කොටිනායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ගුණ වයමින් වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් විසින් සිදු කළ ප්‍රකාශය වාර්තා කළ මාධ්‍යවේදීයකුට මරණ තර්ජනය කළ බව කියන විජයකලාගේ ආධාරකරුවෙකු යැයි කියන පුද්ගලයකු සොයා කිලිනොච්චිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෙලෙස තර්ජනය කර ඇත්තේ කිලිනොච්චිය නිදහස් මාධ්‍යවේදී එස්.එන්.නිබෝජන් මහතාට වන අතර ඔහු මේ සම්බන්ධයෙන් පෙරේදා 31 වැනි දා කිලිනොච්චිය පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.
‘අපේ අක්කට මොනවා හරි වුණොත් උඹව නිකන් අතඅරින්නේ නැහැ.බෝම්බ ගහන්නත් පසුබට වෙන්නේ නැහැ. තමුන් ඇයගේ කතාව වෙනස් කර වාර්තා කර තියෙනවා.සමහර වේලාවට අක්කා වැරදි අදහසින් දෙයක් කියුවත් ලියන මාධ්‍යවේදියා දැනගන්න ඕනෑ ඒක වෙනස් කරලා හරිගස්සලා ලියන්න. මේ නිවුස් එක නිසා අක්කාට බරපතල ලෙස තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. මේ නිසා අක්කට මොකක් හරි අනතුරක් වුණා නම් මම ක්ලිප් චාර්ජ් (බෝම්බ තැබීමට) පවා පසුබට වෙන්නෙ නැහැ. මට හැම ආයුධයක්ම පාවිච්චි කරන්න හොදින් දන්නවා. මට ගොඩක් අය සමඟ සබඳතා තියෙනවා.හැම තැනම කට්ටිය ඉන්නවා. අනික මම පුහුණුව ලත් කළු කොටි කොටි සාමාජිකයෙක් ගමම පැහැරගෙන ගිහින් මරන්නත් දන්නවා. අතුරුදන් කරන්නත් දන්නවා.’ යනුවෙන් චන්ද්‍රිකා තාක්ෂණය හරහා නිබෝජන් මහතාට ගත් දුරකතන ඇමතුමකින් තර්ජනය කර තිබේ.
ලෝකයේ නායකයින් අතරින් වීරත්වයෙන් හා පෞර්ෂත්වයෙන් පරිපූර්ණ එකම නායකයා කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් බවත් මොහුට සම කළ හැකි නායකයකු මෙතෙක් හමුවී නැති බවත් අප සැවොමගේම අවාසනාවකට ඔහු ජීවතුන් අතර නොමැති බවත් ඔහු අද සිටියේ නම් ඔහු මෙරට අගමැති වුවද වන්නට ඉඩ තිබූ බවත් විජයකලා මහේෂ්වරන් මහත්මිය කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේදී පැවති අතර මෙම උත්සවයක දී පැවසුවාය.
මෙම සිද්ධිය මුල්කරගනිමින් මෙම තර්ජනය සිදුකර ඇති අතර අදාල තර්ජකයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම විදේශයක සිට මෙම ඇමතුම ගෙන ඇති බව අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මල්ලිගේ අක්කනේ කතාව කරලා තියෙන්නේ. ඉතින් සමහර පක්ෂ වල ඉන්නේ ත්‍රස්තවාදීන්ට අතහිත දෙන ඒ අය වෙනුවෙන් ගුණ ගායනා කරන, අගය කරන අය බවයි හැඟෙන්නේ. දැන් ජනතාවට කිසියම් අදහසක් එයි. (නි)
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)
අපි ඉතින් සංහිඳියාව නාමයෙන් ඉවසමු නේද? මේවට හිනාවෙන්නෙ කොහෙන්ද තේරෙන්නේ නැහැ (නි)
මම මේකට මොකුත් කියන්නේ නැහැ. අපේ සීයලා, ආච්චිලා ඉස්සර කියාදුන් පැරණි ප්‍රස්ථා පිරුළක් විතරක් කියන්නම්. "නිවටයා දැක්කම එළුවාත් නිකට පානවලු". මීට අවුරුදු දෙකකට කලින් ඔය විදියට කිසිම කෙනෙක් ගෙරෙව්වේ නැහැ. (නි)
නායකයෝ රටේ ආරක්ෂාව ගැන ඇල්මැරුණ ස්වභාවයෙන් ඉන්නකොට ඔයිට වඩා දේවලුත් ඉදිරියේදී වෙන්න පුළුවන්.(අ)
දැන් මොනවද කියන්නේ මේකට. (අ)
අක්කා ඔච්චර උඩගියේ මෙහෙ අයියලගේ නිවටකම නිසා තමා (අ)
මේ තර්ජනය ගැන මට නම් සැකයි (නි)
යහපාලන සහජීවනය නිසා ගණන් ගන්න එපා. (නි)
පවතින රජයේ ඇමති කෙනෙක් මෙවැනි ප්‍රකාශ කරනකොට මේක ජාතිවාදය අැවිස්සීමක් නෙමෙයිද? (නි)
ලංකාවේ නම් තියෙන්නේ මහා පුදුම ජාතිවාදයක්. කොන්ද කෙළින් තියාගෙන තමන් කැමති අකමැති දේ කියලා කිසිම දෙයක් කියන්න අයිතියක් නැහැ. එක්කෝ කොටි. එක්කෝ අයිඑස්. (නි)
යහපාලනයට තිත තියන්න දැන් හොඳම කාලයයි. මේක දිගටම තිබුනොත් අපිට කන්න වෙන්නේ පොළවේ පස් (නි)
අපේ සමහර දේශපාලුවොයි, බටහිර රටවල බංකොළොත් රාජ්‍ය නායකයොයි හිතාගෙන හිටියාට තාම කොටි එයාලගේ ගමන අත්හැරලා නැහැ. එයාලා නිදාගෙන විතරයි. අපේ රට දුර්වල වෙනකොට එයාලා දුහුවිලි ගසාදාලා නැගිටියි ආයෙමත්. (නි)
කොටින්ට කරුණාව පෑ අමිර්තලිංගම් ,රජීව් ගාන්ධි ,රණසිංහ ප්‍රේමදාස වැනි අය උන් අතින් මිය යාමට සිදුවූ බව අපේ ලොක්කන්ට ඉක්මනින්ම අමතක වෙලා (බ)
දැන් නම් පුල්ලි පේනවා හොද වෙලාවක් බලල මේ ගොල්ලන්ව ගත්තනම් හොද නැද්ද (අ)