වෙන්නප්පුව බෝලවත්ත, ගිං ඔය ආශ්‍රීතව සහ කොච්චිකඩේ මහ ඔය ආශ්‍රීතව පවත්වාගෙන ගිය බව කියන මහා පරිමාණ නීති විරෝධී කසිප්පු ස්කාගාර 4 ක් වටලා රුපියල් ලක්ෂ පහලොවකට අධික වටිනාකමින් යුතු ගෝඩා බැරල්, ස්ප්‍රීතු බෝතල් සහ කසිප්පු පෙරීමේ උපකරණ තොගයක් අත් අඩංගුවට ගත් බව සුරා බදු දෙපාර්තමේන්තුව කියයි.
සුරාබදු නිලධාරීන් පනස් දෙනෙකුගේ පමණ කණ්ඩායමක් එක්ව යාන්ත්‍රික බෝ්ටටු දෙකක් යොදාගෙන මෙම වැටලීම සිදු කොට ඇත. වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් පලා ගොස් ඇති බව සුරාබදු නිලධාරීහු කියති.
මෙහිදී කසිප්පු පෙරීමට සුදානම් කර තිබු ගෝටා බැරල් 38 ක්, නීති විරෝධී ස්ප්‍රීතු බෝතල් 50 ක්, ගෝඩා ලීටර් 7600 හා කසිප්පු පෙරීමට යොදා ගන්නා උපරකරණ තොගයක් ද අත් අඩංගුවට ගෙන ඇත.
මින් කසිප්පු ස්කාගාර තුනක් ගිං ඔය ආශ්‍රීතව පවත්වාගෙන ගොස් තිබු අතර අනෙක් ස්කාගාරය මහ ඔය ආශ්‍රීතව පවත්වාගෙන ගොස් ඇත.
ගෝඩා බැරල් ජලය තුළ ගිල්වා තිබු බවත් තවත් කොටසක් ගිං ඔය ආශ්‍රීතව වැවෙන කඩොලාන විශේෂයක් වන ගිං පොල් පඳුරු අතර සගවා තිබියදී ජලය තුළ කිමිදී මහා පරිශ්‍රමයක් දරා සොයාගත් බව සුරාබදු නිලධාරීහු කියති.
සුරා බදු දෙපාර්තමේන්තුව පවසනුයේ කජු ලෙලි සහ දර යොදාගෙන මෙහි කසිප්පු පෙරීම මහා පරිමාණයෙන් කාලයක සිට සිදු කිරීම නිසා ගිං ඔය ආශ්‍රීතව වැවෙන ශ්‍රී ලංකාවේ වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති ශ්‍රී ලාංකාවට ආවේනික කඩොලාන විශේෂයක් වන ගිං පොල් ශාඛයට විශාල ලෙස හානි සිදු වී ඇති බවයි. එසේම කසිප්පු සැගවීමට සහ ස්කාගාර පවත්වාගෙන යාමට ගිං පොල් ශාඛ කපා දමා ඇති බවත් ගිනි රස්නය නිසාද මෙම ශාඛ පද්ධතියට දැඩි හානි සිදුවී ඇති බවත් එම නිලධාරීහු පවසති.
මීට අමතරව කසිප්පු පෙරා ඉවතලන ගෝඩා ජලයට මිශ්‍ර වීම සහ ගෝඩා බැරල් ජලය තුළ ගිල්වා තැබීම නිසා මෙම පරිසර කලාපය ආශ්‍රීතව ජීවත් වන ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍ය සහ කුරුළු විශේෂ වල පැවැත්මටද දැඩි තර්ජනයක් එල්ලවී ඇති බවත් ඔවුහු කියති.
එමෙන්ම ගිං ඔය ආශ්‍රීත පරිසර පද්ධතිය නැරඹීමට එන විදෙස් සංචාරකයින් බෝට්ටු මගින් පැමිනෙන බැවින් මෙම ජාවාරම් ඔවුන්ට දර්ශණය වීම නිසා ලංකාව අපකීර්තියට පත්ව වන බවත් සුරා බදු නිලධාරීහු වැඩි දුරටත් පැවසුහ.
සුුරාබදු කොමසාරිස් ජෙනරාල් එල්.කේ.ජී ගුණවර්ධණ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය සුරා බදු කොමසාරිස් (අපරාධ) ෙජ්. පුෂ්පකුමාර සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක ඒ.ඒ ලැම්බට් මහතා අනාවරණය කරගත් තොරතුරු මත සුරාබදු නිලධාරීන් 50 ක් පමණ එක්ව මෙම වැටලීමට සිදුකොට ඇත.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරංග , එහෙම පටු විදියට හිතන්න එපා. ඒ නිලධාරින් කරන දේ විඩියෝව බලනකොට පෙනෙනවා. ඔය ගඟ දෙපැත්තේම ඌරු කොටු තිබෙනවා. ඒ අපද්‍රව්‍ය සියල්ල එකතුවන්නෙ ගිං ඔයට. එහෙම තියෙද්දි ඒ නිලධාරින් මඩවතුරේ බැහැලා කරන රාජකාරිය දැක්කහම පව් කියලා හිතෙනවා. සුරාබදු නිලධාරින් කොහොමහරි කරලා තියෙන දේ ගැන ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න. ඒකයි මිනිස්කම (නි)
මට අසයි ටිකක් බීල බලන්න. (ර)
කසිප්පු උවදුර නැතිකරන්න පුලුවන් නම් ලොකු දෙයක් (නි)
පින් ඇති වැඩක්.(හේ)
මෙවනි නිති විරෝධි ක්‍රියාවන් නැවත්විමට සුරාබදු නිලධාරින් ගන්නා උත්සහයට අපගේ ප්‍රසංසාව හිමිවිය යුතුයි. විඩියෝව බැලිමේදි නිලධාරින් ගන්නා උත්සහය හොදින් ප්‍රදර්ශනය වේ. (ර)
ඕක දැන්ද අල්ලන්න මතක් උනේ? ඔය ජාවාරම වසර 30 කට වැඩිය ඔතන කරා. (ර)