
(*** සුජිත් හේවාජුලිගේ)
වීදුරු හා උඳු මුවාවෙන් ගෙන්වූ රුපියල් කෝටි 11 කට වැඩි වටිනා කහ කිලෝ 33,000 ක කන්ටේනර් පෙට්ටි තුනක් රේගුවෙන් පිට කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන රේගු අධීකාරිවරු දෙදෙනෙක් හා වාප්පු ලිපිකරුවෙක් බ්ලූමැන්ඩල් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔරුගොඩවත්ත රේගු අංගණයේදී පෙරේදා (19) අත්අඩංගුවට ගනු ලැබූහ.
මේ සැකකරුවන් තිදෙනා අධිකරණයට අද (21) ඉදිරිපත් කිරීමට නියමිතය.
රේගුවෙන් නීති විරෝධීව පිටකර ගෙන තිබූ මෙම කහ තොගය අඩංගු කන්ටේනර් තුන බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබී බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පද්මලාල් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 17 වැනිදාය.
මේ ජාවාරම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දෙදෙනකු ඇතුළු දස දෙනෙක්ද මුලින්ම අත්අඩංගුවට ගනු ලැබූහ.
මේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකාර රේගු නිලධාරීන් දෙදෙනා හා වාප්පු ලිපිකරු පිළිබඳව තොරතුරු හෙළිවී යැයි බ්ලූමැන්ඩල් පොලීසියේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.
කහ ආනයනය රජය විසින් තහනම් කරනු ලැබ තිබෙන අතර එසේ තහනම් කර තිබියදී වීදුරු හා උඳු මුවවෙන් මේ කහ තොගය ගෙනැවිත් හොර රහසේ මෙසේ පිටකර ගෙන තිබූ බව පොලිස් පරීක්ෂණවලදී තොරතුරු හෙළිවී තිබිණ.
වීදුරු හා උඳුවලට යටින් කහ තොගය සූක්‍ෂම ලෙස සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබීය.
බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, කොළඹ උතුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, පොලිස් අධිකාරි නෙරංජන් අබේවර්ධන සහ සහකාර පොලිස් අධිකාරි අනුරාධ මහින්දසිරි මහත්වරුන්ගේ උපදෙස් මත බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පද්මලාල් මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන්වන ලියනගේ හා රංජිත්, පොලිස් සැරයන් පීරිස්, පොලිස් කොස්තාපල්වරුන් වන සිරිවර්ධන හා චතුරංග ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම කර වැඩිදුර පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශබන්දුගේ සෙල්ලම් ..කමක් නෑ ..එන්න අපි පොලිසියේ සහ රේගුවේ බබාලට කිරි පොවමු. එයාලා මුකුත්ම දන්නේ නෑ.
අහිංසක මිනිස්සුන්ට කන්න ගෙනාපු කහ ටික අල්ලන්න පුළුවන් වුණාට කුඩු කන්ටේනර් පිටින් වරායෙන් එළියට ගියා... ගෙනාපු අයත් නැහැ. නිදහස් කළ අයත් නැහැ. ලංකාවට මාර වැඩේ වුණේ.
මිනිසුන්ට ආහාර සහ ඖෂධ සඳහා කහ අවශ්‍ය වේ. පාරිභෝගික අධිකාරියෙන් පාලන මිලක් දැම්මා කහ කිලෝව රු. 750.00යි කියලා. නමුත් අද ලංකාවේ කහ කිලෝව 750.00ට ගන්න කිසිම තැනක් නැහැ. කහ කුඩු කිලෝවක් රු 3000.00 සිට ඉහළ මිල ගණන් වලට විකුණයි. මේවාද හොඳ කහකුඩුද නොවේ. මේවා ඇල්ලීමට පාරිභෝගික අධිකාරියද නැත...