කසුන් කල්හාර යනු අද ලංකාව තුළ බිහිවී සිටින දක්ෂ සංගීතඥයෙකු මෙන්ම ගායකයෙකි. ඔහු පවුල් පසුබිම ඔස්සේ ගායන ශිල්පියෙකු වන අතර, ඔහුගේ ගීත රාමුව පිළිබඳව අදටත් බොහෝ දෙනාට ගැටලුවක් වී ඇත. එවැනි ගායන ශෛලය ඔස්සේ නිර්මාණය වන ගීත පිළිබඳව බොහෝ දෙනාට ඇත්තේ ආඩම්බරයකි. එවැනි ගීතයක් ලෙස පසුගියදා එළිදැක්වූ ‘ආලයේ ගාථා’ ගීතය හැඳින්විය හැකිය. මෙම ගීතය ඇසීමෙන් ඔබට දැනෙන්නේ කුමක්ද? ඒ සෑම දේම ඔබට භාරයි.
ආලයේ ගාථා - සජ්ඣායනා කළා
ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කළා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධු ජන ස්වප්නයට නිගා දී ඔබ ගියා...
ස්නේහයේ චුම්බනය - නළල මත වගුරුවා
ආලිංගණය සුරස - මතක පොත පුරව්වා
ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙළා
සාර තර වසන්තය - නිමා කර ඔබ ගියා...
සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා
සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසුරුවා
ප්‍රේමයේ.......අභය භූමියේ දී මා නසා
මධුර මධු කුසලාන - කඩා බිඳ ඔබ ගියා...
ආලයේ ගාථා - සජ්ඣායනා කළා
ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කළා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධු ජන ස්වප්නයට නිගා දී ඔබ ගියා...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිවිශිෂ්ටයි! (නි)