පිටරටින් කොළඹ වරායට සේන්දුවන නැව් කවරේදැයි කල් තියා දැන ගැනීමටත් ඒ නැව් අතරේ අපද්‍රව්‍ය බැහැර කිරීමට අවශ්‍ය නැව් මොනවාදැයි යන්න ගැන කල්වේලා ඇතිව දැනගැනීමේ හැකියාවක් ලබාදෙන මෘදුකාංගයක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට ළඟදීම සපයන බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ව්‍යාපෘති ප්‍රධානී කාංචන තුඩුගල මහතා පැවසීය.
‘‘මෙම මෘදුකාංගයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීමේ අවශ්‍යතාවය ඇති නැව් ගැන කල් තියා දැනගත හැකිය. එම නිසා අවශ්‍ය ක්‍රියාමාර්ග නිසි ලෙස ගැනීමට පිළිවන. එවිට මුහුදත් වෙරළත් ආරක්ෂාකාරී වන ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීමට හැකියාව සැලසෙයි.‘‘
දැනට විධිමත් ක්‍රියා මාර්ගයක් නොමැතිකමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට විවිධ බැරෑරුම් ගැටළු ඇතිවන අවස්ථාවන්හි සාර්ථක පිළිතුරක් ලබාදීමට මෘදුකාංගය සමත් වන බව කාංචන තුඩුගල මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නෑ සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි.(හේ)