ගම්පොළ දොළුවේ අඹකුඹුරේ පදිංචි විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න නිපදවූ කසල ප්‍රතිචක්‍රිකරණය කිරීමේ යන්ත්‍රය සංකල්පමය වශයෙන් ඉතා හොඳ එකක් බැවින් එය දියුණු කිරීම සඳහා වහා උපකාර කිරීමට තීරණය කළ බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ලංකාදීපයට පැවැසීය. අද (23) පෙරවරුවේ විකුම් සම්පත් මහතාගේ නිවසට ගොස් ඔහු නිපදවූ යන්ත්‍රය පරික්ෂා කර එහි ආදර්ශයක් නිපදවන ලෙස උපදෙස් දුන් බව කී අමාත්‍යවරයා, එය නිපදවීමට අවශ්‍ය කරන ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බව ද පැවැසීය.
එහි ආදර්ශන නිපදවූ පසු නර්ඩ් ආයතනයහා එක්ව වඩාත් විධිමත්ව නව අංග සහිතව අදාල යන්ත්‍රය නිපදවීමටත්, අනතුරුව ඔහුට බලපත්‍ර ලබා දීමට කටයුතු කරන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය. මේ සඳහා ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනයේ නේවාසිකව සිටීම සඳහා ඔහුට අවශ්‍ය පහසුකම් සපයා දීමට කටයුතු කරන බව ද ඇමතිවරයා තව දුරටත් පැවසීය.
ලේලන්ඩ් බසයක කොටසක් කපා ගෙන මූලික සිද්ධාන්ත මතු කරමින් දැවැන්ත යන්ත්‍රයක් ලෙස මෙම යන්ත්‍රය නිපදවා තිබු අතර ඒ සඳහා ඔහුට රුපියල් ලක්ෂ 32 ක මුදලක් වැය වි තිබිණ. අදාළ යන්ත්‍රය ක්රීයාත්මක කර එහි ක්‍රියාකාරිත්වය හා අඩුපාඩු පිළිබඳ එම ස්ථානයේ දීම අදාල නිලධාරින් සමඟ අමාත්‍යවරයා සාකච්ඡා කළ අතර පවතින කසළ ප්‍රශ්නයට එය ඉතා ගැලපෙන පිළීතුරක් බව ද එහි දී පවසා තිබේ.
දිගුකාලින පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස නිපදවනු ලැබු එම යන්ත්‍රය මේ වනවිට ඉතා වැදගත් අවශ්‍යතාවයක් බවට පත් වී තිබිම පිළීබඳව සතුටු වන බව විකුම් සම්පත් මහතා ලංකාදීපයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
මෙම ගමනට සුසිල් ප්‍රේම ජයන්ත අමාත්‍යවරයා සමඟ නව නිපැයුම්කරුවන්ගේ සංගමයේ සභාපති මහේෂ් එදිරිසිංහ මහතා ඇතුළු අමාත්‍යංශ හා අදාළ ආයතන නියෝජිතයෝ ද සහභාගි වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දක්ෂ අය එක් තැනක රදවලා දේශීය නිපැයුම් ගම්මානයක් ඇති කරන්න සුසිල් අැමතිතුමාට තුති. ලෝකෙ වටේ ගිහින් අායෝජන හොයන්න එපා අපිට රට දියුණු කරගන්න පුලුවන් කුහකකම අයින් කර ගමු මුලින්ම
මෙන්න අගය කලයුතු වැඩක්....
ජපානය, කොරියාව වගේ රටවල් දියුණු වුනේ මේ වගේ නිපැයුම් වලට අතහිත දුන් නිසා.
මේ රජය කරන හැමදේටම විරුද්දව මේකේ අදහස් පලකරන කවුරුත් මේ වගේ හොද දෙයක් වත් අගය කරන්නේ නැහැ.රාජ උෂ්නේ.
ඇයි මේ සම්පුර්ණ යන්ත්රයම නිපදවල තියෙද්දී ඒකෙ ආදර්ශන හදන්න කියන්නෙ????? ආයිත් මොකටද ආදර්ශන??
ඉතාම හොඳ වැඩක්. ප්‍රමාද වී හෝ මෙවැනි කටයුත්තකට අත හිත දීම අගය කළ යුතුයි. අතර මග නවත්වන්නේ නැතිව දිගටම කරගෙන යා යුතුයි.
කොමිස් කාක්කන්ට මොකද වෙන්නේ දන්නේ නැහැ? හොද දෙයක් ඔබට සුභපතනවා
මේ තරුණයෝ හොඳ දෙයකට ඉදිරිපත්වෙලා තිබෙනවා , මේ ව්‍යාපෘතිය හරියට කළත් ඉදිරියට හොඳට මුදල් උපයන්න පුළුවන්, ඔබට මගේ සුභ පැතුම් !!!
ඔය පින්තුරයේ අන්තිමටම කුඩාවට ඉන්නේ නර්ඩ් ආයතනයේ අධ්යක්ෂ ජනරාල් නාමල් ආනන්ද මහතාය. ඔහු ආචාර්ය කුලසිංහ මහතා යටතේ පුහුණුව ලැබූ පේටන්ට් කිහිපයක් හිමි දක්ෂ ඉංජිනේරුවෙක්. 1990 දේ කටුනායක වෙළඳ කලාපයට කසල දහනය නිපදවුවේ ඔහුය. නමුත් එහි නිලධාරීන් එය නඩත්තු කළේ නැහැ. ඔහුගෙන් උපදෙස් ගන්න. මෙම පුවතේ ඔහුගේ නමවත් ගෑවිලා නැහැනෙ...
අපේ නෑදෑයන්ට ගෙවල් අතහැරලා යන්න සිද්ද වුන, ළඟ තියෙන වෙලකට කුණු දන්නා පටන් ගත්ත නිසා. ඉස්සර ඒ පැත්ත ලස්සනට තිබුන පැත්තක්. මහා අපරාදයක්. මිනිස්සුන්ගේ ජිවිත නැති වෙන්නම ඕනේ ලංකවේ දේශපාලකයන්ට ඇස් ඇරෙන්න. නගර සභාවෙන් ඇවිල්ල කුණු අරගෙන යනවා. අපිත් හිතන් හිටියේ මොකක් හරි ක්‍රමයක් ඇති කියල කුණු ටික විනාශ කරන. බලන් යද්දී රජයේ ඉඩම් වලයි. වෙල් වලටයිනේ ඒ කුණු ටික දාලා තියෙන්නේ. මටත් දැනුයි ත්රෙන්නේ කවුරු හරි මහජනයාට පෙන්න ලකුණු දාගෙන ලොකු කොමිස් එකක් ගන්නේ නැතුව කිසිම වැඩක් වෙන්නේ නැහැ කියල. ඔහොම යං ලංකා. වෙන කියන්න දෙයක් නැහැ. අපේ වයස් වල එවුන්වත් ඉදිරියේදී ලස්සන ලංකාවක් කරයිද දන්නේ නැහැ. ඒ අයත් අම්ම අප්පල කරපු දේවල්ම කරන්න ගත්තොත් තම දුක.
මම ඉන්න රටේ පාරවල් අයිනේ වීදුරු ප්ලාස්ටික් ටින් වෙනමත් කරදාසි වෙනමත් කාබනික වෙනමත් දැමිය හැකි කුණු බක්කි තබා තිබෙනවා ,මහජනයා තම නිවෙස්වල එකතුවෙන අපද්‍රව්‍ය එකී බක්කි වලට වෙන වෙනම දමනවා ඒවා රැගෙන ගොස් වීදුරු ප්ලාස්ටික් උණුකර නැවත වීදුරු ප්ලාස්ටික් හදනවා කරදසිත් පල්ප් බවට හරවා නැවත කරදාසි හදනවා කාබනික ද්‍රව්‍ය පොහොර බවට පරිවර්ටනය කරනවා .පසල්වල් ළමුන්ට කසල වෙන්කර බැහැර කිරීම පිළිබඳව උගන්වනවා ඇයි අපේ රටේ මෙවැනි සරල ක්‍රම වේදයක් වත් ක්රිඅත්මක නොවන්නේ