කහවත්තේ දී පසුගිය පස් වැනි දා අළුයම වෙඩි පහරට ලක් වූ ශාන්ත දොඩංගොඩ එක්සත් ජාතික පාක්ෂිකයා රත්නපුර මහ රොහලේ දැඩි සත්කාර ඒකකයේ දී අද මරුමුවට පත් විය.
කහවත්තේ ඡන්ද රැලියක් සරසමින් සිටිය දී ඔහුට වෙඩි වැදිනි.
ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර (චෙකා මල්ලි) සබරගමුව පළාත් සභා මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභා සභාපති වජිර අත්අඩංගුවට ගන්නැයි දිනේශ් ලක්මාල් ද සිල්වා සහතා පෙරේදා (05) පොලිසියට නියෝග කළේය.
එහෙත් පොලිසිය ඔවුන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
මෙම වෙඩි තැබීමට තමා සම්බන්ධ නැතැයි ‘චොකා මල්ලි‘ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිවිදුන් ඔබට නිවන් සුව! (නි)
නහින දෙහින කලේ පිනක් දහමක් කරන ඉන්නේ නැතුව ගියා දේශපානය කොරන්න. කාටත් ඕව හොද පාඩම්. (නදී)
මේ වගේ පුවත් වලදී බන්දුල පෙරේරාව හොයා ගන්නවත් නැහැ හැංගිලා ඉන්නේ.මොකද එයාම දන්නවා එයාගේ අදහසට ලැබෙන ප්‍රතිචාර ඇගට එතරම් ගුණ නොවන විත්තිය.(නදී)
යහපත් රටක් හෙට සිට අරඹමු.ඒ වෙනුවෙන් දිවිපිදු ඔබට නිවන් සුව! (නි)
ඔබ විරුවෙකි ! (නදී)
වෙඩි තැබීමට සම්බන්ධ නැත්නම් පැනලා ගියේ ඇයි? (නි)
මොකද පොලිසිය තවම බලාගෙන ඉන්නේ? ජනතාව නියම තත්ත්වය තේරුම් අරගෙන සුදුස්සා සුදුසු තැන තැබිය යුතුය. (නි)
මේකද රටේ තත්ත්වය? (නි)
මෙම වෙඩි තැබීමට තමා සම්බන්ධ නැතැයි චොකා මල්ලි කියනවා නම් ඉතින් තව මොනවද? එතුමා බොරු කියනවද? (නි)
මෙන්න ලංකාවේ නීතියට වෙලා තියෙන දේ. දැන්වත් බුද්ධිමත් වෙන්න. (නි)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් (නි)
උසාවියට ඉදිරිපත් කරන්න බැරිනම් සැඟවූ ආයුධ පෙන්වන්න ගෙනියන්නවත් පොලිසියට බැරිද? (නි)
අහිංසක මිනිසුන්ට වෙඩිතැබූවන් ගැන මට නම් ඇත්තේ පුදුම තරහක් (නි)
ජනවාරි 9 වෙනිදා උදේම අපි මේවාට පිළිතුරු දෙන්නම් (නි)
මොනම දේශපාලන මතයක් දැරුවත්, මිනිසුන්ව මේ විදියට ඝාතනය කරන එක නම් මහා අපරාදයක්. (ර)
නිවන් සුව ප්‍රර්ථනා කරමු .පව්ලේ අයට ශෝකය ප්‍රකාශ කරමි. (ර)
ඉක්මනටම අනිත් අයත් අත්අඩංගුවට ගනී කියල අපි විශ්වාස කරනවා. (නදී)
මේ වගේ ප්‍රචණ්ඩ වැඩ කරලද ඡන්දය දිනන්න හදන්නේ ? පවු අහිංසක ජීවිතයක්! හෙට ජනතාව නිසි පිළිතුරක් දෙයි. (නි)
රටට ගිය කලක්! (නි)
වරදක් කළේ නැත්නම් මොකටද ගමෙන් පැන්නේ?දැන් උණගැනිලා ඇති කළ මෝඩකම මතක්වෙන ගානට . (නි)
පොලීසිය ස්වාධීන ආයතනයක් බවට පත්කළහොත්, ලංකාවේ කිසිම අපරාධකරුවෙකුට හැංගෙන්න පුළුවන්කමක් නැහැ. ඇත්තටම අපේ පොලීසිය දක්ෂයි . කරන්න ඕනෑ, එයාලගේ රාජකාරියට පිටතින් අතපොවන එක නතර කරන එකයි. රට මෛත්‍රී පාලනයක් වෙනුවෙන්, වෙනස්විය යුතුයි . (නි)
9 වෙනිදාට පසුව හයපත් හෙටක් ගොඩ නඟන්න අදිටන් කරගෙන හංසයාට ඔබේ කතිරය ගසන්න.චොකා මල්ලිලාගෙන් තොර සාමකාමී රටක් ,යහපත් දැයක්! (නි)
මෙවැනි වාතාවරණයක් තුළ මෙ රට සුරක්ෂිත රටක්ද?මෙවැනි රටක අනගතය සුබ වේද? (නි)
නීතියක් නැති රටක්. මිනිස්සු මරන්නේ බල්ලෝ බළල්ලු මරනවා වගේ. යහපාලනයක් වෙනුවෙන් 8 වෙනිදා පෙළගැසෙමු. (නි)
කට්ටිය 9 වෙනිදා වෙනතුරු මොකටද දන්නෙ නැහැ බලාගෙන ඉන්නේ? අනේ පවු! (නි)
අද දවසේ මොළය පාවිච්චි නොකළොත් මේක අපි හැමෝටම මුහුණ දෙන්න වෙන්න පුළුවන් දෙයක්. (නි)
වැරදිකරුවන්ට උපරිම දඬුවම් දෙන්න (නි)
මොන පක්ෂයේ වුවත් මේ නැතිවෙන්නේ වටිනා ජීවිත නොවේද? (නි)
8 වෙනිදා වෙනතුරු ඉවසන්න (නි)
අපරාදේ ජීවිතයක්! (නි)
රට වෙනුවෙන් දිවි පිදු ඔබට නිවන් සුව! (නි)
පිවිතුරු හෙටක් සඳහා දිවිපිදු ඔබට නිවන් සුව පතමි. පවුලේ අයට මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. (නි)