පුෂ්පකුමාර මල්ලවආරච්චි
රන්ජන් රාමනායක හා ඉන්දික අනුරුද්ධ මහත්වරුන් අතර ගැටුමක් නිසා පසුගිය මාසයේ රටපුරා මහත් ආන්දෝලනයකට පත්වූ දිවුලපිටිය සම්බන්ධිකරණ රැස්වීමට අද 20 සවස පැමිණි සමාජ සුභසාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විනාඩි 10 ක් පමණ එහි රැඳී සිට කිසිවක් ප්‍රකාශ නොකර පිටව ගියේය. පසුගිය මස පැවති රැස්වීමේදී නියෝජ්‍ය ඇමතිවරයා හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අතර ගැටුමක් ඇතිවීමෙන් පසු මෙම රැස්වීම පැවත්වූයේ අද 20 පස්වරුවේය.
පස්වරු 2.20 ට පමණ එම කමිටුවේ සම සභාපති පලාත් සභා මන්ත්‍රී චන්දන ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීඹ ආරම්භ කෙරුණු අතර පස්වරු 3.10 ට පමණ නියෝජ්‍ය ඇමතිවරයා එහි පැමිණියේය. විනාඩි 10 ක් පමණ රැදී සිටි එම කමිටුවේ සම සභාපතිවරයාද වන නියෝජ්‍ය ඇමතිවරයා මරඳගහමුල කාර්යාලයට යන බව කියා පිටව ගිය අතර ප්‍රකාශයක් ලබාදීමට එම කාර්යාලයට පැමිණෙන ලෙස මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේය.
සම්බන්ධිකරණ රැස්වීමෙන් අනතුරුව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් නියෝජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශය ලබා ගැනීම සදහා එම කාර්යාලයට ගොස් ඉදිරිපස වාඩීවී සිටියහ. මෙම අවස්ථාවේදී “කවුද ඕයි ඔනන ඉන්නේ යනවලකෝ“ කියා හඩක් කාර්යාලය ඇතුලෙන් ඇසුනු අතර මොහොතකින් මාධ්‍ය වේදීන් කරා පැමිණි ඇමතිවරයාගේ ඡායාරූප ශීල්පියා ඔයාල මෙතනින් එලියට යන්නැයි පැවසීය.
ඒ අනුව මාධ්‍යවේදීන් පිරිස කාර්යාලය ඉදිරිපස මාර්ගයට පැමිණි පසුව කාාර්යාලීය සේවක පිරිසක් විවිධ කරුණු කියමින් මාධ්‍යවේදීන් අස්වස්සන්නට කටයුතු කරනු ලැබුවත් මාධ්‍යවේදීහු ඔවුන්ගේ අප්‍රසාදය ප්‍රකාශ කර පිටව ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි"කියන්නේ මේවට තමා.මෙය ගිය තැන "හත් පොලේ ගගන්නවා"
රන්ජන් රාමනායකටත් අනික් දේශපාලකයන්ගේ ලෙඩේ බෝවෙලාද?
නළුකම දේශපාලනය කරගත් මොවුන්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු විය හැකිද? පසුගිය දවස්වල මෙයාව උඩ තියාගෙන ගිය කට්ටිය මෙයාගේ ඇත්ත මූණ තාම දැකල නැතුව ඇති නේද?
ඇයි මේ මාධ්‍යවේදීන් තේරුම් ගන්නේ නැත්තේ? නිශ්ශබ්දතාවයත් ප්‍රකාශයක් බව? ඔය දැන් අගේ ඇති වාර්තාවක් ලියල තියෙන්නේ. කියන්න දෙයක් නැත්නම් නිකම් දොඩවනවට වඩා නිශ්ශබ්දවීම තමයි හොඳ. අපිට දැන් දෙඩවිලි ඇතිවෙලා තියෙන්නේ.
මාධ්‍යවේදීන් නේද? පස්සෙන් යන්නේ...හොද වැඩේ....