කහටගස්දිගිලිය නගරයේ යතුරු පැදියකින් ගිය ආබාධිතයකුට කහටගස්දිගිලිය පොලිසියේ රථවාහන අංශයේ දෙදෙනකු අගහරුවාදා (22) උදෑසන බිම පෙරළාගෙන පහර දී ඇතැයි ප්‍රදේශවාසිහු කියති.
එක් පාදයක් නොමැති ආබාධියාට යතුරුපැදිය නවතන ලෙස රතවාහන රාජකාරියේ නිරතව සිටි දෙදෙනා අණ කර ඇත. ඔහු අණ නොතකා යතුරුපැදිය ධාවනය කළ බවත් කහටගස්දිගිලිය ප්‍රධාන බස්නැවතුම අසලදී පහර දෙන අවස්ථාවේ ඔහුගේ බොරු කකුලද ගැලවී ඔහු පදික වේදිකාවට ඇද වැටී ඇති බවත් ඔහුට පහරදෙන හැටි විශාල පිරිසක් බලා සිටියත් ඊට විරෝධය පළ කිරිමට ඉදිරිපත් නොවු බවත් කියති.

![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/0112.jpg)
![02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/0212.jpg)
![p_02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/p_021.jpg)
![Snapshot_7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/Snapshot_71.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය අත්අඩංගුවට ගන්න අවම බලය පාවිච්චි කරලා තියෙනවා. ලංකාවේ මිනිස්සු අනුකම්පාවයි. හරිම හැඟුම්බරයි. හරි ඉක්මනට තීන්දු ගන්නවා. කෙටි සිද්ධියක් බලා ලොකු තීරණ ගන්නවා. (නි)
ලැජ්ජයි ශ්‍රී ලංකා පොලිසිය! (නි)
ආබාධිතයෙක් වුණාට බලන්න හැසිරෙන හැටි. ඒ වගේ වරදකරුවෙක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පානකොට සාධාරණ බලයක් යොදන්න පොලිස් නිලධාරියෙකුට අපරාධ නඩු විධාන සංග්‍රහයෙන් බලය පැවරිලා තිබෙනවා. මට මේ පොලිස් නිලධාරියාගෙ කිසිම වරදක් පේන්නෙ නැහැ (නි)
අහිංසකයෙක් නිසා ගහන්න ඇති (නි)
අදහස් දමන බොහෝ දෙනෙකුට ඇත්තේ වෙන වෙන ප්‍රශ්නය. සමහරුන්ට යහපාලන අවුලක් පෙනෙන අතර, සමහරුන්ට පෙනෙන්නේ ඇමරිකාවේත් සිදුවන බැවින් අවුලක් නැතිබවයි. තව එක් බුද්ධිමතෙකුට පෙනී ගොස් ඇත්තේ ආබාධිතයන් මීට වඩා සංවර විය යුතුබවයි. අබාධිත නොවන අය එසේ හැසිරීමට අවශ්‍ය නැත. රටක් හැදෙන්නේ, වැරදිකරුවන්ට වඩා සාමාන්‍ය සමාජය වෙනස් නම් පමණි. වැරදිකරුවෙකු 'වැරදි' යැයි සම්මත දෙයක් කළ පමණින්, නීතිය සුරකින පොලිස් නිළධාරීන් ඇතුළු සමාජයද ප්‍රතික්‍රියා දක්වන්නේ එවන්ම වූ වැරදි ක්‍රියාවලිකින් නම්, වැරදිකරු සහ සෙසු සමාජය අතර වෙනසක් නැත. (නි)
5 පාස් වුනාම ඇති පොලිසියට බැදෙන්න නමුත් මේ මුරුගයා 5 තියා 1 වත් පාස් නැතුව ඇති (බ)
මෙවැනි දේවල් කරන පොලිස් නිලධාරීන්ට දඬුවම් දිය යුතුයි. (බ)
යහ පාලනය තියෙන්නේ දෙන්නෙක් ගාව විතරයි.(ම)
කිසිවෙක් වත් එම ක්‍රියාව ගැන විරෝධය පළ කළේ නැත. මෙයින් පෙනෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමී ගතිගුණ. කාට මොනවා වුනත් කට හොල්ලන්නෙ නැහැ. අපිට මොකද කියන පහත් තත්වයක ඉන්නේ. කළුතර පාලමෙන් කුඩා ළමයෙකු ගඟට දැම්ම වෙලාවෙත් මිනිස්සු කළේ වීඩියෝ කරන එක. (බ)
පේනවා නේද වැඩ .....පොලිසියේ විනයක් නැති උන් කොහොමද රට හදන්නේ ? (බ)
එංගලන්තෙ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ!! (බ)
මේ වගේ පොලිස් නිලධාරීන් නිසා තමා සමහර සිරකරුවන් පොලිස් සිර මැදිරි වල එල්ලිලා සියදිවි හානි කරගත්ත කියල නිවුස් වලට කියන්නේ ......අනේ අපේ රටේ පොලිසිය ...(බ)
පොලිස්පති තුමනි ඔබතුමා ඒගැන දන්නේ නැහැයි කියල ශේප් වෙන්න බැහැ (ම)
බීමතින්... පොලිස් අණ නොතකා ධාවනය කිරීමත් වරදක්... වෙඩි තියන්නත් පුළුවන්. (අ)
ඔව් ඔව් රුවන් මේ මොඩය නීතියට ගරු කලේ නැහැනේ. ගුටි කපු දෙන්. (අ)
අණ නොතකා දාවනය කලාම අල්ලලා දඩ කොලයක් දීම හෝ පොලිස් බාරයට ගැනීම මිස මේ විධියට පාරේ දමාගෙන ගහන්න නීතියක් තියෙන්නේ. මේවගේ පුහු චන්ඩි මෝඩ ය නිසා තම පොලිසිය හැල්ලු වෙලා තියෙන්නේ. චන්ඩි හොර අරක්කු පෙර්න්නෙක් ගාවට ගියාම මෙයාල අම්බානක කාලගෙදර එනවා. කකුල නැති එකට බිම පෙරළන් ගහනවා. වීඩියෝත් තියෙන එක අනිවාර්යෙන් වැඩ තහනමකට ලක් කාල යුතුයි (අ)
අනේ මන්ද අපේ රටේ අපි හැදෙන්නේ නෑ. මට මා ගැනම දුකයි. ඊළඟ ආත්මෙදෙවත් හොඳ තැනක ඉපදේවා. (අ)
බලමු අපේ අතිගරු පොලිස්පති තුමා මේකට ගන්න ක්‍රියා මාර්ගය මොකක්ද කියල (බ)
ඔන්න පේනවා නේද ලංකාවේ පොලිසි වල තරම. වැරදි කාරයා නිවැරදි කිරීම, නිවැරදි කාරයා වැරදිකරු කිරීම යන ඕනෑම දේකට හරි දක්ෂයි. අද කාලේ ලැප්ටොප් පරිගණක වල, මොබයිල් දුරකතනවල ඕන තරම් අසභ්‍ය දර්ශන වීඩියෝ පට. එයට ගැහැණු පිරිමි කියල බේදයක් නෑ.අසභ්‍ය දර්ශන ලැප්ටොප් පරිගණකයේ තිබීම හා කොටදෙණියාව දැරියගේ ඝාතනය අතර සම්බන්ධය මොකක්ද? අහිංසක පාසල් දරුවෙකුගේ ජීවිතය මේවිදියට විනාශ කරන්නේ මොවුන්ට දරුවන් නැති නිසාද ? පොලිසි වලට බඳවා ගැනීමේ පටිපාටිය මීට වඩා පුළුල් කළොත් හොඳයි. අධ්‍යාපනය මෙන්ම බුද්ධියටද ප්‍රමුඛස්ථානය ලැබිය යුතුයි. පාසලට එක දවසක් හෝ ගිය පමණින් පොලිසි වලට බඳවා නොගත යුතුයි. (බ)
උඹලා පොලිසියේ කරන වැඩ අපි නොදන්නවයැ. සැප කල?මුන්ව සැප නෙමේ හම ගහන්න ඕනේ (බ)
පොලිස් මැදිවියන් දෙදෙනා සේවයෙන් පන්නා දැමිය යුතුය. ගැලවිල යන්න දෙන්න බෑ. මෙහෙම ගියොත් ඉක්මනටම රටේ ජනතාව නීතිය අතට ගනී. මිනිසුන්ගේ ඉවසීමට සීමාවක් ඇති බව පාලකයන් වටහගත යුතුය. (ම)
වසන්ත අපේ රටේ විතරක් නෙවේ පොලිසිය කරන ඔයිට වඩා සිද්ධි ඇමරිකාවේත් වෙනවා පොඩ්ඩක් හොයල බලන්න. (අ)
ශ්‍රී සාර ඔබගේ අපක්ෂපාති අදහස් අගය කරමි (ම)
මනුස්සයත් නිකන් ඉන්නේ නැහැ ඉස්සරවෙලාම චන්ඩි කම් පෙනන්නේ අබාදියතය තමයි .තත්පර 0.02 දී ඒ බව පෙනෙනවා.ඊට පස්සෙත් ඔහු පොලිසියත් එක්ක පැටලෙන්න යන්නේ. තරමක් සාධාරණ පහර දීමක් (අ)
මේ වගේ පුංචි දේවල් වලට නම් අපේ පොලීසියත් හරිම දක්ෂයෝ කෝ හේමාල් ගුණසේකරට දඩකොල ලියන්න ගිහින් වෙච්දේ , රටේ පැහැදිලිවම නීති දෙකක් නැති බැරි එකාට එක නීතියකුත් බලය තියෙන එකාට තව නීතියකුත් (අ)
යහපාලනය හොඳ තමා (අ)
පොලිස්පතිතුමනි මේ අයට දඩුවමක් දෙන්න.කුඩු ගෙන එකෙක් දැක්කනම් සැලුට් ගහනවා (අ)
ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ සිට ඉහළට දේශපාලකයින්ගේ ඇඟිලි ගැසීම් වලට ලක්වූ පොලිසිය දවසින් දෙකෙන් නිවැරදි වෙයි කියලා හිතන්න අමාරුයි. පොලිස් කොමිසම සවිබල ගැන්වූ පසු ප්‍රමාණාත්මක යහපත් වර්ධනයක් බලාපොරොත්තු වෙමු. (නි)
කකුලක් නැති ආබාදිතයෙක්.එසේ වුණත් බීමතින් යතුරු පැදියක් ධාවනය කිරීම වරදක්. එවැනි පුද්ගලයෙක් පොලිස් නිලධරයකුගේ අණට කීකරුව වීම විනය ගරුක සමාජයක ලක්ෂණයක්. මොහු තරම මුරන්ඩුව හැසිරෙන බවක් පේනවා.පොලිස් නිලධාරියෙකුට ඇති බල තල අනුව අවම බලය යොදාගෙන අත්අඩංගුවට ගැනීමක් වෙලා තියෙන්නේ.මේකේ වරදක් මම දකින්නේ නැහැ.(අ)
මේක ලංකාවේ වෙන්න බැහැ (අ)
මුස්ලිම් මනුස්සයෙක් කළා නම් පාඩුවේ ඉදියි (බ)
මා ආබාධිතය. ලොකු චණ්ඩියෙක් වෙන්නත් පුළුවන් මොනව හරි ලොකු මැරවැඩක් කරන්න ගිහින් කකුල කපා ගත්ත කෙනෙක් පොලිසියට කොකා පෙන්නලා වගේ නේද ආබාධිතයෙක් මීට වඩා සංවර විය යුුතුයි. පාරේ යන අහිංසක මිනිස්සු හප්පලා දාන්නත් බැරි නැහැ (බ)
අවුලක් නැහැ අැමෙරිකාවත් ඔහොම තමයි, උන් නම් මරනවා. (බ)
අනේ ඉතින් මේ මනුස්සය කාර් එකක වත් අාවනම් ...පොලිසිය කොච්චර මානුෂික විදියට සලකනවද.....ටික කලකට ඉස්සර ගෑනු පරානයක් ..මහපාරේ රථවාහන පොලිසියත් එක්ක පැටලුනේ.....එ්ත් ඉතින් මෙයා ආබාධිතනේ.....තැලෙන යකඩ උඩ පැනපැන තලන හැටි ලෝකෙටම පේනවා නේද? කිරිවලට ගොම මුසු කරන මෙවන් නිලධාරීන් ගැන දැඩිව කටයුතු නොකළොත් ...මුළු දෙපාර්තමේන්තුවටම කැළලක් .....(බ)
කකුල නැති එකාට බිම ගෙන ගැහුවත් .. කළු වීදුරු දාපු වහනයක් දෙක්කම කාණුවට පැනල සැලියුට් ගහනවා .. (ම)
මේක පුත්තලමේ.මඩකලපුවේ,යාපනේ වුනානම් මේ නීතියමද .....?? (හේ)
පොලීසිය මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි. අද තිබෙන තාක්ෂණික උපාංග එක්ක මේවාට ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා (ම)
මෙහෙමත් පොලිසියක්! (නි)
අපොයි මට නම් බැහැ ඒ වීඩියෝ එක බලන්න.මම හිටියා නම් ඔතන ඒ අසරණයට ගහද්දි ඇත්තමයි හිරේ නෙමෙයි කොහේ ගෙනිච්චත් කමක් නැහැ ගහනවා පොලිසියට. පව්! අසරණ වුණු තරම වත්, වරදක් කළ තරමටවත්, මිනිහෙකුට මේ විදියට අමානුෂික අන්දමින් තඩිබාන්න අයිතියක් නැහැ. (නි)
මා ආබාධිතයාගේ පාර්ශවයේ නොවුණද දකුණු ආසියාතික කාකි ඇඳුම මීට වඩා මානුෂික විය යුතුය. පයක් නැති නිරායුධ පුද්ගලයකු පහරදීමේදී ඔහුට පහරනොදී පාලනය කර ගැනීමට කාකි නිලදරුවන් දෙදෙනෙකුට නොහැකි නම් ඔවුන්ගේ මහජන සේවෙයෙන් වැඩක් නැත. සාමාන්‍ය පුද්ගලයෙකුට වුවද පොලිස් නිලධාරීන් පහරදීම නොකළ යුතුය. (නි)
දැන් මේ පොලීසිය කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන එකද එතකොට ? කවුරු හරි කියනවද කොහෙද පොලීසියට මෙහෙම මිනිස්සුන්ට ගහන්න අවසර දීල තීන්නේ කියල. අරාබියේ වුණත් කස පාර දෙන්නේ නඩු අහල. (අ)
වැඩක් නෑ වැඩක් නෑ (බ)
නීතියට පටහැනිව කටයුතු කරන පුද්ගලයකු අල්ලා නීතියෙන් කටයුතු කරනවා මිසක පොලිස් පහරදීම තරයේ හෙළා දකිමි. දැන්වත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ පොලිස් පහරදීම වහාම වැළැක්විය යුතු බවයි. නැත්නම් කොහොමද අවිහිංසාවාදයක් ගැන කතා කරන්නේ? (නි)
එයාලට ආරංචි වෙන්නේ හැමදාම අසරණයෝ කරන දේ විතරයි (නි)
පොලිසියට කොහෙද අයිතියක් තියෙන්නේ ජනතාවට ගහන්න? මුලින්ම පොලිසියේ විනය හදන්න ඕනෑ. (නි)
කොහොම වුණත් රාළහාමිලා පහරදීපු එක නම් හරි නැහැ. ඒ වරදට දඬුවම් දීම උසාවියට අයිති වැඩක්. (නි)
නුසුදුසු පුද්ගලයින් සිවිල් සමාජය සමග වැඩ කරන්ට දැමීමෙන් සිදුවන භයානක ප්‍රතිපල තමයි මේ. (අ)
දැන්නම් පොලිසිය ගැනනම් කියන්නම දෙයක් නැහැ (ම)
පොලිසයේ මේ මහත්මයාට මොළයක් හදවතක් නැති බව පෙනේ (ම)
වේදනාව ඡන්දය දුන් අයටම පැවරේවා! (නි)