දින කිහිපයක් තිස්සේ පැවැති වැසි සමඟ හල්දුම්මුල්ල කොස්ලන්දේ මීරියකන්ද පාමුල ලයින් කාමර හතක් ,වතු නිවාස පහක් ,කඩ දෙකක්,කිරි එකතු කිරීමේ මඨ්‍යස්ථාන දෙකක්,නාය ගොස් ඇතැයිද කන්ද දිගටම නාය යතියිද පොලීසිය කියයි.
මෙම පෙදෙසේ සිටි පිරිස පිළිබඳව තොරතුරක් නැතැයිද පොලීසිය පවසයි.
මීරියබැද්ද මස්කෙලිය වතු යායට අයත් තේවත්තකි.මුහුදු මට්ටමින් මීටර් 879 ක් උසින් පිහිටියේය.
සමන් පාලිත නානයක්කාර
ඡායාරූප- විශ්ව ගැමුණු ප්‍රියංකර
ඡායාරූප- රංජිත් රාජපක්ෂ
ඡායාරූප- ප්‍රසාද් රුක්මාල්
ඡායාරූප- ප්‍රසන්න පද්මසිරි
ඡායාරූප ඉෂාන් සංජීව
අතුල ජයලත් (බදුලු ඔය හරහා වැටී ඇති මීරියකැලේ පාලම ගංවතුරට යටවී පාලම කැඩි ගොස් ඇති අයුරු)




































































































































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් උදවිය තමන්ගේ ආගමට අනුව මේ අයට සහනයක් ප්‍රාර්ථනා කරන කොට ඒකටත් එක එක දේවල් කියනවා. තමන්ට ඒ උදවිය වෙනුවෙන් හිත උණුවෙන්නේ නැති නම් නිහඬව ඉන්න එක නේද හොඳ ? (නදී)
ගූගල් ෆොටෝ එක පස්සර මීරියබෙද්ද. කොස්ලන්ද නොවේ. (ර)
රජයේ වගකීමක් තියනවා මේ වගේ අවදානම් ප්‍රදෙශ කලින් හඳුනාගෙන අසරණ මිනිස්සු ඒ තැන්වලින් ඉවත් කරන්න ඕනේ අඩු ගානේ මිනිස්සු දැනුම්වත් කරලවත් තියෙන්න ඕනේ. අපිත් ඒ ගැන පෙර සුදානමින් ඉන්න ඕනේ. දෙයක් උනාට පස්සේ අනේ අපොයි කියනවට වඩා. (ර)
ඔයාලා කියන දෙවියන්ට මිනිස් ජීවිත බේරලා දෙන්න පුළුවන් නම්, මේ විනාසේ වෙන්න දෙන්නේ නැතුව වළක්වන්න තිබුනනේ. පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න. මිනිස්සු කියන දෙයක් කියන්න ඕන මොලේ පාවිච්චි කරලා. (ර)
නිවැරැදි දැනුම්වත් කෙරීමක් නොකර මේ මිනිස්සුන්ට නිකන් මැරෙන්න ඇරලා . දුප්පතුන්ටමයි ඔක්කොම වෙන්නේ. (ර)
මේ දේවල් වේලාසනින් දැනගන්න හැකි තාක්ෂණයක් අපිට තවම නැද්ද ? එහෙම වුනා නම් මේ පවුල් වලට ඉවත් වෙන්න කියන්න තිබුනා. අධිවේගී මාර්ග පමණක් නෙවෙයි. මේ වගේ දේවලුත් සංවර්ධනයේ කොටසක් . සැමට ඉක්මනින් සහනය පතමි..! (ර)
සියළුදෙනාම හොඳින් බේර ගන්න හැකිවේවා. (අ)
මේ ඡායාරූප දිහා බලන්න.ලංකාවේ වැඩි දෙනෙක් දුප්පත් කමින් පීඩා විදින බව පේනවදකැසිනෝ නයිට් ක්ලබ් ලම්බෝගිනි කාර් රේස් වලින් මේ අයගේ කුසගින්න නිවෙයිද? (අ)
මේ ඡායාරූප දිහා බලන්න.ලංකාවේ වැඩි දෙනෙක් දුප්පත් කමින් පීඩා විදින බව පේනවද.(හේ)
මේ අයට කිසිවක් නොවේවා.(හේ)
අසරණ මිනිස්සු . මෙච්චර අවදානම් තැනක ඉන්න මේ අය ඉවත් කලේ නැත්තේ ඇයි . (හේ)
මෙ බුදුන්ගෙ දෙසයයි.! ඔවූන්ට දුකක් කරදරයක් නොම වෙවා.! දෙවියන්ගෙ අශිර්වාදය ඔවූන්ට ලැබෙවා, අනේ දෙවියනේ.! කිසිදු කරදරයක් නොවේවා...! (ර)
ගස් කපල හෝටල් හදල පරිසරය විනාශ කරන්නේ වෙන අය ඒත් ඒවට ගෙවන්න වෙන්නේ කොහෙවත් ඉන්න අහිංසකයන්ට.! අසධාරනයි…. (ර)
බොහොම කණගාටු දායක හද සසල කරන පුවතක්. මහා බලාපොරොත්තු නැති, තමන්ට ලැබූ දෙයින් සතුටට පත්වෙලා, දුක් ගැහැටත් තමන්ගේ ජිවිතයට උරුමයි කියාගෙන, ඒවා වින්ද දරාගෙන, ලංකාවේ ආර්ථිකය නගා සිටුවන්ට පූර්ණකාලීනව දායක වෙමින් ජීවිතය ගැට ගහ ගන්න අපේම සහෝදර ශ්‍රී ලාංකිකයින් පිරිසක්. ජිවිත හානි වලක්වා හෝ අවම කරගෙන ඔවුන් බේරාගැනීමට ආපදා කළමණා කරන අංශයට, හමුදා සාමාජිකයින්ට, ස්වෙච්චා සහ සහන සේවකයින්ට ශක්තිය ධෙයිර්යය ලැබේවා ප්‍රර්ථනා කරමි. (ර)
ජිවිත බෙරලා දෙන්න දෙවියනේ...! (ර)
ප්‍රියංකර... යමක් වුනහම ඔබට වුනත් දෙවියන් සිහිවෙන්නේ නැද්ද.... ඔබට යමක් උනහම දෙවියන්ගේ පිහිටාරක්ෂාව ඉල්ලන්නේ නැද්ද... ඇයි ඔබ කතරගම ගිහින් දෙවියන්ට පඬුරු දාන්නේ... මොලේ පාවිච්චි කරන්න ඔබ. (ර)
පව් දෙයියනේ.(හේ)
මේකනම් හරිම දුක කතාවක්. (හේ)
භූවිද්‍යා පරීක්ෂණ කොට නාය යාමට ඉඩකඩ ඇති පෙදෙස් වලින් ජනතාව ඉවත් වීමට ඔවුන් දැනගත යුතුයි. ආශ්චර්ය ආශ්චර්ය කියා කියා රජයට බැන බැන ඉදල හරියන්නේ නැහැ. මෙවැනි පෙදෙස්වල ජීවත් වෙන අය ආරක්ෂා සහිත පෙදෙස් වල යලි පදිංචි කිරීම මේ අයගේම වගකීමක්. රජය තියෙන්නේ පාරවල් හදන්න. බජට් හදන්න.විදේශ රටවලට ගොස් විදේශ සම්බන්දතා දියුණු කර ගන්න. සේරම රජයට කරන්න බැහැනේ. (නදී)
තමා අදහන ධර්මයට අනුව මේ විපතට පත් මිනිසුන් වෙනුවෙන් යහපතක්ම වේවා කියා කරන කන්නලව්ව ගැන විවේචන තියා ගැනීම සදාචාර සම්පන්න නැහැ. උණුවන හදවත් ඇත්තන් සියල්ලෝම තමා තුල ඇති පාරිශුද්ධ කන්නලව්ව මේ වෙලාවේ කරනවා. ඒකයි මිනිස් ස්වභාවය.(අ)
කොස්ලන්දේ නාය යන්නේ අද ඊයෙ නෙමෙයි 1996 ඉඳන් නාය යනවා. මිනිස්සුන්ට අයින් වෙන්න කියල ඒ කාලෙත් කිව්වා. (අ)
අපිටමද මෙහෙම වෙන්නේ ආවනගේ උමග නිසා තමයි (අ)
යන්න කිව්වත් මෙයාල යයි කියල හිතනවද? සුනාමිය ඇවිල්ල අච්චර විපතක් කලා. රජය මීටර් 100 නීතියක් ගෙනාවා.කෝ මිනිස්සු ගණන් ගත්තද? රජයටම බනින්න එපා. (අ)
ලොක්කගේ පවු ඔක්කොම සොක්කෝ හරහා යනවා...සංසාර..(අ)
අනේ මෙහෙමත් දෙයක්.දුප්පත් මිනිස්සුන්ටමයි මෙවන් විපත් වෙන්නේ.අපිට අහන්නවත් සිද්ධ නොවේවා මෙවන් විපත්.කලින් දැනගන්න නොලැබීම මෙහෙම විපත් වෙන්න එක හේතුවක්.බුදු සරණින් , දෙවි පිහිටෙන් විපත්අවම වේවා! (අ)
මේ අසරණ මිනිසුන්ගේ ජිවිත ආරක්ෂාකරගන්න ලැබේවා! ඒවගේම තමයි මොනතරම් තාක්ෂණික දැනුම දියුණු වුණාත් ඔය ඕනේ තරම් දියුණු රටවලත් මේ වගේ දේවල් සිදුවෙනවා . ඒවා වලක්වන්න බැහැ. අනිත් දේ මේ මිනිසුන්ට කලින් දැනුම් දුන්නත් යන්න තැනක් නැත්නම් ඔවුන් කොහෙට යන්නද? අපිට මෙහෙම කොමෙන්ට්ස් දාන්න හරිම පහසුයි. එත් යථාර්තය තේරුම් ගන්න අමාරුයි. අපේ රණවිරු දරුවන්ගේ පිහිටෙන් සියලුදෙනා මේ විපතෙන් බේරාගන්නට හැකිවේවා! (අ)
හැමදාම උදව්වට එන හමුදාවේ සොයුරන්ට මේ අය සොයාගැනීමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. (අ)
අහිංසක මිනිස්සු, පවුල් පිටින්ම වැලලිලා.මේක මහා පවක්.(හේ)
අතුරුදන් වූවන් ඉතා ඉක්මනින් නිරුපද්‍රිතව සොයා ගනීමට ලැබේවා (නදී)
අපි හැමෝම එකම රටක ජීවත්වෙන ලංකා මෑණියන්ගේ දරුවන්ය නංගියේ මල්ලියේ අම්මේ අප්පේ අයියේ අක්කේ ම ඉතාම දුක් වෙමි. මෙ වෙලාවේ අපි එකතුවෙලා අසරණ හැමට උදවු කරමු අපි හැමෝටම මරණය නියතන් ජීවිතය අනියතන් මියගිය සැමට අම මහා නිවන් සුවද කතෝලික ආගමේ හැටියට මොක් සුවය පතමි. (දි්ල්)
අසරණ ජීවිත, දෛවය මොනතරම් කුරිරුද? ඉක්මනින් මේ අය නිරුප්‍රදිතව හමුවේවා (නදී)
දෛයිවය මොන තරම් කුරීරුද දෙවියනී ඔබ කොහිද ? (නදී)
අශෝක මේවා වලක්වන්න බැහැ කියා කියා ඉඳල හරියනවද ? වේලාසනින් දැනුම් දෙන්න අවස්තාවක් තිබුනා නම් ඔය මිනිස්සුන්ව ගමේ ඉස්කෝලේ නැති නම් ප්‍රදේශයේ වෙනත් ආරක්‍ෂිත ස්ථානයක හරි තාවකාලිකව නතර වෙනවා නේ. හැම එකක්ම කරුමෙටයි. වෙනත් කොහෙවත් රටක වුන දෙයකට ආදේශ කරමින්, කරන්න පුළුවන් දෙයත් මග අරින්න අපිට බැහැ. (නදී)
අනේ නැති බැරි කෙනාට තමා හැම දුකකටම මුහුණ දෙන්න වෙන්නේ. කොහෙද ලංකාවේ දුප්පත්කම තුරන් වෙලා තියන්නේ මේ අයට මොනවද රජය වෙන් කරලා තියන්නේ. මේවා දිහා බලල අපි මේ පාරත් ඡන්දයක් දෙමු නේද (නදී)
ලලිත්, කියන දේ තේරුම් ගන්න බැරි එකට අපි මොනවා කරන්නද? කොහොම වුණත් මේවට වගකියන්න ඕනෑ ගස් කපන උදවිය. (නි)
කෝ දැන් මේ පළාතේ බලවතුන්. ? ඔක්කොම සුද්ධ බුද්ද කරලා ඉවර වුනාට පසුව උඩින් හෙලිකොප්ටරයෙන් වඩින්න බලාගෙන ඇති. ඔක්කොම කටයුතු හමුදාවේ සහ සහන සේවකයන්ගේ කරපිට ගහලා ඒගොල්ලන් පැත්තක. (නදී)
මේ උදවිය දකිනකොට හරිම කනගාටුවක් දැනෙනවා. සැමටම ඉක්මනින් සැනසීම උදා වේවා. මේ අවස්ථාවේ විපතට පත් වූ අයට යම් උපකාරයක් කරන්න රටේ අනෙකුත් ප්‍රදේශ වල උදවිය එකතු වුනොත් ලොකු පිනක්. වියලි ආහාර ද්‍රව්‍ය ඇඳුම් පැළදුම් ළදරු කිරිපිටි වගේ දේවල් මේ ප්‍රදේශයට යවා ගන්න වැඩ පිළිවෙලක් පටන් ගන්නවා නම් පරිත්‍යාගශිලින් උදව කරාවි. අපේ රටේ මිනිස්සුන්ගේ දයා කරුණ ගුණය මෙවැනි අවස්ථාවල අඩුවක් වෙන්නේ නැහැ. (බ)
ස්වභාවික පිවත් පාලනය කිරිමනම් ගොඩක් අමාරුයි. අපේ රටේ විතරක් නෙම්වෙයි, දියුණු යයි සම්මත ජපානය අමෙරිකාව වැනි රට වලත් මෙවැනි දේ සිදු වෙනවා. වෙනස තියෙන්නේ හදිසි ආපදා තත්වයකදී එම රටවල් ප්‍රතිචාර දැක්වීමේදී අපට වඩා ඉදිරියෙන් ඉන්නේ. අපෙත් ආපදා කළමණා කරණය කිරීම මිට වඩා කඩිනම් කරන්න පුලුවන්ද කියල හොයල බලන එක වටිනවා. එකෙන් අපිට තව එක ජිවිතයක් හරි බේර ගන්න පුළුවන් නම් කොච්චර හොදද? තාක්ෂණික පැත්ත කොහොම උනත් මේ පුවත අහපු වෙලේ ඉදන් මම ප්‍රර්ථනා කරේ ත්‍රිවිද රත්නයේ පිහිටෙන් විපතට පත්වෙච්ච අය කරදරයක් නැතුව හම්බෙන්න කියලා. අපි එහෙම කරන්නේ මේවගේ දෙයක් අහපුහම දුක් වෙන එක මිනිස් ස්වභාවයක් නිසා. මොලේ විතරක් තියෙන හදවත නැති මිනිස්සුත් ඉන්නවා කියන එක මෙතන අදහස් වලින් පේනවා. (බ)
මේ මිනිස්සුනගේ දහදියෙන් කඩන තේ දැල්ලෙන් වැජබෙන අය ඡන්දෙත් අරන් පැත්තවත් බලන්නේ නැහැ (නදී)
පස් ගොඩැලි අතරේ රැඳුනු ඇඳුම් කෑලි දකින විට මගේ පපුව දාලා ගියා. බැකෝ එක දාලා පස් ඇදලා ගන්න කන් මේ යටවුන මිනිස්සුන්ගේ පණ රැකලා දෙන්න කියල මම දෙවියන්ගෙන් ඉල්ලුවේ. (නදී)
හැමෝම බේරගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා. ඇයි අසරන මිනිස්සුන්ටම මෙහෙම වෙන්නේ? හැමොටම බුදු සරනයි. මියගිය ජ්විත අවම වේවා. (නදී)
පෙර දැනුම් දීමක් කරන්න භූ ගර්භයේ මේ අවධානම තත්වය සොයාගන්න බැරි තරම් මොකද්ද තිබුන අපහසුතාවය ? මේ විෂය පථය සම්බන්ධයෙන් කටයුතු කරන උදවිය මේ ගැන වේලාසනින් නිරීක්ෂණය කරලා තිබුනේ නැද්ද ? එකපාරට කන්ද කඩා ගෙන යන්නේ නැහැනේ. සුළු සුළු දේවල් ගිලා බැසීම් ආදිය සිදු වෙනකොට කාටවත් මේ ගැන හිතන්නවත් බැරි වෙන්න ඇති. විපතට පත් අයට උදව් කිරීම අපේ යුතු කමක්. තොන්ඩමන් මහත්තයා නිකන් බලන් ඉන්නේ අල්ලපු ගෙදර බත් මුට්ටිය පුසෙක් හොරා කාපු ගානට. මේක එයාට අදාළ දෙයක් නෙවෙයිද ? (නදී)
හැමෝම එකතුවෙලා අසරණ උණු එයාලට උදව් කරන්න. සියලු අතුරුදහන් උනු අය විපතකින් තොරව බේරාගන්නට හැකිවේවා. (නදී)
හේරත් මේවා හොද බිම්. ඒත් වනාන්තර විනාශය මුළු රටටම දේශ ගුණයට බලපාන එක විදියක් මේ. දැන්වත් වන රක්ෂිත අල්ලන් ඉන්න හා අල්ලන මිනිසුන්ව නවත්වන්න. විල්පත්තුවේ, හොරොව්පතානේ මේ මොහොතේත් අරගල, පහරදීම් කරනවා ඉන්න මිනිස්සුත් එලවල බිම අල්ල ගන්න. වනාන්තර විනාශ කරන්න, මේවල ප්‍රතිපල ඉඩ දෙන අයට හා නිශ්ශබ්දව ඉන්න සේරමලට බාර ගන්න වෙනවා. ලෝක විනාසේ ඉක්මන් කරන්න අපි තමයි මුල්තැන ගන්නේ. (නදී)
මෙවන් විපත් කිසි කෙනෙකුට නොමවේවා (නදී)
2005 දී ගොඩනැගිලි පර්යේෂණ ආයතනය රජයට දැනුම් දීල තියෙනවා මේ මිනිසුන් මෙතනින් ඉවත් කරන්න. ඔය අදිවේගී මාර්ග හදන සල්ලි වලිනුයි හොරකන් සල්ලිවලිනුයි සොච්චමක් වෙන් කරලා ගෙවල් හදල දුන්නා නම් ඔය වටිනා මිනිස් ජීවිත ටික බේරා ගන්න තිබුණා (නදී)
මේ අසරණ මිනිස්සු වෙනුවෙන් අනෙකුත් උදවිය තමන්ගේ ආගමට අනුව කරන අව්‍යාජ ප්‍රාර්ථනා දිරවන්න බැරි අය විවේචන නොකර නිහඬ වුනා නම් හොඳයි නේද ? ඒක අඩු ගානේ මනුස්සකමට ගැලපෙනවා. (නදී)
මෙච්චර විනාශයක් උනාට පස්සෙයි ඇහැරිලා තියෙන්නේ. අවුරුදු විස්සක් තිස්සේ නාය යන මේ හරියෙන් මේ ජනතාව ඉවත් කරලා වෙනත් තැන් වල නිවාස හදල දෙන්න ඕනේ තරම් බලය තිබුනා. හැමදාම දිනන පැත්තට මුක්කු ගහල තමන්ගේ තනතුර බේර ගත්ත මිසක් තමන්ට ඡන්දය දෙන මේ අහිංසකයෝ ගැන හිතුවේ නෑ (නදී)
ගොඩක් අය අත් බැඳගෙන බලාගෙන ඉන්නේ. කීප දෙනෙක් විතරක් වැඩ? කිසිම දෙයක් හරියට කරන බවක්නම් පෙන්නනැහැ. මේ මිනිස්සු දුප්පත් නිසා වෙන්න ඇති. (ර)
මේ මිනිසුන්ට උදව් කල යුතුයි. අපේ පරිපාලන ආයතනවල, ස්වාබාවික විපත් පිලිබඳ අායතන මීට කලින් මීට වඩා අවදානය නිවැරදිව යොමු කළා නම් මේ ජීවත මීට වඩා බේරා ගැනීමට හැකිව තිබිණා. දැන් සියල්ල අවසානයි. සෑම තේ වත්තකම ඉහල මීටර 100-300 ප්‍රමාණයේ කැලෑ සිටුවීමට නීතියෙන් වෙන්කරන්ඩ. කැලෑ කැපීමත් එක හේතුවක්. (නදී)
මේ මිනිසුන්ට උදව් කල යුතුයි.. අපේ පරිපාලන ආයතනවල, ස්භාවික විපත් පිලිබඳ අයාතන මේවාට ,මීට කලින් ,මීට වඩා අවදානය නිවැරදිව යොමු කළා නම් මේ ජීවිත මීට වඩා බේරා ගැනීමට හැකිව තිබිණ. දැන් සියල්ල අවසානයි. සෑම තේ වත්තකම ඉහල මීටර 100-300 ප්‍රමාණය කැලෑ සිටුවීමට නීතියෙන් වෙන්කරන්ඩ. කැලෑ කැපීමත් එක හේතුවක්. (අ)
හමුදාවේ අය ගැන ආඩම්බරයි. හැමෝටම අන්තිමේ පිහිටවෙන්නේ හමුදාව. (නදී)
මේ මිනිස්සුන්ව මෙයිට වඩා දැනුවත් කිරීමක් කරන්න තිබුණා අවදානම් කලාප හරියට හදුනාගෙන ඉක්මන් පියවර ගන්න. මේ අහිංසක ජනතාවට කඩිනමින් සහන සලසන්න සියලු විපත් වෙන්නේ නැති බැරි මිනිසාටම තමයි. (නදී)
හැම කරදරයක්ම වන්නේ අහිංසක අසරණ අයටමනේ. සියලු දෙනාගේම ජීවිත රැක දෙන මෙන් දෙවියන්ගෙන් ඉල්ලා සිටිමි. (නදී)
මගේ පපුව රිදෙනවා මෙය දැකලා (නදී)
හමුදාව යොදාහරි කෙසේ හෝ මේ මිනිසුන්ව හොයාගන්න ඕනෑ (නි)
අර කට්ටිය මොකටද දන්නේ නැහැ ආවේ. (නදී)
මෙයාලට අපි හැකි අයුරින් උදව් කරන්න ලෑස්තියි. මම හිතනවා තවත් බොහොමයක් පිරිසක් කව්රුහරි ඒ වගේ උදව්කිරීමේ වැඩපිළිවෙලකට (මුදල් හෝ ශ්‍රමයෙන්) සම්බන්දවෙන්න උවමනාවෙන් ඉන්නව කියල. කව්රුහරි වගකියයුතු පිරිසක් ඒවගේ දෙයකට මුලපුරනවානම් මේ විපතට පත්වෙච්ච අයට තවත් ලොකු සහනයක් වේවි. (ර)
මිය පරලොව ගිය සියලු දෙනාටම අමා මහ නිවන් සුව ලැබේවා. ඉපදෙන කිසිම බවයකදී මෙවන් ව්පතක් නොවේවා. කරදරයට පත් උන ඔයාල සැමට රජතුමා පිහිට වේවි.! (ර)
ඉතාමත් කණගාටුයි. සුනාමියෙන් පසුව අසන්නට ලැබුන තවත් ව්‍යසනයක්. සියල්ලන්ම නිරුපද්‍රිතව හමුවෙන්න ඕනෑ කියා දෙවියන් වහන්සේගෙන් ඉල්ලමි. මහජනතාවගේත් වගකීමක් තිබෙනවා මෙවැනි කාලගුණික තත්වයක් පවතිනවිට තමන් හා තමන්ගේ පරිසර පිහිටීම ආරක්ෂිතද කියා තහවුරු කරගැනීම. එය අවදානම් සහිත නම් ඒ පිළිබඳ අවශ්‍ය පියවර ගැනීමට. හැමදෙයක්ම රජය කරයි කියලා හිතනවා නම් එය වැරදියි. මොනතරම් මුදල්/හදල් හෝ වන්දි ලැබුනත් මිනිස් ජීවිතවල වටිනාකම මිල කළ නොහැකියි. (නි)
අනේ දෙවියනේ! කිසිම කෙනෙකුට කරදරයක් නම් වෙන්න එපා. (නි)
මට මතක් උනා සුනාමිය අව වෙලාවේ, හෙලිකොප්ටරයෙන් කරදර උන මිනිසුන් බලන්න ගිය අගමැතිව හිටපු ජනාපති තුමාගේ හැගුම් බර මුහුණ. කැබතිගොල්ලෑව බස් 1ට බෝම්බ ගහපු වෙලාවේ තිබුණ හැගීම් බර මුහුණ. අද උන කරදරය අසා ඇති වෙන්න ඇති වේදනාව 1ක හා සමයි. හෙට උදෙන්නම ඔයාලව බලන්න ජනාධිපතිතුමා එනව. ඔයාල සැමට පිහිට වේවි. තෙරුවන් සරණයි සැමට. (ර)
සියලු දෙනාගේ අවධානය, උපකාරය, සහභාගිත්වය, ගැන සියල්ලන්ටම පින්. (ර)
සියලුදෙනා ගැන කණගාටුයි. සියලුදෙනාට දෙවි පිහිටයි.! (ර)
අයියෝ... මොන අපරාධයක්ද මේ? පව් මේ අය.! (ර)
අනේ මෙහෙමත් කේදවාචක නැවත සිදු නොවේවා.! (ර)
බුදුසරනින් සියලු දෙනාට කිසිදු කරදරයක් නොවේවා...! (ර)
ෆස්රුල් ගෆූර් - කටාර්, දෙවියන් වහන්සේ ඉන්නේ කොහෙද පිස්සු කතා කියන්න එපා. (ර)
මේ වගේ වෙලාවට අපි කතා කරන්නේ හදවතින්, බුද්ධියෙන් නෙමෙයි. ඒත් අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනෑ.දවසක් පොළොවේ පස් වලට යටවෙලා හිටි ප්‍රාණියෙක් නිරුපද්‍රිතව නැවත හමුවෙයි කියලා හිතන එක මායාවක් නොවෙයිද? (නි)
ගෙවල් දොරවල් හදාගන්න පුළුවන් , අනේ දෙවියනේ මිනිස් ජීවිත වලට හානියක් නැතුව බේරා දෙන්න ...! (ර)
ස්වභාවික විපත් වලක්වන්න බැරි වුනත් ඒවායින් වන හානිය තම තමන්ගේ සැලකිලිමත් බාවය අනුව අවම කර ගන්න පුළුවන්. අවධානම් ප්‍රදේශ වලින් මොවුන් ඉවත් කර වෙනත් ප්‍රදේශ වල පදිංචි කරවීම තමයි එකම විකල්පය. සිදු වුනු දේ වුනා. ඉදිරියෙදිවත් මෙවැනි විපත් වලක්වා ගන්න කටයුතු යෙදීම බලධාරීන්ගේ වගකීමක්. (නදී)
නාය යන්න පෙර එය දැනගන්න ක්‍රමයක් නැද්ද මෙච්චර කයිවාරු ගහන මේ රටේ. (නදී)
බුදු සරණින් සියලු දෙනාම නිරුපද්දිතව සොයා ගැනීමට හැකි වේවා!(හේ)
කිසිදු කරදරයක් නොවේවා...! (නදී)
ලලිත් ඔයා වාඩි වෙලා ඉන්නේ මොලේ උඩ. එ්කයි ප්‍රශ්නේ. කියන දේ තේරුම් ගන්න බැරි එකට අපි මොනවා කරන්නද? කොහොම උනත් මේවට වග කියන්න ඕන කැලෑ පාලුවෝ. ගස් කපලා විනාශ කලාම පස් නිකන්ම බුරුල් වෙලා මේවගේ දේවල් වෙනවා. දැන් වත් මිනිස්සු පරිසරය ආරක්ෂා කරන්න පුරුදු වෙන්න ඕනා. පව් අහිංසක මිනිස්සු. (නදී)
සියලු දෙනාවම නිදුක් නිරෝගිව ඉන්නවා දකින්න බුදුන්ගෙන් ඉල්ලමු (නදී)
මේ පළාත හරිම ලස්සන ස්භාවික පරිසරයක්. ලංකාවේ ලස්සන බලන්න පුළුවන් පළාතක් හරිම සංවේදී පුවතක්. කරදර අඩු වේවා , අපේ සින්දුවක ෂූටින් කරලා තියෙනවා මේ පළාතේ (නදී)
දෙයියනේ මේ මොන අපරාදයක්ද කිසිවෙකුටවත් කරදරයක් නොවේවා (නදී)
මෙතන ඔහේ ලියන අයත් ඉන්නවා. දෙවියන්ට කරන්න දෙයක් නැ ඕවට. ඕවා සොබා දහමේ වෙන දේවල්. මිනිස්සු පව් තමයි. ඕක වෙන්න කලින් දෙවියන්ට තිබුනා වලකන්න එහෙම නම්. එ්ක නිසා නැති උන අය හොයල සහන සලසන්න ඕනි හැමෝම එකතුවෙලා. මිනිසුන්ට විතරයි කරන්න පුළුවන් හැම දේම (නදී)
ඔයාල කියන දෙවියන්ට මිනිස් ජීවිත බේරලා දෙන්න පුළුවන් නම් මේ විනාසේ වෙන්න දෙන්නේ නැතුව වලක්වන්න තිබුනනේ. පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න. මිනිස්සු කියන්නේ මොලයක් තියෙන කට්ටිය. (නදී)
නිරුපද්‍රිතව හැම කෙනෙක් ම බේරා ගන්න පුළුවන් කියා පතමි (නදී)
චීනුන්ට අක්කර සිය ගණන් ලබා දෙන රාජපක්ෂ රෙජීමය හල්දුම්මුල්ලේ කොස්ලන්ද මිරියබැද්ද කන්දේ සිය ගණනක් ජනයා අනතුරු දායක ස්ථානයක ජීවත් වන බව 2005 සිටම ඉතා හොඳින් දැන දැනම ඔවුන්ට ආරක්ෂිත ඉඩ කඩක් ශ්‍රී ලංකාව නම් දූපතේ කොතැනින් හෝ ලබා දීමට අසමත් වීම හේතුවෙන් අද ශ්‍රී ලංකා ඉතිහාසයේ අති දැවැන්තම නාය යාමේ ඛේදවාදකයට අසරණ ජනතාව සිය ගණනක් ඇද දමා ජීවිත විනාශ වන්නට ඉඩ හැර තිබේ.(අ)
දැනටමත් මිනිස් ජීවිත 400 ක වඩා මිහිදන් වෙලා ඇති. පව් අහිංසක දරුවොත් ඉන්න ඇති (නදී)
අමතක කරන්න එපා ,ආගම කියන්නේ පුද්ගලික දෙයක්. මුළු ලෝකයම එක ආගමක් අදහන්න ඕනි කියන අයත් ඉන්නවා. අපි හැම දේටම ආගම ඉස්සරහට දාගෙන අවශ්‍ය දේවල් අමතක කරලා. මෙතනදී මම හිතන්නේ කරදරේ වැටුණු අයට උදව් කරන විදිහකුයි. මෙවෙනි විපත් වලක්වා ගන්න විදිහකුයි ගැන කතා කරනවානම් හොදා කියල.මෙවෙනි විපත් වෙන්න කලින් අදුනගන්න ක්‍රම එදත් තිබුන අදත් තියනවා. ඒ ගැන දන්නා අය අදහස් දාන්න කරුණ කරලා. (අ)
දැනටම මිනිස් ජීවිත 400 කට වඩා මිහිදන් වෙලා. (නදී)
අනේ දෙවියනේ, මේ මොන අපරාදයක්ද. මියගිය අයට නිවන් සුවය ඔවුන්ගේ ආගම දහම් අනුව සැනසීම ලැබේවා. තුවාල ලැබූ අයට ඉක්මන් සුවය ලැබේවා. අතුරුදහන් වුවන් ඉක්මනින් නිරුපද්‍රිතව සොයා ගැනීමට ආරක්ෂක අංශ වලට හැකිවේවා. (නදී)
මාලි - දෙවියන් වහන්සේ ඉන්නවාද නැද්ද කියන එක මගේ ප්‍රශ්නයක්. දෙවියන් වහන්සේ නැහැ කියල හිතන ඔයා ඇයි කලබවෙන්නේ. මෙවැනි ව්‍යසනයක් වෙලා අහිංසක මිනිස් ජීවිත අහිමිවුන වෙලාවක ඔයා ලියන්න ඕනේ දෙයක්ද ලියල තිබෙන්නේ? හරි හරි ඔයා අදහන ආගම ධර්මය අනුව මේ අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න. මම පිස්සෙක් වුනත් හදවතින්ම මේ අය ගැන කනගටුවෙලා යමක් ලිව්වා. (නදී)
පව් අහිංසක මිනිස්සු 'ඉන්න තැනක් තියන අය නම් මෙහෙම ඉරණමක් අත් වෙන්නේ නැහැනේ (නදී)
පව් අහිංසක මිනිස්සු 'ඉන්න තැනක් තියන අය නම් මෙහෙම ඉරණමක් අත් වෙන්නේ නැහැ (නදී)
ලංකාවේ ලොකු ලොක්කන්ට දුක කියන එකේ තේරුම දැනගන්න කැමති නැතුව ඇති. (නදී)
රණ විරුවනේ මානුෂික මෙහෙයුම් පිළිබඳව හසල දැනුමක් ඔබට ඇති බව අපි දනිමු. රට ගලවා ගත් ඔබට මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත ගලවා දිය හැකිනම් මොන තරම් වටිනා මෙහෙයක්ද? දේශ පාලකයින්ගේ වහසි බස් වලට වඩා ඔබගේ මානව දයාව ගැන අපිට විශ්වාසයි. (නදී)
රණ විරුවනේ මානුෂික මෙහෙයුම් පිළිබඳව හසල දැනුමක් ඔබට ඇති බව අපි දනිමු. රට ගලවා ගත් ඔබට මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත ගලවා දිය හැකිනම් මොන තරම් වටිනා මෙහෙයක්ද? දේශ පාලකයින්ගේ වහසි බස් වලට වඩා ඔබගේ මානව දයාව ගැන අපිට විශ්වාසයි. (නදී)
මේක තමයි ජීවිතේ හැටි. මේ ඉන්නවා, ඊලග මොහොතේ මොනවා වෙනවද දන්නේ නෑ. සමාජයට යහපත් දේ කරගෙන ජීවත් උනොත් අඩු තරමේ ඊලග ආත්මෙවත් නිදුක්, නිරෝගිව ඉන්න ලබෙයි. මේ මැරුණු මිනිස්සු ගැන හරිම දුකයි. වත්තේ දළුකඩලා යන්තම් වේලක් කාලා ඉන්න මිනිස්සු. ගිය ආත්මේ මොකක් හරි පවක් කරලා ඇති. නිවන් සුව පතනවා. (නදී)
මේ අහිංසක මිනිසුන් සහ දරුවන් ගැන හිතේ හටගන්නා දුක කියා නිම කළ නොහැකිය. මේ අපට පෙන්නුම්කරන්නේ තුලිත ස්වභාව ධර්මයා හට අකාරුණික වීමෙන් පෙරලා අප වෙත ලැබෙන අමිහිරි ප්‍රතිචාරයන්ය. (නදී)
මේ අහිංසක මිනිසුන් සහ දරුවන් ගැන හිතේ හටගන්නා දුක කියා නිම කළ නොහැකිය. මේ අපට පෙන්නුම් කරන්නේ තුලිත ස්වභාව ධර්මයා හට අකාරුණික වීමෙන් පෙරලා අප වෙත ලැබෙන අමිහිරි ප්‍රතිචාරයන්ය. (ර)
මාලි, මෙච්චර විපතක් වෙලා තියෙද්දිත් අනුන්ගේ අඩුපාඩු හොයන්න ඔයාගේ මොළයේ අමාරුවක්ද? හිතේ තියෙන දුකට තමා කවුරුත් දෙවියන්ගේ පිහිට ඉල්ලන්නේ. මේ විපත ඔයාට වුණා නම් ඔයත් දෙවියන්ගේ පිහිට ඉල්ලනවා නේද ? මොනදේටත් වඩා ඔයාගේ උද්දච්ච කතාවට මට මෙහෙම ලියන්න වුණා (නි)