අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ (2013) හත්වැනි සතියේ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී කෝල්ට්ස් පිල නියෝජනය කරන යොවුන් පිතිකරු කුසල් ජනිත් පෙරේරා සැරසන්ස් පිලට එරෙහිව ලකුණු 336 ක් රැස්කරමින් ශ්‍රී ලංකා පළමු පෙළ ක‍්‍රිකට් ඉතිහාසයේ ත‍්‍රිත්ව ශතක ලාභීන් කීපදෙනා අතර එක්විය.

ශ්‍රී ලංකා එක්දින පිල නියෝජනය කරන ප‍්‍රවේගකාරි වමත් පිතිකරු කුසල් ජනිත් පන්දු 275 කදී හතරේ පහර 29 ක් සහ හයේ පහර 14 ක් සමගින් මෙම ත‍්‍රිත්ව ශතකය රැස්කිරීම කැපී පෙනුණි.

සී. සී. සී. පිල නියෝජනය කරන වමතින් පා දඟ පන්දුයවන දිනුක් හෙට්ටිආරච්චි හත්වැනි සතියේ පන්දුයවන්නා බවට පත්වෙමින් 141 කට කඩුලූ 11 ක් දවා ගැනීමට සමත් විය.

මෙහිදී යුද හමුදා පිල ලකුණු 153 කින් කොළඹ ප‍්‍රධාන ක‍්‍රිකට් සමාජයක් වන මුවර්ස් පිල පරාජය කිරීමට සමත් විය.


සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (සී. සී. සී. පිලට ඉනිමක සහ ලකුණු 56 ක ජයක්)

සී. සී. සී. පිල පළමු ඉනිම 367 (අමල් ඇතුළත්මුදලි 77, ගිහාන් රූපසිංහ 38, ගයාන් විජේකෝන් 104, මලිත් ගුණතිලක 27, දිනුක් හෙට්ටිආරච්චි නොදැවී 30, අනිල් රිදිගම්මනගෙදර 51/4, උමේග චතුරංග 132/4)

ගාල්ල පිල පළමු ඉනිම 188 (චමිදු ඉෂංක 33, උමේග චතුරංග නොදැවී 30, දිනුක් හෙට්ටිආරච්චි 83/4) සහ දෙවැනි ඉනිම 123 (ඉමේෂ් උදයංග 28, දිනුක් හෙට්ටිආරච්චි 58/7)


කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී (කෝල්ට්ස් පිලට ඉනිමක සහ ලකුණු 287)

කෝල්ට්ස් පිල පළමු ඉනිම කඩුලූ 8 ට 611 (කුසල් ජනිත් 336, නිසල් රන්දික 93, තිසර පෙරේරා 63, ඉෂාන් ජයරත්න නොදැවී 35, රාජ්කුමාර් රකිත 49/2)

සැරසන්ස් පිල පළමු ඉනිම 184 (රාජ්කුමාර් රකිත 51, ශෂ්රීක පුස්සගොල්ල 44, මොහොමඞ් අස්ලාම් 25, අකිල ධනංජය 49/4, සජීව වීරකෝන් 31/3) සහ දෙවැනි ඉනිම 140 (ලසිත් අබේරත්න 63, ඉෂාන් ජයරත්න 53/5, සජීව වීරකෝන් 43/3)


වෙළගෙදර ක‍්‍රීඩාංගණයේදී (එස්. එස්. සී. පිලට ඉනිමක සහ ලකුණු 70 ක ජයක්)

කුරුණෑගල තරුණ පිල පළමු ඉනිම 164 (මනෝජ් සරත්චන්ද්‍ර 44, ජීවන්ත කුලතුංග 32, සචිත‍්‍ර සේනානායක 41/6) සහ දෙවැනි ඉනිම 178 (මනෝජ් සරත්චන්ද්‍ර 41, චාමික එදිරිසිංහ 43, සචිත‍්‍ර සේනානායක 85/3, කෞෂාල් ලොකුආරච්චි 24/4)

එස්. එස්. සී. පිල පළමු ඉනිම කඩුලූ 8 ට 412 (ධනුෂ්ක ගුණතිලක 46, කෞෂාල් සිල්වා 148, තිළිණ කණ්ඩම්බි 48, කෞෂාල් ලොකුආරච්චි 85, උපුල් බණ්ඩාර නොදැවී 37, ප‍්‍රසාද් කැල්ලෙපත 107/3)


කටුනායක වෙළෙඳ කළාප ක‍්‍රීඩාංගණයේදී (බී. ආර්. සී. පිලට ඉනිමක සහ ලකුණු 13 ක ජයක්)

ලන්කන් පිල පළමු ඉනිම 197 (දිල්හාන් කුරේ 27, ලස්සන ඩයස් 26, මංජුල ද සිල්වා නොදැවී 26, ඇන්ඩි සොළමන්ස් 60/3, සුවන්ජි මදනායක 24/4) සහ දෙවැනි ඉනිම 134 (තාරක වඩුගේ 26, සුවන්ජි මදනායක 16/3)

බී. ආර්. සී. පිල පළමු ඉනිම 344 (හෂාන් ගුණතිලක 42, නිමේෂ් පෙරේරා 33, රොස්කෝ තටිල් නොදැවී 87, ගිහාන් දිල්රුක් 46, හසිත වික‍්‍රමසිංහ 49, ළහිරු මධුෂාන් 27, රජීව් වීරසිංහ 62/6)


බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (බ්ලූම්ෆීල්ඞ් පිලට ඉනිමක සහ ලකුණු 41 ක ජයක්)

බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම 366 (නදීර නාවල 72, දමින්ද රණවීර 55, සංජය ගංගොඩවිල 50, උපුල් ඉන්ද්‍රසිරි 45, ධනංජය ද සිල්වා 96/3)

රාගම පිල පළමු ඉනිම 172 (උදාර ජයසුන්දර 37, කෞෂල්‍ය වීරරත්න 44, ඉම්රාන් ඛාන් 35/3, උපුල් ඉන්ද්‍රසිරි 41/5) සහ දෙවැනි ඉනිම 153 (උදාර ජයසුන්දර 33, ඉයන් ඩැනියල් 25, ධනංජය ද සිල්වා 41, උපුල් ඉන්ද්‍රසිරි 23/5)


කොළඹ ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී (පානදුර පිලට ලකුණු 245 ජයක්)

පානදුර ක‍්‍රීඩා සමාජය පළමු ඉනිම 309 (චාමර සිල්වා 61, සුදේෂ් උමයංග 44, චන්දන අරවින්ද 77, ඩිල්රුවන් පෙරේරා 30, චතුර පීරිස් 38, අකිල ඉෂංක 56/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ට 303 (ඩිල්රුවන් පෙරේරා 93, චාමර සිල්වා 65, චන්දන අරවින්ද 34, චතුර පීරිස් නොදැවී 28, රාජු ගයාෂාන් 18/2)

ගුවන් හමුදා පිල පළමු ඉනිම 173 (ටී. නදීර 44, අචිර එරංග 29, රාජු ගයාෂාන් නොදැවී 36, ගයාන් සිරිසෝම 72/5) සහ දෙවැනි ඉනිම 194 (ටී. නදීර 33, සංජීව බුලත්වල 25, ඩිල්රුවන් පෙරේරා 60/4, ගයාන් සිරිසෝම 64/5)

 
පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී (යුද හමුදා පිලට ලකුණු 153 ක ජයක්)

යුද හමුදා පිල පළමු ඉනිම 365 (චරිත් ප‍්‍රනාන්දු 39, මංජුල ද සොයිසා 142, අසේල ගුණරත්න 26, සීකුගේ ප‍්‍රසන්න 72, ඩිලාන් සොයිසා 25, රවින්ද්‍ර පල්ලියගුරු 26, විමුක්ති පෙරේරා 63/3, දිල්හාර ලොකුහෙට්ටිගේ 66/3) සහ දෙවැනි ඉනිම 158 (රිෂාන් කාවිංග 25, සීකුගේ ප‍්‍රසන්න 26, මංජුල ද සොයිසා 25, ජනක ගුණරත්න 57/3, මාලින්ද පුෂ්පකුමාර 60/5)

මුවර්ස් පිල පළමු ඉනිම 259 (ෂෙහාන් ජයසූරිය 153, චතුරංග ද සිල්වා 30, ඉම්රාෂ් රෆ්ෆි 26, සීකුගේ ප‍්‍රසන්න 121/3, අජන්ත මෙන්ඩිස් 62/3) සහ දෙවැනි ඉනිම 111 (චතුරංග ද සිල්වා 29, රොෂාන් ජයතිස්ස 41/6, අජන්ත මෙන්ඩිස් 17/3)


වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී (එන්. සී. සී. පිලට කඩුලූ 5 ක ජයක්)

නාවික හමුදා පිල පළමු ඉනිම 180 (විමේෂ් වික‍්‍රමසිංහ 50, දුලීක තිස්සකුට්ටිගේ 28, බුද්ධික හසරංග 45, චමින්ද විදානපතිරණ 24/3, රමිත් රඹුක්වැල්ල 23/3) සහ දෙවැනි ඉනිම 278 (දුලීක තිස්සකුට්ටිගේ නොදැවී 100, යොහාන් කුමාර 57, සොහාන් බොරලැස්ස 96/7)

එන්. සී. සී. පිල පළමු ඉනිම 354 (නිරෝෂන් දික්වැල්ල 64, ෆර්විස් මහරුෆ් 116, ඇන්ජලෝ පෙරේරා 73, කෝසල කුලසේකර 35, ළහිරු මධුසංඛ 33, දුලංජන් මෙන්ඩිස් 117/5, ලක්මාල් කීර්තිරත්න 85/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 105 (ජෙහාන් මුබාරක් 44, දුලංජන් මෙන්ඩිස් 42/5)

 
පී. සරවනමුත්තු ක‍්‍රීඩාගංණයේදී (ද්‍රවිඩ සංගම් පිලට කඩුලූ 4 ක ජයක්)

මේරියන්ස් පිල පළමු ඉනිම 209 (නුවන් කාවින්ද 28, නිෂාම් මෂාහිර් 32, සචිත් පතිරණ 61, ජීවන් මෙන්ඩිස් 53/5) සහ දෙවැනි ඉනිම 155 (උමේෂ් කරුණාරත්න නොදැවී 78, තිලකරත්න සම්පත් 45/5)

ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 156 (දෙනුවන් රාජකරුණා 37, තිලකරත්න සම්පත් 39, පුලින තරංග නොදැවී 33, සචිත් පතිරණ 63/5, උමේෂ් කරුණාරත්න 32/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 209 (දෙනුවන් රාජකරුණා 46, සචිත‍්‍ර සේරසිංහ 58, රුමේෂ් බුද්ධික 36, උමේෂ් කරුණාරත්න 64/3)

 
එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (තරගය විසඳුමකින් තොරව අවසන්)

බදුරලිය පිල පළමු ඉනිම 223 (මාලිංග මාලිගස්පේ 29, හාන්ස් ප‍්‍රනාන්දු 42, ගයාන් ද සිල්වා 28, සහන් විජේරත්න 35, අලංකාර අසංක 41, ඔමේෂ් විජේසිරිවර්ධන 29/3) සහ දෙවැනි ඉනිම 270 (නිලූෂාන් නෝනිස් 37, මාපා බණ්ඩාර 91, සාලිය සමන් 91, ඉසුරු උදාන 70/3)

වරාය අධිකාරි පිල පළමු ඉනිම 413 (යොහාන් ද සිල්වා 40, ගයාෂාන් වීරසේකර 48, ගයාන් මනීෂාන් 39, මුතුමුදලිගේ පුෂ්පකුමාර 34, ඉසුරු උදාන 59, ශානුක දිසානායක 140, ළහිරු ගමගේ 107/4, සාලිය සමන් 92/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 57 (අෂාන් ප‍්‍රියංජන් 25, සාලිය සමන් 20/2)