පසුගිය මාර්තු 17 වැනිදා මොරටුව පෞද්ගලික මූල්‍ය සමාගමක් කොල්ලකා රුපියල් කෝටි 2 කට අධික රන් භාණ්ඩ හා රුපියල් ලක්ෂ පහ හමාරක් කොල්ලකා පළා ගිය බව කියන සැකකරුවන්ගෙන් අයකු හෝමාගම හබරකඩදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ හබරකඩ නිවසේ කෙසෙල් පඳුරක් යට සඟවා තිබියදී ග්රෑම් 75 රන් මාල 3 ක් හා ටී56 උණ්ඩ 20 ක් සොයාගැනීමට පොලිසිය සමත්විය.
කොල්ලකන ලද ඉතිරි භාණ්ඩ හා අනෙක් සැකකරු සොයා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවුන් හොරකම් හෝ අනෙකුත් විනාශකාරි කටයුතු කරන්නේ හරියට අහුවෙන්නේ නැහැ කියලා හිතාගෙන. (බ)
පුදුමයි! අපි හිතුවේ මෙලහකටත් ජපානේ ඇති කියලා ? (ර)