‘මම හොදින් සේවය කළ රාජ්‍ය නිලධාරියෙක්. මටත් මෙහෙම කරනවා නම් අනිත් නිලධාරීන් හොඳින් වැඩ නොකරයි. මට උදව්වට මෙතනට ආ හැමෝටම ස්තුතියි.‘ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිට දී කීවේය.
එතැන විරෝධතා දැක්වූ පිරිස ගෝඨාභයට සහාය දක්වා ‘අපේ වීරයා, සිංහයා‘ යැයි කියමින් කෑගැසූහ.
විරෝධතාකරුවන් අතර හිටපු ඇමැති ඩලස් අලහප්පෙරුම සහ බන්ධුල ගුණවර්ධන ද වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ අපට වීරයෙක්. කුමක් කලත් ඔබ ඉතිහාස ගතවෙලා ඉවරයි. අපි ඔබ සමග. (ර)
ගෝඨාභය රාජපක්ෂ මැතිඳු හොරෙකූ නොවේ.ඔහු මේ රට ජාතියට සාමය ගෙනඒමට වීශාලතම මෙහෙවර කළ පුද්ගලයාය. (නි)
ඝෝඨට අත නොතබමු ...! (ර)
අමහර මිනිස්සු මේ රට ආරක්ෂා කරගැනීමට කැමති නැහැ එයාලා දක්වන ප්‍රතිචාර වලින් ඒ බව පෙනෙනවා. ගෝඨාභය වැනි දක්ෂ යුග පුරුෂයෙක් කළ කාර්යභාරය සත් පුරුෂයෝ හොඳින් දන්නවා.එනිසා එවන් වීරෝධාර යුග පුරුෂයන් වෙනුවෙන් අපි ඉන්නවා. (නි)
තව අවුරුදු 10ක් හිටියා නම් අපිට මොනවා වෙයිද? (නි)
මේ වාරේ නුඹේ එන වාරේ අපේ .... සිංහලයිනි, එක්වවූ! සිංහල රට ජාතිය බේරාදුන් ජාතික වීරයා බේරාගැනීමට සැරසෙවු! (නි)
තමා කළ නිවැරදි ක්‍රියාවල ප්‍රතිඵල සෙවණැල්ල සේ පිහිට වේ (නි)
මොහු වීරයෙක්....! මොහුට කෙනහිලිකම් කලොත් ඒක සාපයක්ම වෙයි . (ස)
ඇසළගේ මොලය කොලොප්පන් වෙලා වගේ ! (ස)
අපොයි ඔවු අපි නොදන්නවායැ? (නි)
වරදක් කරලා නැත්නම් බියවිය යුතු කාරණයක් නැති බව මතක තබාගන්න (නි)
ඔබ නියම වීරයෙක්. ඔබව අත් අඩංගුවට ගන්න වෙර දරන මේ යහ පාලකයන් අති බිහිසුනු ත්‍රස්තවාදයෙන් රට බේරාගන්න කුමක්ද කලේ? මතකද පාමංකඩ, මැදවච්චිය කතාව............ හොඳින් සිතන්න..... ඔබත් රටේ ඒකීය භාවය අගය කරන කෙනෙකුනම්...... මේ සිදුවන දේ කුමක්දැයි වටහා ගැනීමට හැකි වේවි. (ස)
කම්බ හොරෙක්. තාම ඉවර නැහැ. කොහොමත් වැලිකඩ යවනවා. (ස)
තමුන් වරදක් නොකළා නම් ඔහුට කරන්න තිබ්බේ රැස්වෙලා හිටිය ජනතාව අමතලා ඒ බව කියලා සාධාරණය ඉටුවෙනතුරු ඉවසා බලා ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නේ නැතුව නීතියට අනුව කටයුතු කරන්න කියලා ප්‍රකාශ කරන්න නේද? (නි)
ඇසල මල්ලි, මෙන්න මේ සින්දුව අහලා තිබෙනවද? "රජකම් කෙරුවත්...කළකම් පල දේ.....ගිය වාරේ ඔබේ....මේ වාරේ අපේ....." (නි)
ඔහු වීරයෙක් විය. නමුත් ඔහු නීතිය අවභාවිතා කළා නම් රටේ නීතිය ක්‍රියාත්මක වීම අසාධාරණද? හැඟීම් අවුස්සමින් බුද්ධිය යටපත් කරන්නට කල්ලියක් පෙරමඟ අරන්... (නි)
අපි බලමුකෝ ඇත්තද කියන්නේ කියලා (නි)
හොඳින් සිතා බලන්න. මේ වැරදි නැවත නිවැරදි කරන්න නම් ලේසි වෙන එකක් නැහැ. (ර)
පුෂ්පකුමාර, මේ සින්දුව ඔයා අහන්න ධර්මේ රකින්නා ධර්මෙන් සුරැකේ .. එය නොම දන්නා සසරේ මැරී මැරී තැවෙයි. (ර)
ඔබ යුග පුරුෂයෙක්. ඔබ ගේ නම ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියැවී අවසන්. ඔබට දළදා සමිඳුගේ රැකවරණය ලැබේවා! (නි)
ගෝඨා බබා (ස)
සුචින්ත, මොකක්ද අනේ ඔයාගේ බිස්නස් එක ....? (ස)
සත්‍යපලට තම කොලොප්පන් මන් හිතන්නේ. නවුෂාඩ් මෙයා එක්ක තරහ ඇයි කියල අපි දන්නවා. දිලිප් දේශාබිමානය කියන එක වචන වලින් නවත්වන්න අමාරුයි. (ස)
මේ යහපාලන නඩේ බලයට ආවේ නිකම් නොවේ.රටට ආදරය කරන රට කොටි ත්‍රස්ත්‍රවාදයෙන් නිදහස් කල මේ යුග පුරුෂයින් විනාශ කිරීමේ වැඩ පිළිවෙලටයි එජාපය ඇතුළු ද්‍රෝහීන් අද එය කරගෙන යනවා.එනිසා රටට ආදරය කරන ජනතාව එක්ව සිටිමු. ගෝඨාභය මැතිදුන්ට ජය වේවා. (ස)
ගෝටා කියන්නේ සුදුවෑන් භීෂණය ඇති කරපු කෙනා.. හරිනම් ගෙනියන්න ඔනෑ අල්ලස් කොමිසමට නෙමේ 4 වැනි තට්ටුවට (ස)
ආණ්ඩුව මාරු නොවුනා නම් මේ වගේ අදහස් පල කරන්න ලැබෙයිද? (ස)
විජයබාහු අහමඩ් කියන කතාව. (ස)
පලවෙනි වරද රාජ්‍ය සේවයේ සිටිමින් තම සහෝදරයාගේ දේශපාලන කටයුතු කිරීමයි. දෙවන වරද කොලොන්නාව ප්‍රදේශයේ කුඩු වලට සම්බන්ධ දේශපාලකයෙක්ව ආරක්ෂක වැඩබලන මන්ත්‍රී කිරීමයි. මේව මතක නැත්තෙ ඇයි ගෝඨාභය බබාට. (ස)
අනේ, බබා. (ස)
වරදක් කලත් සිතකින් නොවේ. (ස)
සුදු වෑන් බිල්ලා නේද මේ ? දුප්පත් මිනිසුන්ට සින්නක්කර අයිති ඉඩකඩම් වලින් හමුදා බලය යොදා එලවපු ගෙදරට සිංහයා. කල කල දේ පල පල දේ. තව ඉවර නෑ. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් හොඳේ. සමහරක් මෙතන අදහස් දමන්නේ කෝමා එකක් හැදිලා ඉඳල දැන් නැගිට්ට වගේ. (ස)
ජනතාවනි, මොහු සමග සරත් ෆොන්සේකා සසදන්න, ඔහු තමා සටනේ නියමුවා. හොඳ නිලධාරියෙක්. මේවා දිට්ඨ ධම්ම වේදනීය කර්ම! එදා තිබුන අසීමිත බලයෙන් කරපු දේවල්,අපිට කනගාටුයි. (ස)
මෙයා අපේ බිස්නස් එකෙනුත් කප්පම් ඉල්ලුවා. මම මෙයාට සර් කියලත් කිවුව. මේ මිනිහ එදා අපිට තරවටු කලේ උඹලට ලංකාවෙන් පිට වෙන රටකට යන්න බෑ. එ්ක හින්ද මම කියන විදියට වැඩ කරපන් කියල. නැත්නම් හතර හන්දි කඩලා වැලිකඩ දානවා කිවුව. අපේ දාඩිය මහන්සියෙන් සැප ගත්තට මෙයාට හොඳ වැඩේ. (ස)
ගෝඨාභය වීරයෙක් නම් සරත් ෆොන්සේකා අයිති වෙන්නේ කොහෙටද ? ගෝඨාභය කරපු අපරාධ , සුදුවෑන් භීතිකාව , අැවන්ගාඩ් නාවික හමුදාවට ලැබෙන්න තිබුන කෝටි ගණනක් හොර සමාගමක් හදාගෙන පිටරට ගිණුම් වල දාගෙන ගසාකාපු එක හරිද ? කේපී ව තියාගෙන කරපු හොර අවි ජාවාරම , මත්කුඩු ජාවාරම , මේ සේරටම ඔය ඔක්කොම වගකියන්න ඕන. මේවා සුද්ද කරන වුන් මේ මහපොළවේ තියන්න හොඳ නැහැ. (ස)
නාමල් ,රාජපක්ෂලා ,වැරදි කරලා තියනවනම් ඒ සදහා දඩුවම් දීම අධිකරණය සතු කාරියක් ,නමුත් ජනතාවට පුළුවන් කමක් නැහැ මේ වෙනුවෙන් අධිකරණ නියෝගවලට පිටින් යන්න හා නිතිය අතට ගන්න. මේක මහා ඛේදවාචාකයක්. (ස)
නවුෂාඩ්ල වගේ ඉතිහාසයක් ජාතික අභිමානයක් නැති අයට අපේ වීරයන් වැලිකඩ යවන්න අපි ඉඩ දෙන්නෙ නෑ කියල මතක තියා ගන්න. (ස)
මෙයා සුදු වෑන් වලින් කරපුව අපිට අමතක නෑ. (ස)
ශ්රී ලංකාවේ වරදකට සැකකරුවෙක් වීම වීරයෙක් වීමටත්, දේශපාලන ගමනට ලකුණු එකතු කිරීමකුත් සිදුවෙන යුගයක් වෙමින් පවතී. මෙහි ප්‍රතිචාර දක්වා ඇති බොහෝ දෙනාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද දින කිසියම් වරදකට සැකකරුවෙකු වුණොත් ඔහුගෙන් ප්‍රශ්න කළයුතු නොවේද? ඒ වගේම පසුගිය යුධ සමයේ අතපය අහිමිවුණ වීර සෙබළුන් කිසියම් නීතිවිරෝධී ක්‍රියාවකට සැකකරනු ලැබුවොත් නීතිය ක්‍රියාත්මක වියයුතු නොවේද? (නි)
බුද්ධික ඔයාට හොඳට මතකද දැකපු දේ හරියට නිවැරදිව අල්ලස් කොමිසමට ඇවිත් ප්‍රකාශ කරන්න. (ස)
නව්ශාඩ් ඔබ හරි, හෙළයා උනත් ජඩයෙක්නම් පහරදෙනු කියල අපේ සුබාශිතයේ තියෙනවා , දෙමළා උනත් විරුවෙක් නම් ගරු කරනු , ගෝඨා අැමරිකාවට ගිහින් හැංගිලා අවුරුදු 15 ක් හිටිය. මෙහෙම අය වීරයෝ කරන්නේ එයාලත් ඒවගේ නිසා වෙන්න ඕන. (ස)
බුද්ධික, සුදු වෑන් වලින් ඉස්සුවේ පාතාලේ අයයි කුඩු කාරයොයි. ඔයා මේ දෙකෙන් මොකක්ද කරේ ? (ස)
ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් මේ රට ජාතියට කළ සේවය අගය කළයුතුයි. කොටි ත්‍රස්තවාදයෙන් රට නිදහස් කිරීමට ජීවිතය කැපකර, ශ්‍රී ලංකාව දීර්ඝකාලීන සංවර්ධනයක් කරා මෙහෙයවීමට බුද්ධිමත්ව කටයුතු කළ කෙනෙක්. (නි)
කෑම බෙදාගන්න පොර කන අපිට.. මේක අරුමයක්ද (ත)
හොඳ රාජ්‍ය නිලධාරියෙක් නම් ජන්ද කාලෙ වේදිකාවලට නැග්ගෙ ඇයි?...දැන් මෙතනත් අධිකරණ නියෝග නොතකා රැස් වෙලා ඉන්නවා...රැස් වෙලා ඉන්න අයට මෙයා අමතනවා....ඒකත් වැරැද්දක්... (ත)
ප්‍රභාකරන්ට විරුද්ධව කළ යුද්දයේ ගෝඨාභය පතාක නායකයෙක්. මොහුගේ කළමනාකරණ හැකියාව රටම දන්නවා. යහපාලනයේ විකාරය රටම දන්නවා.(ත)
සුදු වෑන් කියන එක අපේ ලොකු නෝනගේ කාලෙත් තිබුණා. (ත)
ඇඹුල්දෙනියේ සුවිසල් නිවස ව්‍යාපාරිකයෙක්ගේ දාඩිය මහන්සියෙන් ඉදි කළ එකක්. ඒක බලෙන් අරගෙන නැන්දම්මාගේ නමට හරවා ගත්තා. මේගොල්ලන්ගේ පවුලේ විස්තර මාතර පැත්තේ පරණ මිනිස්සුන්ගෙන් ඇහුවොත් කියාවි. හිටියේ කොහොමද දැන් කෝටිපතියෝ වුනේ කොහොමද කියලා . රටේ මිනිස්සුන්ට පෙන්නන්නේ ඒ පැත්තේ හිටපු ප්‍රභූ පවුලක් කියලා. ඒ හරිය ප්‍රදේශයේ පරණ වයස්ගත මිනිස්සු දන්නෝ දනිති. (බ)
ගෝඨාභය විදේශ සමාගම් වලින් කෝටි ගනන් මුදල් උපයාගෙන ඇත. ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවිය යුතුය. බෞද්ධ දර්ශනය අනුවද ඔහුට දඬුවම් ලැබේවි. (ස)
යුද්දේ පටන් ගත්ත විතරයි අසනීප නිවාඩු දාල ඇමෙරිකාවට ගිහින් ආපහු ආවේ සහෝදරයා බලයට පත් වුනාම. හැබැයි සමහරුන්ට අර දිගටම යුද්ධ පිටියේ දුක් විඳිමින් මව් රටේ හිටිය මිනිස්සු ද්‍රෝහියෝ. (බ)
අහසින් කඩා පාත් උන තමන්ට ලැබුණු බලය තුලින්, පුහු වීරයෝ උන සමහර වීරයින්ගේ කතා අහන කොට වෙලාවකට හිනා යනවා. අපේ සමහරු බැලුම් පුම්බල ඒවා වීරයෝ කරන්න හදනවා. හැබැයි එහෙම බැලුම් වීරයින්ට කටු වලින් අනින්න ඕන නැහැ, මදුරුවෙක් වැහුවත් "චුහුස් ගාල" හුලන් ටික බහිනවා. හැබැයි ෆොන්සේකා මහත්මයල වගේ සැබෑ විරයින්ව නම්, කටුවලින් නෙමේ මිටිවලින් තලලවත් හුලන් බස්සවන්න බැරි උනා. කෘතීම විරකමෙයි සැබෑ විරකමෙයි වෙනස ගැනයි මම මේ ලිව්වේ. (බ)
කිසිම වරදක් නොකළ නම් කිසිම බියක් නැතුව කට උතරයක් දෙන්න (ස)
සමීර දැන් ඔය කියන්නේ ෆීල්ඩ් මාෂල් මහත්තයත් හොඳ රාජ්‍ය නිලදාරියෙක් නෙවේ කියලද. එයාට පක්ෂයකුත් තියනවා. නිකන් ගොන් කතා කියන්නේ නැතුව ඉන්න (ස)
විදෙස් කුමන්ත්‍රණ කාරයින්ගේ සුරතලුන් බවට පත්ව ඇති වත්මන් ආණ්ඩුව දින සීය කියා ගනිමින්, රාජ්‍ය ආරක්ෂාව, බුද්ධි අංශ, රාජ්‍ය අනන්‍යතාවය සහ රටේ ඒකීය භාවය අමු අමුවේම සමුල ඝාතනය කරමින් ඇති බව පෙනෙන්නට තිබේ. කිසිදු වග විභාගයකින් තොරව මාධ්‍ය සංදර්ශන පවත්වා මේ සතුටු කරවන්නේ දමිල ඩයස්පෝරාව හා අනෙක් රාජ්‍ය ද්‍රෝහීන් බව පැහැදිලිවම අපට පෙනේ. ඉතාමත්ම සීමාසහිත කාලයක් අප බලා හිදිමු. (ස)
හොඳයි එහෙනම් කියමු බලන්න මේ ආණ්ඩුවේ ප්‍රභල ඇමැතිවරයෙක් පොහොසත් වුණේ කොහොමද කියලා. (ත)
විදෙස් කුමන්ත්‍රණ කාරයින්ගේ සුරතලුන් බවට පත්ව ඇති වත්මන් ආණ්ඩුව දින සීය කියා ගනිමින්, රාජ්‍ය ආරක්ෂාව, බුද්ධි අංශ, රාජ්‍ය අනන්‍යතාවය සහ රටේ ඒකීය භාවය අමු අමුවේම සමුල ඝාතනය කරමින් ඇති බව පෙනෙන්නට තිබේ. කිසිදු වග විභාගයකින් තොරව මාධ්‍ය සංදර්ශන පවත්වා මේ සතුටු කරවන්නේ දමිල ඩයස්පෝරාව හා අනෙක් රාජ්‍ය ද්‍රෝහීන් බව පැහැදිලිවම අපට පෙනේ. ඉතාමත්ම සීමාසහිත කාලයක් අප බලා හිදිමු. (ස)
හොඳයි එහෙනම් කියමු බලන්න සුදු වෑන් එව්වේ කවුද කියල? (අ)
අපි දන්නා විදිහට නම් ඉතින් සැබෑ වීරයෝ වටේ බුරුවෝ ඉන්න විදිහක් නැහැ. එක අතකට නිවට බුරුවන්ට පුලුවන්නම්, වීරයෝ බිහිකරන්න එකත් ඉතින් නරකම නැහැ. (ස)
ඔබ අපට වීරයෙක්. (ර)