතවත් වර්ධනය කර ගැනිම සදහා කාලයේ ඇවැමෙන් නැවත ඉතාලියට පැමිණිමට නොහැකි ලෙස මවගෙත් දියණියගෙත් වීසා කල් ඉකුත්වී යයි.

 කෙසේ හෝ ඉතාලියට පැමිණෙන වැඩිමහල් පුතා පියා සමග ඵකම නිවසක ජිවත් වේ.

 වසර ගණනාවක් මිතුරන් සමග විනෝදයෙන් කල් ගෙවි පියාගේ කකුල් දේකේ නහර ආශ්‍රිත රෝගාබාධයක් හේතුවෙන් සැත්කමක් කිරිමට සිදුවෙයි.

 සැත්කමට ප්‍රථම පසුගියදා මෙම පුතා විසින් පියා නිවසින් පන්නා දමයි. යනඵන මන් නැතිවු පියා පොලිසියට ගොස් පුතාගෙන් තමාට සිදු වු අසාධාරණය කියයි. පුතු සොයා පැමිණෙන පොලිසිය පියා නිවසින් පන්නා දැමිමට හේතුව විමසති. තම අහිංසක මවටත් නැගණියටත් පියා විසින් සිදුකළ අසාධාරණයන් වෙනුවෙන් ඔහු මෙසේ වන්දි ගෙවීය යුතුයැයි පුතු පියා ඉදිරියේ පොලිසීයට කියයි.

 ඔබ අතිනුත් වැරදි සිදුව තිබෙනවා.මේ සදහා අපට මැදිහත් වෙන්න බැහැ ඉන්න තැනක් නැතිනම් නැවත රටට යන්න ඵසේ පැවසු පොලීසීය පිටත්ව ගියේයෙ.මේ වන විට එම නගරයේ ශ්‍රි ලාංකිකයෝ පිරිසක් විසින් සමිමාදම් ඵකතු කරමින් පියාට නැවත ලංකාවට යෑම සදහා ගුවන් ටිකටි පතක් ලබාදීමට සුදානම් වෙති.

         



අදහස් (0)

කළ කම් මෙලොවදීම පළ දේ

නිල්මිණි Monday, 01 April 2013 02:31 PM

වෙන්නප්පුවෙද? දකුණෙද? (නි)

:       0       0

ජනිත් Sunday, 31 March 2013 10:59 PM

අපේ සිංහල අය බීල වැඩිවෙලා. ලංකාවේ මත්පැන් පානය කරන අයගෙන් සියයට සියයක්ම සිංහල අය. (ස)

:       0       0

සුගත් පරාක්‍රම Monday, 01 April 2013 02:25 PM

මටත් ගැනියෙක් ඉන්න හින්දා කියන්නේ ... එයා එක්ක ඉන්නම බැරි හින්දා වෙන්නැති එන්න එපා කියන්න ඇත්තේ (නි)

:       0       0

සාලිය Sunday, 31 March 2013 11:08 PM

ඉතාලියට අමාරුවෙන් ඇවිත් ඒඔක්කොම අමතක කරලා. විස්කි බැරුන්ඩි වයින් බොමින්, ඒ බේබදු ජාලය තරකර ගන්න මානබලන බේබද්දන්ට තවත් අහින්සකඉන් බිලිනොවේවා.... (ස)

:       0       0

සම්පත් සුජීව අල්විස්. - ඉතාලි සිට Sunday, 31 March 2013 11:13 PM

ලංකාවේ කුණු ගොඩවල් ආයිත් ලංකාවටම තමයි. මේ මිනිස්සු ලංකාවෙත් බේ බද්දෝ මෙහේ ආව කියලා ඕවා නවතින්නේ නැහැ. (ස)

:       0       0

හේරත් Sunday, 31 March 2013 11:48 PM

බොන්නේ නැත්තේ ගුණසිංහලා බීලා වැනෙන්නේ වණසිංහලා බීලා බීලා වැඩිවුණහම ඒකා බලුසිංහයා... (නි)

:       0       0

අනුෂි Monday, 01 April 2013 10:32 AM

මෙහෙම වෙලා මදි (ස)

:       0       0

සන්ජීව Monday, 01 April 2013 11:10 AM

මේ වගේ මිනිස්සු දැකලා හැදෙන්න බලන්න ඕන (ස)

:       0       0

සෙන්තිල් Monday, 01 April 2013 03:54 AM

මෙහෙත් ඉන්නවා මෙහෙම මිනිස්සු. (නි)

:       0       0

දිල්ෂාන් Sunday, 07 April 2013 06:07 PM

ලංකාවේ අය කොහේ ගියත් බොන එකනම් නතර කරන්නේ නැහැ. මත් පැන් පානය කිරීමට ලෝකයේ හතරවෙනි තැන.(නදී)

:       0       0

ශ්‍රීනාත් Monday, 01 April 2013 04:42 PM

මේ වාගේ මිනිස්සුත් ඉන්නවානේ (දී)

:       0       0

පිටිගල-මිලානෝ Sunday, 31 March 2013 05:45 PM

අදික බීමත්කම නිසා මීට වඩා අභාග්‍යසම්පන්න පුවත් ඉතාලියේ වෙසෙන සිංහලයන් සම්බන්ධව ඕනෑ තරම් ඇත.(නදී)

:       0       0

මුතුකුඩ Sunday, 31 March 2013 06:03 PM

අපොයි තවත් කුණුගොඩක් ලංකාවට. (නි)

:       0       0

විපුල Sunday, 31 March 2013 06:13 PM

කිසිම උදව්වක් කරන්න හොද නැහැ මේ වගේ අයට.(නදී)

:       0       0

සුසිල් මිලානෝ Sunday, 31 March 2013 06:22 PM

තාත්තා කළ දේ පුතා නොකළොත් කාගෙද පුතා කියනවානේ. මෙහෙම වෙලත් මේ තාත්තාට හැදෙන්න බැරිද ? (නි)

:       0       0

සෑම් Sunday, 31 March 2013 06:34 PM

එතකොට බොන්න සෙට් වෙලා හිටපු යාලුවෝ මොකද කියන්නේ? නවතින්න ඉඩක්වත් දෙන්නෙ නැද්ද? බෝතලේ වටේට ඉන්න නිළමැස්සෝ සල්ලි නැතිදාට ළඟ නැත. ඔය සත්‍යය බොන හැමෝම තේරුම් අරගෙන හැදෙන්න බලන්න... (නි)

:       0       0

නාමලී Sunday, 31 March 2013 06:45 PM

බේබද්දන් හොඳ නරක, යුතු අයුතුකම් දන්නවද? (නි)

:       0       0

ලාල් ගලබඩ ඉතාලියේ ලෙක්කෝ සිට Sunday, 31 March 2013 07:17 PM

ඉතාලියේ ලාංකිකයන්ගේ බීමත් කම ගැන අපට ඇත්තේ මහත් සංවේගයකි.(නදී)

:       0       0

කසුන් සදරුවන් Thursday, 04 April 2013 08:55 AM

මොවුන්ට තාත්තා කියන අයට මුලින් ගහන්න ඔනා අසරණ ගැණුන්ට හා දරුවන්ට වදදුන් මොවුන් තාත්තලා නෙමේ.. (ස)

:       0       0

ප්‍රියංක Sunday, 31 March 2013 07:13 PM

ඔවු. බීමත්කම නිසා සිදු වුණු අභාග්‍යසම්පන්න පළමු සිදුවීම ඕක නෙමෙයි. මට හිතාගන්න බැහැ ඇයි අපේ ලංකාවේ පිරිමි බිමට මෙතරම් පෙරේත කියලා. බීම නිසා මේ මිනිස්සුන්ට නැතිවෙන දේවල් වල කෙළවරක් නැහැ. (නි)

:       0       0

පාරා Sunday, 31 March 2013 07:29 PM

හැමකෙනාම රට ගියාට මොලය තියන කෙනා දන්නවා ඇයි රට ආවේ කියලා. අපි රටකට එන්නේ ජීවත් වෙන්න සහ දියුණු වෙන්න ක්‍රමයක් හදාගන්නයි.(නදී)

:       0       0

දිල් Sunday, 31 March 2013 07:37 PM

ඇත්තටම ලංකාවේ මිනිස්සු බොන්නෙ පෙරේතකමට.සමහරු කියනවා එයාලා නම් බොන්නෙ පමණ දැන කියලා. නමුත් කාලයක් යනකොට ඒ පමණ කියන එක අවලංගු වෙනවා. (නි)

:       0       0

ජයී තිසර Tuesday, 02 April 2013 03:07 AM

දහසක් දෙනා ඇබ්බැහිවී බීම වෙත.. දරුවන් සමග මුළු පවුලම කඩා ඇත.. මේ සැමදේට හේතුව තම දුබල සිත.. දිරිමත් සැමට තිබ්බැහැකියි මතට තිත (නි)

:       0       0

නිමාලි Monday, 01 April 2013 09:40 AM

වැරදි කරන්න කලින් හිතන්න තිබ්බා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site