කහවත්තේ කොටකෙතන ගමේ තවත් නිවසක ගින්නකින් 63 හැවිරිදි මහළු මව හා 32 හැවිරිදි දියණිය පිළිස්සී මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මීට මාස කිහිපයකට පෙර ද මේ ආකාරයටම මේ ගමේ ගෙයක් ගින්නට හසුවී අක්ක නගෝ දෙදෙනෙක් පිළිස්සී මරුමුවට පත්වූහ. මෙයද තවත් ඝාතනයක් විය හැකියැයි ගම්වැසියෝ කියති. මේ ගමේ දැනට සිදුව ඇති මෙවැනි අභිරහස් මරණ සංඛ්‍යාව 14 කි. මේ ඝාතන රැල්ල ආරම්භ වූයේ තනි තනි කතුන් මරා දැමීමෙනි. කතුන් දෙදෙනා බැගින් මරා දැමුණු තෙවන අවස්ථාව මෙයයි. පසුගියදා අක්ක නගෝ ඝාතනයට ලක්වූ නිවසට කිලෝමීටරයක් ඈතින් මෙම නිවස පිහිටා තිබේ.
- 2007 ජුලි 21 දින ඕපාත වත්තේ පදිංචි සෙල්ලයියා මාරියා (56) කෙළෙසා ගෙළ මිරිකා මැරීම.
- අඩකම්මලේ ආරියවතී (52) ගෙළ කපා මැරීම.
- 2010 ජුනි 04 කොටකෙතන ඞී. ඩබ්. බේබිනෝනා (48) කාන්තාව කෙළෙසා මැරීම.
- 2010 වසරේ දෙසැම්බර් 21 දින ඒ කොටකෙතන දිඹුල්වල සිරිවර්ධන මුදියන්සේලාගේ හින්මැනිකේ කෙළෙසා ගෙළ සිද මැරීම.
- 2011 අප්‍රේල් 03 දින කොටකෙතනට නුදුරු නිලදුරෙ ඕපාතගේ කරුණාවති (65) තියුණු ආයුධවලින් කපා මරා සිරුරට ගිනි තැබීම
- 2011 මැයි 31 දින කහවත්ත කෙළින් විදියේ ඞී.එම්. හින්මැණිකේ
- දින දහනවයකට පමණ පසු කොටකෙතන නිලදුර පදිංචි අවිවාහක කාන්තාවක්වු ඕවිටිගලගේ ජයන්ති (56) නැමැත්තිය ඝාතනය
- 2012 ජනවාරි 31 හෝ ඊට ආසන්න දිනයක දී කොටකෙතන පදිංචි පිලානගොඩ කන්දගේ නයනා නිල්මිණී (52) මව සහ එස්.එච්. කාවින්ද්‍යා චතුරංගනි සෙල්ලහේවා (19) ඝාතනය.
- 2012මැයි 31 හෝ ඊට ආසන්න දිනයක දි වරාපිටියේ සිටි සේතුංගගේ දයාවතී (61) වැන්දඹුව සහ ඇගේ නැගණිය වු සේතුංගගේ තිලකාවතී (51) අවිවාහක කාන්තාව ඝාතනය.
- 2012 ජුලි 19 කහවත්ත පාසල අසල පදිංචිව සිටි එල්.ඒ. පේ‍්‍රමවතී (63) මව සහ දියණිය පුෂ්පා කුමාරි නැමැති තිස් දෙහැවිරිදි අවිවාහක කාන්තාවයි. ඒ 19 දින මරා කාමරයකට දමා නිවසට ගිනිලෑම.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම උනාට පස්සෙබල්ලෙක් දාලා හොයන්න තමයි තියෙන්නෙ බල්ලට ගිය නීතියක් තමයි.
කකුළුවා කෙලින් යනවානම් පැටවත් කෙළින් යාවි..??
මිනීකන්නන්ගේ පාරාදීසය..
ඔක්කොම ප්‍රතිචාර යන්නෙ කොහෙද මල්ලෙ පොල්...
භයානක පළාතක් වගේ....
කියන්න තියෙන ඒවා ඔක්කොම කියලනේ..ඉතින් මොනවා කියන්නද ??
අදහස් පළ නොකරමි..
ඇයි කහවත්ත පැත්තේ කාන්තාවන් කීයක් හරි බිලි දීල ගන්න නිදානයක් වත් තියෙනවද ???????
ඇයි කහවත්ත පැත්තේ කාන්තාවන් කීයක් හරි බිලි දීල ගන්න නිදානයක් වත් තියෙද???????
SF ඔබ කොහේද ???
ඇනෝමිකා ගේ අදහස හරි කියලා මටත් හිතෙනවා දැන්. මෙර්‍චචර දෙයක් වෙද්දී වගකිව යුත්තන් මරනින්දේ..... ර්‍මෙ ගමෙ අය ජීවත් වෙන්නේ භයෙන්....
එල්ලුම්ගහ ගේන්න කාලය හරි නේද?
කහවත්තේ අයටම මෙහෙම වෙන්නේ....ඔයාලට මොනවා වැඩිද ???? නැත්නම් අඩුද ????
තිස් අවුරුදු යුද්දෙ ඉවරයි කියලා පම්පෝරි ගහනවා.. රටම එකම මළගෙයක්..
පැනපු කොටි එක්ක කට්ටිය වැඩ පටන් ගෙනද හොයල බලන්න!!!
මිනීමරණ එක දැන් විනෝදාංශයක් වෙලා....
එල්ලලා මරන්න නිති පනවනවා. එලුලම්ගහ හරියට ක්‍රියාත්මක විය යුතුයි........ ආණ්ඩුවට කියනවා.
මටනම් පෙන්නේ මහා භයානක ලාතක් වගෙයි ... මිනිස්සුත් ඒ වගේමද දන්නේ නැ ?
අපේ ආචාර්යතුමා මේගැන මොකද කියන්නේ ?
කෝ අපේ මහදැන මුත්තා.. ආචාර්යය..
මේවට ආණ්ඩුව වග කියන්න ඕන.. යුද්ධය ඉවර කළාම ඒක කළේ ආණ්ඩුව නම් මේවට ආණ්ඩුව වග කියන්නෙ නැද්ද? රජයට සම්බන්ධ අය මේවගේ වැඩ කරනකොට අනිත් අයත් කරනවා.. අනෝෂිකාගෙ අදහසත් ගොඩක් හොදයි..
කහවත්තේ විතරද ගෑනු ඉන්නේ.................?
ඉන්දිරාවත් එල්ලන්න ඕන කියන කතා වලට ..
කවුද මේක කෙරැවෙ කියලා ළගදිම අපට දැනගන්න ලැබේවි..!!(නු)
කහවත්ත ඔය කියන තරම් නරක නගරයක් නෙමෙයි.. ඡන්දෙත් ළග නිසා අනිවාර්යයෙන්ම හොයනවා.. කලින් අපරාධකරපු අය ඔක්කොමත් ඇල්ලුවනේ..(නු)
මේ දේවල් වලට ආණ්ඩුව වගකිව යුතු නැහැ. (නි)
හැමෝම හිතන් ඉන්නේ කහවත්තේ ගෙවල් එකකවත් පිරිමි නෑ කියලද? මේවා වෙන්නේ එක ප්‍රදේශයක විතරයි. මේ හැම දේකටම හේතු කාරණා තියනවා. නැතුව ආවට ගියාට මීනී මරණ අය කහවත්තේ නෑ. කහවත්තේ මිනිස්සු අතර සමගියක් නෑ කියන්න කාටවත් අයිතියක් නෑ. (ත)
අපි හැමෝම මැරෙනවා. මේ මැරෙන විදිය ආශ්චර්යයක් නෙවෙයිද ? (සවි)
කහවත්තට තාම දක්ෂ පොලිස් නිලධාරිතුමෙක් ඇවිල්ල නෑ වගේ මට නම් පේන්නේ. (නි)
මරණ පිළිබද තොරතුරු සොයාගන්නා ආකාරය ප්‍රසිද්ධියේ අනාවරණය කිරීමෙන් වැළකිය යුතුය යන බවයි මගේ අදහස. එයින් ඒවා සාක්ෂි නැති මරණ බවට පත් කිරිමට මිනීමරුවෝ දැනුවත් වෙති. (නි)
ලෝක විනාශය යනු මෙයද? (නි)
පාලකයිනි. ඇස් කණ වෙලා ද , දැන්වත් එල්ලුම් ගහ ගේන්න. (සවි)
බලන්න ඒ ගෙදර හැටි. උඩු ගානේ ඉස්සරහට ජනේලයක්වත් නෑ. මිනිස්සු ඉන්නෙ හැංගිලා වගේ. අත්භ+ත පැත්තක්. ආණ්ඩුවටම බැනල වැඩක් නෑ. මේවා පළාතේ මිනිස්සුන්ගේ වැරදි. (සවි)
ඒල්ලුමි ගස් ගැන කතා කරලා වැඩක් නෑ. කොල නැති ගහ දැමිමම නීතිගත කරන්නැහැ.
නුවර වගේ කහවත්තෙත් කොල්ලො නෑ වගේ.....
කහවත්තේ කොන්ද පණ තියන අය නැ. දැන් මිනිස්සු අතර කිසි සමගියක් නැ. මේ රටේ ඉන්න දේසපාලුවෝ මේ රට කාලා ඉවරයි. පරීක්ශන කරලා ඉවර වෙනකොට මුළු කහවත්තම විනාස වෙයි. නීතිය ඉක්මනටම කරන්න.
ඇයි මෙහෙම වෙන්නේ? කට වැඩි අයත් ඉන්නවා තමයි.ඒත් මැරෙන්නේ කට අඩු අයනේ.
රජයට බණින්නේ නැතුව අපරාධකරුවන් සොයා ගන්න පොලිසියට සහය වෙන්න.
පළමුවෙන්ම මගේ බලවත් කණගාටුව . මේකේ දැන්වීම් දාන මහා බලගතු මන්ත්‍රචාර්ය වරුටවත් බැරිද මේ ගැන හෝඩුවාවක් වත් දෙන්න
සැළසුම්සහගත කොටින්ගෙ වැඩක්වත්ද??
කහවත්තෙ කාන්තාවො ඔක්කොම අපේ ගමට ගෙනත් බාර දෙන්න පොලිසියට බලාගන්න බෑරිනම්.
රටේ වෙන සැම අපරාධයකටම පවතින රජයට දොස් කියන්න එපා .ඕනෑම දේකට පොලිසියට ඇගිලි දික්කරන්න එපා මේවා වෙන්නේ ඇයි කියල හොයල බලන්න ඕනේ
දැන් ශ්‍රී ලංකා පොලීසියේ ඉන්නේ ස්කොට්ලන්ඩ්යාඩ් එකේ ලෙස්ට්‍රේඩ් සහ ටෝබියස් ග්‍රෙග්සන් වගේ විහිළුකාරයෝ......ෂර්ලොක් හෝම්ස් කෙනෙක් කවදා බිහිවෙයිද....?
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා........
පාලකයිනි, මේ වෙන අපරාධ වහාම නවත්වන්න පියවර ගන්න. මේ නැතිවෙන්නේ මනුස්ස ජීවිත
දැන් මිනිස්සු නීතියට බය නැහැ. එල්ලුම් ගහ ක්‍රියාත්මක කළා නම් ඉවරනේ
දැන් ලංකාව කියන්නේ කාන්තාවන්ට ජීවත් වෙන්න සුදුසු රටක් නොවෙයි
බොරුවට ආණ්ඩුවට බනින්න එපා. මෙතන මොකක් හරි අමුතුම දෙයක් වෙනවා.මේ ගැන පුළුල් පරීක්ෂණයක් කළ යුතුයි.
කොච්චර තව කාන්තාවන් මැරුණත් පොලිසියට බැහැ මෙයාව හොයන්න. අනේ! ආශ්චර්යය...
අවුරුදු 30 ක යුද්ධය ඉවර කරානම් ඇයි මේ අපරාධ නවත්වන්න බැරි.....
මේවා කරන්නේ කහවත්තේ මිනිසුන්ට ගම එපා වෙන්න. මේ වගේ මිනීමැරුම් වෙනකොට මිනිස්සු ඉඩම් ලාබෙට විකුනනවා. නැතිනම් අත ඇරලා යනවා. පස්සේ අවශ්‍ය මිනිස්සු ඒ ඉඩම් අල්ලා ගන්නවා, මැණික් ගරන්න. රට පව්කාරයන්ගෙන් පිරිලා.
අහෝ රටේ හෙට දවස ....
අපරාධ 100 % වැඩිවෙලා....අහෝ රටකට ගිය කල
කහවත්ත හරියට ගෝල් දේශය වගේ වෙයි....
මෙහෙම මේ රට ඉදිරියට යන්නේ කොහොමද ???
මම නම් හිතන්නේ ඔය ගමට මොකක් හරි ශාපයක් වැදිලා
පෝරකේට නියමවෙච්ච් කට්ටියට කහවත්තෙන් ගෙවල් හදල දුන්නනම් අලුගොසුවන්ට සම්මුඛ පරීක්ෂණ තියන්න ඕනේ නැ
ඔන්න අශ්චර්ය ! සුබ අනාගතයක් !
@ඉන්දිරා, ඔය විදිහට කියන්න එපා. ඒ මිනිස්සුන්ට කරදරයක් වෙලා තියෙන්නේ.
මේ ආණ්ඩුවට පෙන්නේ නැද්ද මේවට විසදුම් හොයන්න ....
කට වැඩි ගැණුන්ට ඔහොම වෙනවා . කහවත්තේ ගැණුන්ගේ කට වැඩියි .
ඊලග 1 කි. මි. ඉන්න කට්ටිය ඔන්න ඔයාල තමා පරෙස්සම් වෙන්න ඕනේ තව මාස 2 කින් විතර. හරි ආඩම්බරයි නේ?
මදුරුවෝ මරනව වගේනේ මිනිස්සු මරන්නේ. ලොකු හේතුවක් ඇති. රටට දෙයියන්ගේම පිහිටයි
ඔහොම කට්ටියව එල්ලලා මරන්න ඕනේ
භුමි දෝෂයක් තියෙන්නේ මේ පළාතට.පුදුම විදිහට නේ කාන්තාවන් මැරෙන්නේ මේ පැත්තේ.
ආණ්ඩුව වහා ඉල්ලා අස්වනු!
එන්න එන්නම මේ රජය ඇතුළේ මිනීමැරුම්, දූෂණ, වංචා වැඩි වෙනවනේ.
නිවන් සුව ලැබේවා !!
අනේ දෙයියනේ දැන්නම් කහවත්ත කියත්දිත් බයයි............
කහවත්තට මොකක්ද මේ වෙන්න යන්නේ.......? රර්‍ටෙ නිතියේ තියෙන දුර්වල කම තමයි මේ හෙණේට මුල
ඉන්දිරා ඔයා මොනවද මේ කියන්නෙ.. ඔබ ඇත්තටම ගැහැණියක්ද? ලැජ්ජාවෙන්න මේ අදහස්වලට, ලංකාවට මහෙම වෙලා තියෙන්නෙ ඔයාල වගේ අය නිසා තමයි.. මම ඔබේ අදහසට විරුද්ධයි..
දැන් කවුරුහරි දේශපාලඥයෙක් හරි උගතෙක් යයි කියාගන්නා පණ්ඩිතයෙක් හරි කියයි මේවාට මාධ්‍යත් වග කියන්න ඕන කියල, මම ඒ අයගෙන් අහන්න කැමතියි මාධ්‍යය නැත්නම් කොහොමද රටේවෙන තොරතුරු දැනගන්නේ කියල? මොනවා උනත් රටේ දරුණු අපරාධ රැල්ලක්නම් තියනවා, ඉක්මන් පියවරක් නොගත්තොත් රට තවත් ඉරාකයක්, ඇෆ්ගනිස්ථානයක් වෙන එක වලක්වන්න බැහැ...
මෙවැනි එසැණින් පවුත් පළකරන ලංකාදීප අන්තර්ජාල පිටුවට ස්තුතියි..!!
සමන් ඔයා හරි. ඕක දකුණේ වුනා නම් දකුණේ ඉන්නෙ යක්ෂයො වගේ මිනිස්සු කියල දකුණේ ඉන්න මිනිස්සුන්ට බනීවි. රටේ සමහර මිනිස්සු තාමත් අර පහතරට මිනිස්සු ගැන හණමිටි අදහස් නෙ දරන්නෙ
මෙතනනම් මොකක් හරි අභි රහසක් තියෙනව. හරියට උත්සහ කරනවන නම් පොලීසියට හොයාගන්න බැරි වෙන්න විදිහක් නෑ නේ....
කඩවත,සබරගමු පැත්තේ ඡන්ද ඉල්ලන අයට බැරිද ඔය පැති වලට හරිහමන් ආරක්ෂාවක් දෙන්න?
මම කාගේවත් පාත්තක නැහැ. හැබැයි රටේ තරුණයෝ ආයුධ අතට ගන්න කාලයක් එයි වගේ ළගදීම.
ඇයි කහවත්තේ ගැහැණු අය මෙච්චර තනිවෙලා ඉන්නේ ?
මේවා පොලිසියට පමණක් නතර කරන්න බැහැ. ඡනතාව අවදියෙන් ඉන්න ඕනේ. පොලිසියට යන්න කලින් ජනතාව ඒකතු වෙලා දඩුවම් දෙන්න වැඩ පිළිවෙලක් හදාගන්න.
ඇයි ඔහොම කහවත්තටම බනින්නේ ? අපරාධ වෙන්නේ කහවත්තේ විතරද??.. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ වලට අනිත් අය මොනවා කරන්නද ???
මේවට කාටවත් බැනල වැඩක් නැහැ ලොකු වෙනසක් විය යුතුයි තද නිති පනවා හරියට ක්‍රියාත්මක විය යුතුයි
ගොඩක් දුකයි,අපිත් ඉන්නේ බයෙන්.
දැන් මිනිස්සු නීතියට භය කරවන්න එල්ලුම් ගහ ක්‍රියාත්මක කළ යුත්තක්
දැන් ඉතින් මේක තමා රටේ නිව්ස් එක වෙන්නේ. ..... ඕක තමයි මේ ඔක්කෝට හෙන.....
වගකිවයුත්තන් නිදිද?
මෙව දකුණේ වෙනවා නම් දකුණේ අපිටත් බනියි. ලොක්කොන්ටත් බනියි. දැන් පේනවනෙ.
පොඩ්ඩක් සෝදිසි කරලා බලන්න මේ කිට්ටුව මැණික් පතලක්වත් තියෙනවද කියලා.