කහවත්තේදී ඝාතනය වූ නයනා නිල්මිණි (52) හා ඇගේ දියණිය කවින්ද්‍යා චතුරංගිගේ (17) නියපොතු සාම්පල්වල ජීව කොටස් සැකකරුවන්ගේ ජීව කොටස් සමග ගැලැපේ දැයි සොයා බලන ලෙස පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය රත්නපුර රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළාය.
ගොඩකවෙල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එල්.එච්. ධර්මසිරි ඔහුගේ සොයුරු දර්ශන හෙවත් රාජු, රාජුගේ බිරිය උදයකුමාරි හෙවත් අශෝකා හා ත‍්‍රිරෝද රියැදුරු ජයසේකර හෙවත් චූටිමල්ලී සැකකරුවෝය.
ඞී.එන්.ඒ. ජාන පරීක්ෂණය සම්බන්ධයෙන් රහස් පොලිසිය සැකසූ වාර්තාව ගැන නොසතුට පළ කළ මහේස්ත‍්‍රාත්වරිය, එය සංශෝධනය කැර ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සහය ලැබී නැත. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී වෙනුවෙන් පෙනී සිටීමට කැමැති බව ලිඛිතව දන්වා ඇති නීතිඥවරයාට ලබන 30 වැනිදා පෙනී සිටින ලෙස ද මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට අපක්ෂපාතීව උපරිම දඩුවම් දෙන්න ඕනි
මේ ලොකේ ජීවත් වෙන්න තියන අයිතිය දෙන්නෙක්ට අහිමි කරලා,ඔහොම හිනා වෙලා වැඩක් නෑ,
සෝභන හිනාව... එලොව මෙලොව දෙකේදීම පළදෙන වැඩක් කරලා තියෙන්නේ..
නීතියෙන් වැරදි කරුවන් උනොත් උපරිම දඩුවම ලැබේවා
මේ දවස් වල ගහන අකුණු වදින්න ඕනි හම් වගේ අයට තමයි
මොවුන්ගේ මුහුණු වල තියෙන හිනාවෙන්ම ඔවුන් මොන වගේ අයද කියලා ඔබටම විනිශ්වය කරන්න පුළුවන් වේවි.
හරි අපූරු වැඩක් කරලා වගේනේ මේ අය හිනා වෙවී යන්නේ. මේ ගොල්ලන්ට උපරිම දඩුවම් දෙන්න ඕනි