ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී හෙට (23) පැවැත්වෙන දිවා/රාත‍්‍රි තරගයේදී ශ‍්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස යොවුන් ප‍්‍රවේගකාරි පිතිකරු කුසල් ජනිත් කටයුතු කිරීමට සූදානමින් සිටි බව වාර්තා වේ.
ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (23) පෙවරුවේ සූරියවැව ක‍්‍රීඩාංගණයේදී පැවැති පුහුණු සැසියෙන් පසුව පැවසුවේ බංග්ලාදේශ කණ්ඩායම විශේෂයෙන්ම කෙටි තරගවලදී සැහැල්ලූවට ලක්කර නොහැකි වඩාත් භයානක කණ්ඩායමක් බවයි.
කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ පෙරේරා සහ සචිත් පතිරණ යන නවක ක‍්‍රීඩකයන් සංචිතයට ඇතුළත්ව සිටිය ද අවසන් 11 දෙනාට ඇතුළත්වීමට ඇති ඉඩ කඩ අඩු බව වාර්තා වේ. ද්‍රවිඩ සංගම් පිල නියෝජනය කරන කිත්රුවන් අද එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වූ පළමු පෙළ තරගයට සහභාගි විය.
බංග්ලාදේශ පිලේ නායක මුෂ්ෆීකුර් රහීම් අද පස්වරුවේ පුහුණු සැසියට පෙර පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ තම කණ්ඩායම පසුගිය වසර කාලය තුළ ඉතාමත් හොදින් ක‍්‍රීඩා කර ඇති බවත් ප‍්‍රබල ශ‍්‍රී ලංකා පිලට එරෙහිව ක‍්‍රීඩා කිරීමට ලැබීම හොද අවස්ථාවක් බවත්ය.
කුසල් ජනිත්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුසල් සංගා වගේ දක්ෂයි. (ස)
ඇයි ඕස්ට්‍රේලියා වලට ඉන්දියාවට ගැහුවේ කවුද ? (ස)
අපි තව එක අවස්ථාවක් තරංගට දීල බලමු. (ස)
අපිනම් බලනවා. නදී බලන්නේ නැති නිසා මැත් එක නවත්තයිද දන්නේ නැහැ. (ස)
සනත් හරි දේ කරනවා. ආරම්භක පිතිකරුවෙක්ට තරංග ගැලපෙන් නෑ. කුසල් වගේ ප්‍රවේගකාරී පිතිකරැවෙක් ඕනේ.(නදී)
ඔන්න දැකලා නැත්නම් අරයව අද හොදට බලාගන්න.(නදී)
තරංගට දෙනවට වැඩිය තුසල්ව දාන එක හොදයි. හොද අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්.(නදී)
ඔහු ආරම්භක පිතිකරුවකු ලෙස තෝරාගැනීම, ඉතාම බුද්ධිමත් තීරණයක්. (ස)
ජයසූරියගෙයි කලුවිතාරනගෙයි ලක්ෂණ පැහැදිලිවම කුසල්ට පිහිටලා තියෙනවා. (ස)
අරයා සෙල්ලම් කරනවා කම් මම මැචි එක බලන්නේ නැහැ. ඔය වගේ පොඩි කන්ඩායමකට නම් වැඩ දායි හෝ ගාලා.(නදී)
ඒක හොද අදහසක්. නියමයි කුසල්.(නදී)
නියමයි.(නදී)