සැම දිස්ත්‍රික්කයකම කෘෂි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පිහිටුවා කසිප්පු ජාවාරමේ නිරතවන්නන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමේ මූලික කටයුතු ඇරඹූ බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසීය.
කසිප්පු ජාවාරමේ නිරතවූවන් ඉන් මුදවාගෙන ඔවුන්ට ආර්ථික පිළිසරණක් ලබාදීම මෙහි අරමුණයි.
මෙම කර්මාන්ත ශාලා පිහිටුවීමට සම්පූර්ණ දායකත්වය ලබාදීමට එක්සත් ජාතීන්ගේ කර්මාන්ත හා සංවර්ධන මණ්ඩලය එකඟවී ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අගෝස්තු මාසයේදී නිව්යෝක් සංචාරයේදී මෙයට අදාළ සියලුම කටයුතු සම්පාදනයට නියමිත බවත් වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අපරාධ හා කාන්තා හා ළමා හිංසනය අඩුවෙයි.ගොඩක් හොඳයි ඒ වැඩේ (නි)
මීට වඩා හොද නැද්ද රටේ සංවර්ධනයට ප්‍රයෝජනවත් ආගම හා සංස්කෘතියට ගැලපෙන කර්මාන්ත පුරයක් අරඹා එම පුද්ගලයන්ට හොද වැටුපක් ලබා දී ඔවුන් යහ මගට ගැනීමට අවශ්‍ය කටයුතු කළානම් හොඳයි (බ)
අරක්කු මිල අඩු කරන්න. එතකොට කසිප්පු පෙරන්න ඕන වෙන්නේ නැහැ. නැති වෙලාම යයි.(හේ) .
මේ තුලින් වෙන්නේ ගමේ සංවර්ධනයක් ඒ වගේම සැම දිස්ත්‍රික්කයකම කෘෂි නිෂ්පාදන දිරිගැන්වීමක් ජනතාවගේ දැත් දැත් ශක්තිමත් වෙන්න ඕනි .(හේ)
කසිප්පුත් කෘෂි නිෂ්පාදනයක් තමා (ම)