දකුණු අප‍්‍රිකාවට එරෙහිව ජනවාරි මස 11 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිල තෝරා ගැනිම සඳහා පැවැති තේරීම් තරග දෙකේදී එක්දින පිල නියෝජනය කළ කෝසල කුලසේකර, තිළිණ තුෂාර මිරැන්ඩෝ සහ මහේල උඩවත්ත කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූහ.
මෙම තරග දෙක පසුගිය 30 සහ 31 දෙදින එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පළමු තරගයේදී උපුල් තරංගගේ පිල විසින් කඩුලූ හතරකින් තිළිණ කණ්ඩම්බිගේ පිල ද, දෙවැනි තරගයේදී චාමර කපුගෙදරගේ පිල විසින් කඩුලූ 8 කින් උපුල් තරංගගේ පිල ද පරාජය කරන ලදී.
පළමු තරගයේදී කණ්ඩම්බිගේ පිල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ කෝසල කුලසේකර පන්දු 81 කදී ලකුණු 90 ක් රැස්කිරීමට සමත් විය.
දෙවැනි තරගයේදී වමතින් වේග පන්දු යවන තිළිණ තුෂාර මිරැන්ඩෝ දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලූ 4ක් බිඳ හෙළිමට ද, ආරම්භක පිතිකරු මහේල උඩවත්ත ලකුණු 74 ක් රැස්කිරීමට ද සමත් වූහ.
දෙවැනි තරගය
උපුල් තරංගගේ පිල ඕවර 36.1 කදී 130 (සචිත‍්‍ර සේනානායක 31, සමීර සොයිසා 15, තිලිණ තුෂාර මිරැන්ඩෝ 33/4, නුවන් කුලසේකර 16/2)
චාමර කපුගෙදරගේ පිල ඕවර 18 කදී කඩුලූ 2 ට 131 (මහේල උඩවත්ත 74, ඩිල්ෂාන් මුණවීර 24, භානුක රාජපක්‍ෂ නොදැවී 18, මාලිංග බණ්ඩාර 26/2)
පළමු තරගය
තිළිණ කණ්ඩම්බිගේ පිල ඕවර 47.2 කදී සියලූ දෙනා දැවී 183 (කෝසල කුලසේකර 90, තිළිණ කණ්ඩම්බි 33, සුරාජ් රන්දීව් 13, ලසිත් මාලිංග 12, ශාමින්ද එරංග 41/2, තරංග ලක්‍ෂිත 44/3, ෆර්විස් මහරුෆ් 25/2, සචිත‍්‍ර සේනානායක 32/2)
උපුල් තරංගගේ පිල ඕවර 41.3 කදී කඩුලූ 6 ට 184 (ධනුෂ්ක ගුණතිලක 45, උපුල් තරංග 34, ඇන්ජලෝ පෙරේරා 24, සමීර සොයිසා නොදැවී 22, සුරාජ් රන්දීව් 18/2, කෞෂල්‍ය ලොකුආරච්චි 25/2)
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd