
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කසිප්පු වැටලීමකට ගිය කැකිරාව පොලිසියේ සැරයන්වරුන් හත් දෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළත් කර ඇතැයි කැකිරාව පොලිසිය සඳහන් කරයි.
කැකිරාව පොලිසියේ නිලධාරි කණ්ඩායමක් දලුම්බෑව ප්‍රදේශයේ මස්තාන් බෝක්කුව අසල කසිප්පු පෙරීමේ නිරතවූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පෙරේදා (26) වැටලීමක් කර ඇත.
මෙම වැටලීම කරන ලද අවස්ථාවේ එම ස්ථානයේ සිටි දෙදෙනකු පලාගොස් ඇති අතර එක් අයකු කසිප්පු සහ කසිප්පු පෙරීමට පදම් කරන ලද ගෝඩා සමග පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම අවස්ථාවේ කසිප්පු පෙරන ලද ස්ථානය අසල ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී පොලිස් නිලධාරීන්ට බඹරුන් පන්න පන්නා දෂ්ට කර ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd