ගල්ගමුව මීගලෑව ගනංගමුවේ වගා ළිඳකට වැටුණු අලි දෙදෙනකු පැය කිහිපයක මෙහෙයුමකින් පසු ගොඩ ගැනීමට වනජීවී හා සිවිල් ආරක්ෂක නිලධරයෝ සමත්වූහ.
පැටියා රැක ගැනීමේ උත්සාහයේ දී අලි මව ඇයට ගොඩට ඒමට උදව් කළ බැකෝවට ද පහර දීමට ගියාය.
ගල්ගමුව මීගලෑව ගනංගමුවේ වගා ළිඳකට වැටුණු අලි දෙදෙනකු පැය කිහිපයක මෙහෙයුමකින් පසු ගොඩ ගැනීමට වනජීවී හා සිවිල් ආරක්ෂක නිලධරයෝ සමත්වූහ.
පැටියා රැක ගැනීමේ උත්සාහයේ දී අලි මව ඇයට ගොඩට ඒමට උදව් කළ බැකෝවට ද පහර දීමට ගියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුමනේ මේ අනාරක්ෂිත ළිං හදන්නෙත්. ඉතින් ඒ සතුන් දන්නවා ඇති මෙයාලා නිසයි එයාලා අමාරුවේ වැටෙන්නේ කියලත්. (නි)
අද කාලේ කකුල් දෙකේ අයත් එහෙමනේ (නි)
ඕකට අලි නෙමෙයි මිනිහෙක් වැටුනත් ඔච්චරණේ. (දී)
අලි වැටක් ගපල්ලා මිනිසුනේ (දී)
ලිද වටේ වැටක් ගහන්න තරම් මොලයක් නැද්ද .? වගකිවයුත්තෙකුට මේ කරුණ අවදානයට යොමුවේව (දී)
තිරිසනා කියන්නේ නිකන්ද (දී)
චාරු, බොහොම හොඳ අදහසක්. (නි)
@කාලිංග , මේක තිරිසන් කමක් නොවෙයි පැටියා රැක ගැනීමට සහජයෙන්ම එන පුරුද්දක් (දී)
සත්ත්ව වර්ග අපරිමාණයි. කුහුඹුවාගේ පටන් අලින් දක්වා සියල්ලන්ම සතුන්ය (නි)
දරුවන් රැක ගන්න විදින දුකක්, අපේ සමහර අම්මලා තාත්තලාට මේ සත්තු ආදර්ශයක් (දී)
චන්දි, අද ලෝකයේ සත්ත්ව ජනගහණයට වඩා මිනිස් ජනගහණය වැඩියි නේද? ඉතින් පවු කළා නම් ඒකේ අනෙක් පැත්තනේ වෙන්න ඕනෑ (නි)
රජින්ද, හරි , අලි හොඳට මොලේ තියෙන සත්තු., අලි පැටවූ අල්ලන් යන හැටි මේ අම්මා දැකල පැනල යනවා ඇති බේරෙන්න.? නැත්නම් තනි වෙන්නේ නැහැනේ.? කොහොම වුනත් හොඳ මිනිස්සු ඉන්න ගමක්. කටුවැල්බටු , ගජමදාරා , හණ, දුරියන් වගේ පැල මේ ගමට යවන්න , . ගෙවල් වටේත් ළින් වටෙත් පවුරක් වගේ වවා ගන්න.. එතකොට වැටවල් ඕනේ නැහැ. තල් කොළ වැටවල් වලටත් අලි බයයි. මුළු රටම එක ගමකට එක වරකට උදවු කරනවා නම් රටම කාලෙකදී හැදෙයි. (දී)
තිරිසන් යනු බුදු දහමට අනුව සතර අපා වලින් එකකි. ඔය සතුන් දෙදෙනා පෙර ආත්ම භාවයන් හිදී කල පව් කම් හේතුවෙන් තිරිසන් අපාවල දුක් විඳිනවා, ඔවුන් නොදැනුවත්ව හෝ ඔවුන් බේරාගත් පුද්ගලයන් මැරු වේ නම් තවත් කල්ප ගණනක් තිරිසන් ,ප්‍රේත ,නරක,අසුර අපාවල ඔවුන් දුක් විඳීවි,බේරාගත් පුද්ගලයන් එම පින හේතු කොටගෙන නිවන් සම්පත් අවබෝධ කර ගැනීමට මග පෑදේවා! (ස)
අලින්ගේ නිජ බිම් මිනිස්සු විසින් උදුරා ගෙන, උන්ට කන්න තියන ගහකොළ කපල දමලා, ආර්ථික බෝග වවනවා, අලින් ඇතුළු වන සතුන් කොහේ යන්නද? උන් පුරුදු බිම් වලට එනවා. මේවට ප්‍රධාන පක්ෂ දෙකේම දේශපාලන උත්ටමයෝ වග කියන්න ඕන. (දිල්)
උදව් කළ බැකෝවට පහර දීමට හේතුව බැකෝ වලින්ම වළවල් හෑරීම වෙන්න ඇති (නි)
බැකෝවෙන් මේ ලිඳ හාරනව අලි අම්මා දකින්න ඇති. වරද කරපු කෙනාට ගහන එක වැරදි නෑ......(ස)
අනාරක්ෂිත වළවල් , වගා ළිං වටා ආරක්ෂිත පවුරක්(වැටක්වත්) ඉදිකළොත් නේද හොඳ? (නි)
පැටියා උදුරා ගනී කියලා හිතෙන්න ඇති. (නි)
වගා ලින් වලට වැටෙන්නේ අලි විතරක් නොවෙයි , අනිත් සතුනුත් වැටෙනවා , ඒ සතුන්ට මොකද වෙන්නේ ? දඩ මස් කරලා කනවා අහිංසක සතුන්ට හිරහැර කිරීම ,මරාගෙන කෑම. දඩමස් වෙළදාම , හොරෙන් කලත් , බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා කියල දැනගන්න , ස්භාවදර්මයත් එක්ක සෙල්ලම් එපා (දී)
සජාන්...ඔබ සත්ව ලෝකය ලෙස සිතා සිටින සතුන් ප්‍රමාණයක් තිබේද? යමක් කියන්න කලින් බුද්ධිමත්ව ඒක ගැන තීරණය කර ප්‍රකාශ කරන්න, ඔබ ශ්‍රද්ධාවෙන් තොර බෞද්ධයෙක් නම් ඔවැනි ප්‍රශ්නයක් ඔබේ සිත තුළ ඇති වන්නේ නැත! (ස)