අගවිනිසුරු මොහාන් පීරිස් වහා ඉල්ලා අස්වන ලෙස බල කරමින් නීතීඥ සංගම් එකමුතුව හා සිවිල් සංවිධාන එක්ව විරෝධතාවක් අලුත්කඩේ උසාවිය ඉදිරිපිට අද (28) ඇරැඹීය.
තවමන් නීත්‍යනුකූල අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තව නොබෝ වේලාවකින් අලුත්කඩේට පැමිණ වැඩ බාර ගැනීමට නියමිත බව නීතීඥ එකමුතුගේ කැඳවුම්කරු නීතීඥ සුනිල් වටගල මහතා කියයි.
නීතීඥවරුන් කීවේ අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගේ පත්වීම නීත්‍යනුකූල නොවන බැවින් ඔහුට ඉවත් වන ලෙස රජයෙන් දැනුම් දී ඇති බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ ක්‍රමය? මෙහෙම අගවිනිසුරු කෙනෙක් ගෙදර යවන ක්‍රමවේදයක් ව්‍යවස්ථාවේ තියෙනවද? (නි)
සමහරුන්ට නම් තියෙන්නේ වෙනත් අරමුණක් වගෙයි (නි)
මොකක්ද මේ ක්‍රමේ. මෙහෙම අගවිනිසුරු කෙනෙක් ගෙදර යවන ක්‍රම වේදයක් ව්‍යස්තාවේ තියෙනවද? ශිරානි ගියේ දෝශාභියෝගයකින් නම් ඒක කොහොමද වලංගු නොවෙන්නේ. ඒ පත් වීමත් ජනපතිතුමා කලේ. මේ පත් වීමත් එතුමා කලේ. එහෙනම් කොහොමද ඒක නිත්‍යානුකුල වෙලා මේක නොවෙන්නේ. මේකද අපේ රටේ මේ හදන්න හදන යහපාලානේ. රකින්න හදන අධිකරණයේ ස්වාධීනත්වය. මේ එක එක්කෙනාට ඕන විදියටද දැන් අහවිනිසුරු වරු ක්‍රියා කරන්න ඕනා. වැරැද්දක් තියෙනවා නම් ව්‍යස්තාවේ තියෙනවනේ අයින් කරන විදිය. මහත්තුරු වගේ එහෙම කරන්නකෝ. මේ තුට්ටු දෙකේ බජාර් එකේ චන්ඩි අයියල වගේ සමාජයට කුනුරස දනවන්නේ නැතුව. හතර අතේ ගද ගස්සවන්නේ නැතුව. (නදී)