කාංචන කුමාර ආරියදාස
ගලේවෙල තලකිරියාගම විහාරස්ථානය ඉදිරිපිට පදික මාරුවෙන් ගමන් ගනිද්දී යතුරු පැදියක ගැටී අනතුරට පත් නව හැවිරිදි දරුවා අද මාතලේ රෝහලේ දී මිය ගියේය. මිත්තනිය සමග වෙසක් පොහෝ දින සිල් සමාදන් වූ මෙම දරුවා විහාරස්ථානයේ දාගැබ අසල සිට ප්රධාන මාර්ගයෙන් එහා පැත්තේ පිහිටි විහාරස්ථානයට ගමන් පාර මාරුවද්දී මෙම අනතුර සිදුව ඇත්තේ වාහන හැසිරවීම සඳහා කාන්තා පොලිස් නිලධාරිනියක රාජකාරී කරමින් සිටියදීය. වාහන නවතන ලෙස එම නිලධාරිනිය සංඥා කරද්දී වේගයෙන් පැමිණි යතුරු පැදිය පදික මාරුවේ දී මෙම දරුවා අනතුරට පත් කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ, ඉතාමත් සංවේගය උපදවන ආරංචියක්. පුතාගේ භවගමන කෙටි වේවා!!, සසර ගමන ඉතාමත් කෙටි වී අජරාමර නිවනට පත්වේවා!!!
යතුරුපැදි කරුගේ රියදුරු බලපත්රය අවලංගු කර සිරගත කළයුතුය...
මේක නම් මහා අපරාධයක්. දැන්වත් රථවාහන මෝටර් සයිකල් පදින අය සිහිකල්පනාවෙන් ඒවා පදවන්න. පුතේ ඔබට නිවන් සුව!!!
අහිංසක ජීවිතයක් බිලිගත් නොසැලකිලිමත් කෙනෙක්. උපරිම දඬුවම් දිය යුතුය.
මම දැකලා තියෙනවා කහ ඉරි මත ඉන්න පොලිස් නිලධාරීන් බොහෝ විට ක්ෂණිකවම අත දානවා වාහන නවතන්න. පොලිස් නිලධාරියා විස්වාස කරලා පොඩි දරුවෝ පාර පනිනවා එතකොට... නමුත් පාරේ එන වාහනයට නවතා ගැනීමට කාලයක් නැහැ... කවුරුත් මිනී මරණ අදහසින් පාරේ බයික් පදින්නේ නෑ.. මෙහිදී උනේ මොකක්ද කියලා සොයා බලා පොලිස් නිළධාරීන් දැනුවත් කරන්න ක්ෂණිකව අත නොදා සිටීමට...
නොසැලකිලි කමින් රථ පදවා මිනිසුන්ට තුවාල කිරීම හා මරණය සිදු කිරීම සාපරාධී ක්රියාවක් ලෙස නීතියෙන් විග්රහ කොට ඔවුන්ව ජීවිතාන්තය දක්වා සිරගෙයි ළෑයුතුයි. ඊට අමතරව රටේ අනතුරු අවම කරගැනීම සඳහා පොලිසිය හා ජනතාව අතර කතිකාවක් ඇතිකරගෙන සම්මන්ත්රණ හා සාකච්චා තුලින් රියැදුරන් හා ජනතාවට මහමගදී මීට වඩා සැලකිලිමත් වීමට කියා දිය යුතුයි. දඟකාර තරුණයින්ට යතුරු පැදි අරන්දීම පිලිබඳ ව දෙමව්පියන්ව අධෛර්ය මත් කළ යුතුයි.
මෙය දඟකාර තරුණයෙක් නොවේ. අනුන් ගැන නෝත කන්නෙක්..හදිසි අනතුරකින් හෝ මොනයම් ක්රමයකින් හෝ වේවා මොහුට වාහන පැදවීමේ හැකියාව නැති වේවා.
උපරිම දඩුවම දෙන්න
කරපු වැඩේට උපරිම දඬුවම් දෙන්න ඕනෙ....
අපේ රටේ නීතිය හරියට ක්රියාත්මක වෙන්න් නැහැ. ඔබ හරි රොෂාන් .... පුතුනි ඔයාට නිවන් සුව ..!!