ලංකාවේ මේ වනවිට මතුවී වී ඇති දේශපාලන ව්‍යාකුලත්වය පිළිබධව කොලබ සරසවියේ සිංහල පිඨයේ කථිකාචාර්ය මහාචාර්ය සරත් විජේසුරිය මහතා එසැණ සමග මෙසේ පැවසිය.
ලංකාවේ ජනතාව රාජපක්ෂ පාලනය පරාජය කරලා ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවක් බලයට ගෙනාවේ හොරකමින් දුෂණයෙන් තොර රටේ දියුණුව උදෙසා. අද මොකද වෙලා තියෙන්නේ? හොරුන්ට දූෂිතයින්ට කුඩුකාරයින්ට දඩුවම් දෙනවා වෙනුවට ඔව්න් නැවත පාර්ලිමේන්තුවට ගන්නත් ජනාධිපති උත්සහ කරනවා.ජනාධිපතිතුමාගේ ශබ්ධ කෝෂයේ තියෙන එක වචනයක් තමයි ‘ මම ඉතා පැහැදිලිව කියනවා’ යන්න.
නමුත් පරාජිත මහින්ද රාජපක්ෂට නැවත නාම යෝජනා දීම පිළිබධව ඔහු පැහැදිලිව කිසිම දෙයක් කියන්නේ නැහැ. රටේ දේශපාලන වියකුලත්වයක් ඇති කරලා. එතුමා කියපු දෙයක් තමයි තමන් පරාජය උනා නම් මේ වනවිට පොලොව යට අඩි හයක් වැළලිලා කියලා. එතුමා පරාජය කරන්න එදා කැපවුණු මිනිස්සුන්ට අද එතුමා ග්‍රහණයට ගන්න පුළුවන් උනා නම් එතුමා ජනාධිපති පුටුවට ඔසවලා තබන්න කැපවුණු අපි මොකද කරන්නේ? පරාර්ථකාමි කතා කියා විධායක ජනාධිපති පුටුවේ ඉදගන්න මේ මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා හිතාගන්න අමාරුයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ රටේ බලයට එන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක්. එක පක්ෂයක් මේ වනවිට හොරුන් කුඩුකාරයින් නිසා පණ අදිනවා. අනෙක් පක්ෂය බලයට ගෙන්න සුදුසුයි කියනවා නෙමෙයි. නමුත් අවස්ථාවේ හැටියට කරන්න දෙයක් නැහැ. අපේ රටේ ඡන්ද දායකයින්ට තියෙන එක ලෙඩක් තමයි කැපුවත් නිල්,කැපුවත් කොළ, කැපුවත් රතු කියන එක. කොළපාටට ඡන්දය දෙන්න අකමැති කොටසක් ඉන්නවා. ඒ අයට මම කියන්නේ රතු පාටට ඡන්ද දෙන්න. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන විපක්ෂය බවට පත් කරන්න.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාචාර්යතුමාගේ අදහසට දහස් වාරයක් එකඟයි.ඒත් මේ පක්ෂ තනි තනිවම තම තමන්ගේ ලකුණු වලින් තරඟ කරලා දිනලා පසුව රාජ්‍ය පාලනය එකතු වියයුතු වෙනවා. (නි)
පිවිතුරු යහපාල, 1948 සිට අද දක්වා මෙම පක්ෂ දෙක මාරුවෙන් මාරුවට රට පාලනය කළා. රට පාලනය කළ අය බහුතරයක් අද කෝටිපතියෝ වෙලා. ඒ අයගේ දරුවො පවා අද කෝටිපති ව්‍යාපාරිකයො වෙලා.අද තරුණ පරම්පරාව මංමුලා වෙලා.අනාගතය ගැන සිහින දකිනවා.මොනවා වුණත් රෑට ටීවී එක බලලා නිදාගන්නවා (නි)
අපේ රටේ මිනුස්සුන්ගේ දේශපාලන දැනුම ප්‍රදාන පක්ෂ 2 විසින් විනාශ කල නිසා ජේ.වී.පී වැනි රට හදන පිරිසකට රට බාර දෙන්න ජනතාව දැනුවත් කිරීම බුද්දිමත් ඔබගේ වගකීමක් (නදී)
මමත් මහාචාර්ය තුමාගේ මතයට සියයට සීයක් එකඟයි.(නදී)
තවත් අරාජික තත්ත්වක් ජවිපෙට 42 මන්ත්‍රීවරු එක සැරයක් මොනවද කලේ ?(නදී)
ඔබ තුමා හරි. රටට හරි යන ලකුණු පහල වෙලා ජය වේවා. සතුට පල කරමි. (නදී)
මම හිතන්නෙ අපි පසුගිය අවුරුදු 25 පමන විවෘත මනසකින් ආපසු හැරී බලුවොත් ජෙ.වී.පි දේශපාලනය ඉතාමත් ප්‍රගතශීලි බව පේනවා. නමුත් බහුතරයක් ඡන්ද දායකයන් මාත් ඇතුලත්ව ඔවුන්ට ඡන්දය දීමට අකමැති වන්නේ ඔවුන් දෙස අප බලන්නේ ප්‍රදාන පක්ෂ විසින් අපේ ඇස මත දමා ඇති කන්නාඩිය තුලින් වීම නිසා. ජේවීපී ආණ්ඩුවක් කෙසේවෙතත් ප්‍රබල විපක්ෂයක් කල හැකිනම් ජනතාවට හොදක් මිස නරකක් නම් වෙන්නේ නැහැ.(නදී)
ජීවිතය පරදුවට තබා ඔබතුමා කල සේවය සදා අගයමු.(නදී)
අපිටත් දැන් එහෙම හිතිලා තමයි තියෙන්නේ (නි)
ජේ.වී. පි අය හොඳ අවංක පිරිසක්.ඒ ගොල්ලන්ට බලය දීලා, ඒ මිනිසුන්වත් නරක් කරන්නද හදන්නේ?ඔන්න ඔහේ හිටින තැනම කෑගහගෙන හිටියදෙන්. (නි)
මම නම් මොන පැත්තවත් ගන්නෙ නැහැ (නි)
අවරුදු 20 ට විතර කලින් මම ගොදානය නවකතාව කියෙව්වා .විජේසූරිය මහාචාර්ය තුමා පෙරවදන ලියලා තිබුනේ. මෙතුමා උතුම් මිනිහෙක් බව තේරුම් ගත්තේ එදා. නොවෙනස් මානව හිතවාදියෙක්. දිර්ගයුස පතමි. (ර)
මමත් මහාචාර්ය තුමාගේ මතයට සියයට සීයක් එකඟයි. (ර)
මමද මහාචාර්යතුමා සමඟය (නි)
හරියට හරි ,ජයවේවා.! (ර)
මේ වනවිට ලංකාවේ මිනිසුන්ට විශ්වාස කල හැකි එකම දෙසපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. (ර)
යහපාලගේ කතාවෙන් තේරුම් ගියේ නැවත එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා. කියන එක නේද? යහපාල ගේ හිත දන්නවා හොරු රැල පරදින බව. මහාචාර්යතුමාගේ ප්‍රකාශය පිලිගන්නවා විතරක් නොවෙයි, මෙවර ජනතා විමුක්ති පෙරමුණට සහයෝගයත් දෙනවා.(නදී)
ඔන්න නියම අදහස්. ජය වේවා.! (ර)
මේ මොහෝතේ ජවිපෙ තමා අප දිනවිය යුත්තේ. (ර)
ඔව් එක මමත් අනුමත කරනවා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන විපක්ෂය වෙන්න ඕන. (ර)
තම පටු දේශපාලන අභිමතාර්ථ මුදුන්පත් කරගන්න උත්සාහ දැරූ අදටත් දරන මේ දේශපාලකයින්ට රටක් බාරදෙන්න තරම් මට නම් හිත හදාගන්න බැහැ (නි)
සහතික ඇත්ත. (ර)
තෝරන්න ඉතා පහසුයි. (ර)
එතකොට කොළ,රතු පක්ෂ වල ඉන්නේ කෙළෙසුන් නැසූ අයද? (නි)
ආසන 40ක් ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන බව ස්ථිරයි (නි)
යහපාල කියන මනුස්සයා ඉස්සර පෙනීහිටියේ බන්දුල නමින්.එයාගේ වැඩේම කඩේ යන්නේ හොරුන්ට,තක්කඩියන්ට, කොමිස් කාක්කන්ට. තමන්ගේ මතය තමයි හරි කියන තැන ඉන්න අන්තගාමී මනුස්සයෙක් (නි)
ඔබතුමා වැනි බුද්ධිමතුන් පෙරට ආ යුතු කාලයකි. රටවැසින් බහූතරයක් යටත්වැසියන් සේ දේශපාලන වහලුන් බවට පත්වී ඇත. මොවුන් සැබෑ පුරවැසින් කර වහල්බවෙන් මුදාගන්නාතෙක් දුෂිත දේශපාලුවෝ පිනුම් ගසනූ ඇත (නි)
කිසිම වගවිභාගයක් නැතුව බොරු කියලා, හොරා හොරා කියලා, දැන් ජනතාව රෑ වැටුණු වළේ දවල්ටත් දමන්න එපා. (නි)
මහාචාර්ය තුමාට ඕන ආයෙත් කොල්ලෝ කෙල්ලෝ 60 70 දාහක මල මිනි දකින්න වගේ. අනෙක මෙතුමාගේ මොකක්ද තියෙන ප්‍රජාතන්ත්‍ර වාදේ..මහින්ද මහත්තයා නියෝජනය කරන්නේ යම් ජනතා මතයක්..ඒ මතය දරන මිනිස්සු එතුමාව තරගයට ගේන්න පතනවා නම් මෙතුමාට මොකක්ද තියෙන අයිතිය ඒ මතය යටපත් කරන්න තව කෙනෙක්ගෙන් ඉල්ලීම් කරන්න. (නදී)
අපේ මිනිස්සුන්ට තේරෙන්න ටිකක් කල් යනවා. වෙන්න ඕනේ එ්ක තමා (නදී)
මාතලේ සමුහ මිනීවල 88/89 කාලේ එකක් උනාට එ්ක ඒ කාලේ හිමිහිට යට ගැහුවේ මොකද කියල දන්නවද "පිවිතුරු යහපාලන"ය. ඒ යට ගහපු අය ඒ කාලේ ඒ දිස්ත්‍රික්කය බාරව වැඩ කල මිනීමරු කල්ලියේ නිසා (නදී)
හොරකම් අපි දැකල නැහැ නමුත් ඔය කොලපාට කට්ටිය දහස් ගණන් තරුණයෝ මරල පිච්චුවා. ගඟේ පා කළා. බල්ලෝ, කිඹුලෝ කබරයෝ මිනී කෑවා. ඔයාට ජේ.වී.පී අය මිනී මරපු විදිහ මතකද? දැන් එයාලා යහපාලකයෝ. (නදී)
ජවිපෙ තනි පුද්ගලයෙක් ට වඩා කණ්ඩායමක් ,,එකමුතුකමක් ඇති පිරිසක්.ඔහුන්ගේ බලය රට හදන්න ලොකු පිටුවහලක් (ම)
මහාචාර්යතුමනි, දැන් මේ හොඳටම ඇති (නි)
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ නිරුවත හෙළිවන ආසන්නතම සිදුවීම නන්දන ගුණතිලක අවසානයේ නැවතුනු තැනයි. 88/89 තරුණ සංහාරය දුටු එයට මැදි වුනු, තම නායකයින්ට අත්වුණු ඉරණම දැක්ක විප්ලවකාරයෙක්ගේ අවසාන නවාතැන ඒ මිනිමරු දේශපාලනයේ නිවහනම නම් අද මේ ඉන්න නායකයින්ගේ හෙට දවස ගැන කවර කතාද? (නදී)
ජවිපෙ මේ මොහොතේ උත්සාහ කළ යුත්තේ තෙවන බලවේගය වීමටයි. එම පදනමින් වැඩකලොත් බලයට පත්වීම නිසැකයි.(නදී)
මමත් මහාචාර්යතුමාගේ මතයට සියයට දෙසීයක් එකඟයි. ජය වේවා...! (නි)
නියම තීරණයක්! (නි)
බලයට එනතුරු හැමෝම හොඳයි (නදී)
නියම කතාවක්! ජයවේවා! (නි)
මමත් කැමතියි. කොළ පාටක් ඕනෑම නැහැ. මම කියන්නේ රතු පාටට අපි දෙමු මෙදාපාර. කතා දෙකක් නැහැ. (නි)
හරියට හරි ඔබතුමාගේ අදහස මේ අවස්ථාවේ ජේ.වී.පී නියෝජනය වැඩිකිරීමට කටයුතුකිරිම අපි හැමොගේමේ වගකීමයි (නදී)
මහාචාර්යතුමා සමඟ මමත් එකඟයි.ආණ්ඩු පක්ෂයට නොවෙයි, විරුද්ධ පක්ෂයට සුදුසුම ජවිපෙයි.කොයි කවුරුත් බලය ලැබුනොත් වෙනස්වෙනවා.මෙයාලට බලය දී අනෙක් පක්ෂ සියල්ලම විරුද්ධ පැත්තේ හිටියත් රටට සෙතක් වෙන්නේ නැහැ.එනිසා එයාලට බලය දී මෙයාලව කරට කර සිටින විරුද්ධ පාක්ෂිකයන් කළයුතුයි.එහෙම වුණොත් හොඳ අනාගතයක් දැකිය හැකිවෙයි. (නි)
ජවිපෙ ප්‍රධාන විපක්ෂය නෙවෙයි ආණ්ඩු පක්ෂය කළ යුතුයි. එහෙම නොකලොත් වෙන්නේ නිල් කොළ පක්ෂ දෙකේ ගෙම්බො එක පැත්තකට එකතුවෙලා ආයෙත් රට කනවා. ඒකනේ පක්ෂ මාරු තහනම ගෙනාවේ නැත්තේ. ලංකාවේ ඡන්දදායකයන්ගෙන් 80%ක්ම තණකොල කන නිසා මේ පාරත් නිල් සහ කොළ තමයි. (නදී)
ඔව්, යු.එන්.පී හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකම කාසියක්. සැබෑ වෙනස ජවිපෙ. මෙවර ඔබගේ වටිනා ජන්දය ජේ.වී.පියට දෙන්න (නදී)
මේ ආචාර්යවරු දේශපාලනයට බැහැල කවරදාකවත් නොවුණු විදිහට. මේ රටේ මිනිස්සු හොද නරක දෙක තේරෙන මිනිස්සු බව අමතක කරන්න එපා. ඔවුන් ආත්මාර්තකාමීන් නොවෙයි. තමන්ට අසාධාරණයක් උනා කියල ලෝකෙට පෙනෙන්ට පොත් ලියල ප්‍රසිද්ධ කරගත් ආත්මාර්ථකාමී, මේ රටේ දියුණුවක් දකින්ට නොකැමිති දේශපාලුවන්ට මෙන්ම බඩගෝස්තරවාදී අවස්තාවදීන් කියන දේවල් මේ රටේ මිනිසුන් ඇසිය, පිළිපැදිය යුතු නොවේ. (නදී)
සහතික ඇත්ත. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන විපක්ෂය වෙන්න ඕන.(නදී)
කොහොමත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන විපක්ෂය වේවි (නදී)
ඇයි ජේවීපී එකට දෙන්න කියන්නේ? අඩුම තරමේ තමන්ගේ පක්ෂය වෙනුවෙන් ඔවුන් මෙතුවක් කල් කළ සාධාරණය මොකක්ද? (නි)
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ ජේවීපී මන්ත්‍රීවරුන් තිදෙනා ගැන බැලූ විට ඔවුන් මන්ත්‍රීවරුන් පනහකගේ පමණ කාර්යභාරයක් ඉටුකළා. මේ නිසා වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවමු. (නි)
සැබෑ ජනතා ජයග්‍රහණයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ දිනවමු.(හේ)
ජවිපෙට ජයවේවා (ම)
කාලෙකට පස්සේ බුද්ධිමතෙකුගෙන්,බුද්ධිමත් වචන ටිකක් ඇහුනා (නි)
මහාචාර්යතුමනි, ඔබතුමා රට තුළ ඉතා ආදරයට පත්වු මහා බුද්ධිමතෙක්. රටේ ජනතාවට නිවැරදි දේ පැහැදිලි කරදීම ඉතාම අගෙයි. (නි)
ජවිපෙ ජනවාරි 8 ට පෙර මෙම තත්වය දුටු බව දැන් අපිට වැටහෙනවා. මහින්ද කඩේ බඩු පරණයි, මෛත්‍රී කඩේ බඩු විශ්වාස නැහැ කියලා ඔවුන් දිගින් දිගටම සඳහන් කළා. (නි)
ඇත්තටම ලාංකීය බුද්ධිමතුන්ගේ හෘද සාක්ෂිය අවදීවීම ගැන අප සතුටු වන්නෙමු. රටක සමාජ පරි වර්තනයක් සඳහා පාලකයන්ට අභියෝග කරන දේශපාලන ව්‍යාපාරයක් මෙන්ම සිවිල් බලවේගත් අවශ්‍යයි. අපේ ආචාරය ඔබටයි බුද්දීමතුනි ඔබලාගේ හඩ අවදි කරන්න රටට ජය ජනතාවට ජයග්‍රහණය ! (නදී)
යු.එන්.පී හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකම කාසියක්. සැබෑ වෙනස ජවිපෙ. මෙවර ඔබගේ වටිනා ජන්දය ජේ.වී.පියට දෙන්න (නදී) (නදී)
71 සහ 80 ගණන් වල කොළ නිල් දෙගොල්ලම තරුණයෝ විනාශ කළා. නමුත් මේ බල ලෝබි දේශපාලුවන්ගෙන් රටට වෙන සෙතක් නැහැ ඉදිරි මැතිවරණයෙන් ජවිපේ අඩුම තරමේ විරුද්ධ පක්ෂයටවත් එනවා නම් අපේ 3 වන ලෝකයේ රටට හොඳ කලක් උදාවේවි (නදී)
අනේ සාමා, මට උපරිම බලාගෙන ඉන්න වෙන්නේ තව මාසයයි දින ගානයි. එත් ඔයාට. (ර)
මේදා පාර අපි ජවිපෙට තමා (ම)
මහාචාර්ය තුමාට ඕන ආයෙත් කොල්ලෝ කෙල්ලෝ 60 70 දාහක මල මිනි දකින්න වගේ..අනෙක මෙතුමාගේ මොකක්ද තියෙන ප්‍රජාතන්ත්‍ර වාදේ..මහින්ද මහත්තය නියෝජනය කරන්නේ යම් ජනතා මතයක්..ඒ මතය දරන මිනිස්සු එතුමාව තරගයට ගේන්න පතනවානම් මෙතුමාට මොකක්ද තියෙන අයිතිය ඒ මතය යටපත් කරන්න තව කෙනෙක්ගෙන් ඉල්ලීම් කරන්න..ඒ ලක්ෂ 58 මේ රටේ මිනිස්සු නෙමෙයිද?ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය කියන්නේ තව කෙනෙක් තරගයට එන එක නවත්තල නිතරග ජයක් වංචාවෙන් ගන්න එක නෙමෙයි.මයිත්‍රී මහත්තය නිර්පාක්ෂික ජනපති කෙනෙක් කිරීම ඔහෙලගෙ වගකීමක් මිස එතුමාට චන්දය නොදුන් අපේ වගකීමක් නෙමෙයි.මයිත්‍රී මහත්තය නිර්පාක්ෂික නෙමෙයිනම් එතුමා සන්ධානේ සභාපතිනම් සන්ධානය දිනවන්න එතුමා කටයුතු කරන්න ඕන..නැත්නම් එතනින් යන්න ඕන..එතුමාව එතනින් අයින් කරගෙන නිර්පාක්ෂික කරගන්න.අපේ කිසි අකමැත්තක් නැහැ.(ස)
අනාගත පරපුර වෙනුවෙන් ජවිපෙ දිනවමු (නි)
ඔබ තුමාගේ අවංක හැඟීම, අපේද බලාපොරොත්තුවයි. හොර හැතිකරෙන් ජනතාව බේරා ගනිමු. විද්වත් ඔබතුමන්ලා ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි. (ස)
ඔව්. මමත් මෙවර ජවිපෙට ඡන්දය දෙනවා. ජවිපෙට ජය වේවා. !!!!! (ස)
"ගවපාල"ක තුමාට ටිකක් කේන්ති ගිහින් දැන් කතාවලට මී හරකුත් අන්දාගෙන. තව දවස් තිස් අටක් විතර යද්දී බානකට ගැටේ වැටිලා තියෙයි.එයාට මහාචාර්ය තුමාගේ අදහස් නොවැටහෙන්නේ මඩේ ලගින නිසයි (බ)
පොදු ජන හද ගැස්ම....ජවිපෙ....!!!!!!!!!! (ස)
උගත්තු ටික පාර්ලිමේන්තුවට යවා ගමු. (ස)
නිර්මලා ඔයා හරි බුද්දිමතුන් විද්වතුන් කලාකරුවන් ඔක්කොම දැන් ඉන්නෙ ජවිපෙ සමග.(ස)
මමත් මේපාර ජේ. වී. පී. එකට දෙනවා. අවංක මිනිසුන් ඉන්න එකම පක්ෂය. (බ)
විරුද්ධ මතවාදීන්ගේ අත පය කට කපා අවසානයේ මරණය උරුම කරවූ මිනීමරු දේශපාලනය මේ රට හදුන්වා දුන් දෙවතාවකදී ලක්ෂයකට අධික තරුණ ජිවිත බිලිදුන් ගිනිය නොහැකි තරම් රාජ්‍ය දේපල සම්පත් ගිනි තබා විනාශ කළ තුන්ඩු කෑල්ලෙන් රට පාලනය කළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිසීමෙන් පසුත් සියල්ල කඩාකප්පල් කරමින් විශ්ව විද්‍යාල පද්ධති කර්මාන්ත ශාලා රාජ්‍ය ආයතන අකර්මන්‍ය කරමින් තම පටු දේශපාලන අභිමතාර්ථ මුදුන්පත් කරගන්න උත්සහ දැරූ අදටත් දරන මේ දේශපාලන කුහකයින්ට රටක් බාර දෙන්න තරම් මේ රටේ මිනිස්සු මි හරක් නෙමෙයි මහාචාර්ය තුමෝ ඔහේ එහෙම වුණාට (බ)
මේ රට අවුරුදු 70 ක් විතර විනාශ කරපු සහ අදත් විනාශ කරමින් ඉන්න එක නොදකින කුහක මනුෂ්‍ය කොට්ටාශයක් ජවිපෙ ඈත අතීතයේ කළ දේවල් ගැන මතක් කරන්න ප්‍රබල උත්සහයක් ගන්නවා.එ්කෙන් ඒ පිරිස උත්සහ කරන්නේ බලයේ ඉන්න පක්ෂ වල දැවැන්ත වැරදි වහන්නයි.මේක ඉතාම නින්දිත අපේ රටේ අනාගත පරපුරම වනසන උත්සහයක්.අපි මේ උත්සාහය අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුයි. ඒ සඳහා අපි ජවිපෙට මෙවර ඡන්දය දිය යුතුමයි. මහාචාර්ය තුමාට අපේ ගෞරවය. (බ)
ඔය හැමෝටම වඩා සුදුසු චම්පික රණවක මහත්තයා. ඔහු කිසි දිනක තම ප්‍රතිපත්ති පාවා දුන්නේ නැහැ. බලශක්තිය, ආර්ථිකය ආගම, අනාගතය ගැන ඔහුගේ චින්තනය විශිෂ්ටය.(ම)
සහතික ඇත්ත (නදී)
කොළ රතු කියල වෙනසක් නැහැ. ලක්ෂ 25 ට සේරම යටයි, මහාචාර්යතුමා කියන්නේ මොකක්ද? (ම)
ජවිපෙ දේශයේ හදවතයි (නදී)
මහා ඇදුරුතුමනි, හුදී ජනයාගේ මොළ පාදා නිසිමඟ ගැනීමට ඔබ ගන්නා අභීත උත්සාහයට මගේ ප්‍රණාමය..! (ම)
ජයවේවා (නදී)
අනේ යහපාල, උඹට තවමත් මහින්දගෙන් තොර ලෝකයක් නැහැනේ. බලාගෙන ඉන්න. මේ පාර මහින්ද දිනලා අායෙත් අගමැති වෙනතුරු. උඹට තව බොහෝ කාලයක් බලාගෙන ඉන්න වේවි ගොයියෝ. ඒ වෙනකොට උඹත් වියපත් මිනිහෙක්. (නදී)
මගේ පළමු ඡන්දය දුන්නේ ජේ. වී. පී එකට. ඊට පස්සේ ඡන්දය වාර තුන හතරක් දුන්නා. මෙයාල හොඳ උනාට හොඳ බලවේගයක් නැහැ. එනිසා මෙයාලට ඡන්දය පාවිච්චි කලේ නැහැ .හොදම දේ නම් මෙයාල ප්‍රදාන පක්ෂ දෙකෙන් එකක් සමග සන්දානගත වුනොත් මම අනිවාර්යයෙන්ම මෙයාලගේ සාමාජිකයන්ට මනාපය දෙනවා (නදී)
මේ වනවිට ලංකාවේ මිනිසුන්ට විශ්වාස කළ හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. ජවිපෙට ජය! (නි)
ඒක ඇත්ත. අපි ජවිපෙ සමඟයි (නි)
රටට ආදරය කරන්නේ 'රතු' පමණයි (නි)
මම නම් මේ කතාවට එකඟ නැහැ (නි)
මහාචාරය තුමනි මෛත්‍රී මහත්තයට යූ එන් පී එකේ නායකත්වය භාර දෙන්න කියල රනිල්ට කියන්න. එතකොට එතුමා බලයට පත් කරන්න කැපවුන ජනතාවට සාධාරනය ඉටුකරාවි. (නදී)
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන විපක්ෂය විය යුතු බව මගෙත් අදහසයි.(නදී)
පෙරටුගාමී පක්ෂයට ජයවේවා වේවා (නදී)
සමහරු හිතනවා ජවිපෙ බලයට අපු ගමන් තුවක්කුවක් අරගෙන හතර වටේටම වෙඩි තියාගෙන තියාගෙන කොල්ලෝ කෙල්ලෝ 60, 70 දාහක් මරන්න බලාගෙන ඉන්නවා කියල. ඇත්තටම ජෙවිපේට එහෙම කරන්න තියන උවමනවා මොකක්ද? මිනිස්සු මෙච්චරටම බොළඳද කියල හිතෙනවා (නදී)
මේ රටේ බහුතරයක් උගතුන් අද ඉන්න මතය තමා මහාචාර්යතුමා කිසිදු පැකිළීමකින් තොරව කිවුවේ.කුහක නොවන ඕනෑම උගතෙකුට අවුරුදු 67 කට පස්සේ ගන්න තිබෙන හොඳම තීරණය තමා ජවිපෙට තීරණාත්මක බලයක් ලබාදීම.එසේ වුවහොත් රටේ අනාගතය වඩා යහපත් වේවි.රාජපක්ෂ වැනි නායකයෙකුට නැවත ඉඩනොදිය යුතු බව ජනතාව තරයේ සිතට ගතයුතුයි. (නි)
ජවිපෙ මේ පාර දිස්ත්‍රික් නායකයෝ විදිහට දාලා ඉන්න හැමෝටම අඩුම උපාධියක් තියනවා. ඒ වගේ සුදුසුකම් තියන අය අනිත් පක්ෂවලින් ලංකාවටම කි දෙනාද ඉන්නේ. සමහර අය තාම 88-89 ගැන තමා කියවන්නේ. දැන් ප්‍රජාතාන්ත්‍රික විදිහට පාර්ලිමේන්තු ගිහින් ඉන්න හොරු කරපු අපරාද ඒ අයට පේන්නේ නැද්ද ? (නදී)
මමත් මහාචාර්ය තුමාගේ මතයට සියයට සීයක් එකඟයි. (නදී)