
(රංජන් කටුගම්පොල )
ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වෙනුවෙන් රුපියල් කෝටි දහයක්වන්දියක් ඉල්ලා හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඒ මහතා විසින් ඉල්ලා අස් කර ගන්නා ලදි.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවට අධිකරණයට දැනුම් දුන්නේය අධිකරණයෙන් ඊට අවසර ලැබණි.
මෙම අයිතිවාසිකම් පෙත්සම වැඩ බලන අගවිනිසුරු මෘර්ද ප්‍රනාන්දු සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහත්ම මහත්මීන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටි පෙත්සමේ මෙසේ සඳහන්වේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන පොට හොද නැ
ඔය කාලකණ්නියා විඳව විඳවා මැරෙන්න ඕනෑ. මේ රටේ ලෙඩ්ඩුන්ට කරපු අපරාධයට...