(ඩයනා උදයංගනී)
කසල කළමනාකරණය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීම මෙන්ම ලංකාවේ සියලූ ප්‍රධාන නගරවල කසල කළමනාකරණය එක් මධ්‍යම කසල කළමනාකරණ අධිකාරියක් යටතට ගෙනඒම ඒම වහාම කළ යුතුයැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ දී අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ප්‍රාදේශීය සභා, නගර සහ අමාත්‍යාංශවලට කසල කළමනාකරණය කිරීම අපහසු බව කී ඇමතිවරයා එය එක අධිකාරියක් යටතේ කළ යුතු බවත් ඒ වෙනුවෙන් තම අමාත්‍යාංශයේ වගකීම් ඉදිරි කාලයේ දී ඉටුකරන බවත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසල කලමනකරණය නම් අත්‍යවශ්‍ය සේවාවක් කරන එක හොදයි. එත් අපේ රටේ කොහෙද කසල කළමනාකරණයක් තියෙන්නේ? අපේ රටේ කරන්නේ කුණු තැන තැන්වල ගොඩගහන එකනේ. ඒකද මහලොකු කළමනාකරණය? තක්කඩි දේශපාලුවන්ට කොමිස් ලැබෙන හොද සෙල්ලමක්නේ කුණු ගොඩ ගැහිල්ල සහ ඒ ආශ්රිත යටිකුට්ටු ව්‍යාපාර.
"අස්වය පැන ගිය පසු ඉස්තාලය වැසීම"
කසල ගොඩක්
ඔබතුමා, තමාගේ නොහැකියාව මත ඉල්ලා අස්වීමත් අත්‍යවශ්‍ය ජනතා සේවාවක්.
පළාත් පාලන ආයතන (විශේෂයෙන් මහ නගර සභා, නගර සභා, සුලු නගර සභා, ප්‍රාදේශීය සභා) වල ප්‍රධාන රාජකාරිය සිය බල ප්‍රදේශ වල කුණු ඉවත් කිරීමයි. තමන්ගේ ප්‍රධාන රාජකාරිය ඔවුන්ට නිතරම මතක්වන ආකාරයට එම ආයතන වලත් නිලධාරින්ගෙත් නම් වෙනස් කිරීම සුදුසුය.
ඔය විදිහට වෛද්‍ය සේවාවත් ගැසට් කරන්න උසාවි අවසර නැතුව වර්ජනය කරන දොස්තරලා... පාර හරස් කර උද්ඝෝෂණ කරන වෛද්‍ය සිසුන් හැමෝම අල්ලලා දවස් දෙක තුනක් රිමාන්ඩ් කරන්න...
එතකොට දේශපාලකයාට කොමිස් දෙන්නේ නැති කොම්පැනියක් හොයාගන්නේ කොහොමද?... හිතන්න එපා මේ රටේ හැම මිනිහෙක්ම දේශපාලුවන්ගේ බොරු විශ්වාස කරන අය කියලා. "හොරු සමග කුණු" මේ තමයි දැන් පෙන්වන අලුත්ම වෛවර්ණ චිත්‍රපටිය.
මෙච්චර කාලයක් ඉඳල 30-40ක් මැරුණාමනේ මතක්වෙන්නේ අපහසුතාවයන්...