(ගයාන් සූරිය ආරච්චි සහ යොහාන් භාසුර)
රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රෝගී තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා පැවසීය.
බන්ධනාගාර වෛද්‍යවරයාට යොමු කිරීමෙන් අනතුරුව වෛද්‍ය නිර්දේශය අනුව රඹුක්වැල්ල මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව දිසානායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ පපුව හෝස් ගාල ගියා අප්පා!
දූෂිත දේශපාලුවෝ කොහොමටත් රෝගී තත්වෙට පත්වෙලා, අන්තිමට නිදහස් වෙන බවත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
ලෙඩේ හොඳ වෙයි.. අර එයාම ගෙන්නවපු බෙහෙතම දුන්නා නම්..!
පොලිසියෙන් බාල්කයක එල්ලලා ගහන්ඩ ඇති. බැල්කණියෙන් වැටිලා කකුලත් කැඩුණු මනුස්සයා. පව් අප්පා...!
දූපත් ජනයාගේ මුදල් හොරාකාලා, දැන් හොර ලෙඩ, ලැජ්ජා වෙන්න.
අහිංසක මිනිස්සුන්ට බෙහෙත් කියලා වතුර ගහපු මේ අයට හෙන ගහන්න ඕනෑ. කී දෙනෙක්ගේ ජීවිතේ නැතිවෙන්න ඇතිද හොර බෙහෙත් නිසා...!
පශ්චාත් ප්‍රෙද්ශයේ අමාරුවක් වෙන්න ඇති... උත්සාහ කළේ මිලිටරේම ඉන්න අයගේ පශ්චාත් ප්‍රෙද්ශ පරීක්ෂා කරන්නද? එයාම ගෙන්නපු බාල බෙහෙත් දුන්නානම්...?
හෙට උදේ ලැබෙන පුවත මෙන්න. වෛද්‍ය නිර්දේශය අනුව වැඩිදුර පරීක්ෂාව සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී.
හොර බෙහෙත් මෙයාටම පොවන්න ඕනේ ...
බැසිල් රාජපක්ෂ උත්තමයාටත් ඔහොම වුණා බන්ධනාගාරයට ගිය ගමන්ම. කතා කරන්නවත් බැරුව වගේ ෂෝ එක...
එයාට හොර ලෙඩ...
ලෙඩා මරගාතේ දැන්වත් විශ්‍රාම ගනිල්ලකෝ ඔය ඇමැතිකම තරුණ මන්ත්‍රී කෙනෙකුට දීලා. තවත් පවු පුරවාගන්නේ නැතිව...
ප්‍රගුණ කරන්න. ආවට පසු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති...!
රෝහල් ඉස්සරහ මල් ශාලා තියෙනවා...
තන්හාය ජායතී සෝකෝ... තන්හාය ජායතී භයං.... කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒවා පාඩම්කර විභාගයට ලියා සමත්වෙන්න විතරක් නොවෙයි තම තමන්ගේ ජීවිතය සාර්ථක කර ගන්නත් එක්කම තමයි බුදුහාමුදුරුවෝ දේශනාකළ දේවල් වැරැදියි කියලා ඔප්පු කරන්න ගියාම ඔහොම වෙනවා... බාල බෙහෙත් ගෙන්වීම කළා මදිවට ජනතාව උද්ඝෝෂණ කරද්දී ඉල්ලා අස්වෙලා ගියා නම් සතෙක් වගේ කූඩුවක දාන්නේ නැහැනේ උන්නැහේ...!
හිට්ලර්ගේ හමුදා නිලධාරියෝ මිනිස්සු මැරුවේ ගැස් කාමරවල දමලා, වස දීලා, නමුත් ඔවුන් මැරුවේ තමන්ගේ ජාතියේ මිනිස්සු නොවේ... මේ සෙට් එක මුදල් තණ්හාවට විස එන්නත් දීලා තමන්ගේම ජාතියේ අහිංසක මිනිස්සු මරා දමනවා. මෙම චෝදනා සත්‍ය නම් මොවුන්ට සෞදි අරාබියේ ගල්ගසා මරා දැමීම වැනි දඬුවමක් දීම සුදුසුබව මම සිතනවා..
කාලකණ්ණි, වෙඩි තියන්න ඕනේ..!
බන්ධනාගාර ඩොක්ටර්ට හොඳ කුට්ටියක් ලැබෙන්න ඇති. මට තියෙන සැකේ බන්ධනාගාර රෝහල ළඟ මල්ශාලා නැද්ද දන්නේ නෑ..?
කිසිම ලෙඩක් නැතුව ඉතා හොඳට හොරා කකා ඉන්න දේශපාලකයෝ මොනවා හරි දේකට බන්ධනාගාර ගත වූවොත් එදාම ලෙඩ වෙනවා. ඒ ඇයි?
හොරුන්ගේ නරි නාටක... ගොන්නු රවටන්න...!
මොවුන්ට හරියට නීතිය ක්‍රියාත්මක කරන්න නම් මාලිමාවේ ආණ්ඩුවක්ම එන්න ඕනෑ...!
ඔය මිනිහා ගෙදර එවන්න... අපි දන්න නාට්ටි නටන්නේ නැතුව.
බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ට රැඳවියෙකුව රෝහලට ඇතුල් කරන්න ඕන සුදුසුකම් දන්නවා නම් ලියා එවා... වටිනා ත්‍යාගයක් හිමිකර ගන්න...
මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව නියෝජනය කරනකොට ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරලා, යෝජිත නැතිනම් අයින් කරන්න ඕනෑ. අත්අඩංගුවට ගත්තාම රෝහලට නොයවා...
එයාගේ බාල බෙහෙත් එයාටම දෙන්න... එක්කෝ ලෙඩේ ඇරෙන්න දෙන්න.
බඩේ අමාරුව වෙන්න ඇති...
මීටවඩා හොඳයි දේශපාලකයින් සිරගත කරන කොළඹ බන්ධනාගාර ටික රෝහල් බවට පත්කළා නම්...!
තෝරු, මෝරු වාට්ටුවට... හාල් මැස්සෝ කූඩුවලට...!
මේක මොනතරම් විහිළු සහගත සිස්ටම් එකක්ද? මොවුන් පාර්ලිමේන්තුවේ ඉන්න කොට කොල්ලො වගේ..., කටේ සද්දේ බලන්න ඕනෑ. බලුවැඩ කරලා හිරේදාන්න හදනකොටම ලෙඩ වෙනවා. කවදාහරි දවසක මේවාට සහය දෙන හොරා, දීන දොස්තරටත් පාඩමක් උගන්නන්න ඕනෑ...
සෑම රෝහලක් ඉදිරිපිට මල් ශාලාවක් තියෙනව කිව්වේ මෙතුමා නේද? එතකොට බන්ධනාගාර රෝහල ඉදිරිපිටත් එහෙමද? එක රටක් සහ නීති ගොඩක්...!
දේශපාලන කාලකන්නින්ට රටේ ධනය හොරා කනකොට ඉහෙන් බහින ලෙඩක් නැහැ... නමුත් ඔවුන් සැකකරුවෙක් විදිහට හෝ වැරැදිකරුවෙක් විදිහට බන්ධනාගාර ගතකළාම දොස්තරයෙක්ව අල්ලාගෙන බොරු ලෙඩක් හදාගෙන බන්ධනාගාර රෝහලට රිංගනවා... දුමින්ද කලේත් ඕකමයි බලවතුන්ට එක නීතියක් දුබලයාට තව නීතියක්...!