කියුබා විප්ලවීය සමාජවාදී නායක ෆිදෙල් කස්ත්‍රෝගේ අවසන් කටයුතු ඔහුගේ අවසන් කැමැත්ත අනුව පවුලේ සමීපතමයන් සහභාගී වුණු අවමංගල්‍ය උත්සවයකදී දේහය ආදාහනය කැරිණි.
ෆිදෙල් කස්ත්‍රෝගේ භෂ්මාවශේෂ කියුබාවේ සන්තියාගෝ නුවර තැන්පත් කිරීමට නියමිතය
ලබන දෙසැම්බර් 4 වැනි දා තෙක් කියුබා රජය ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර ඇත.
වසර 49 ක් තිස්සේ කියුබාවට නායකත්වය දුන් කස්ත්‍රෝ දීර්ඝ කාලයක් බලයේ සිටි රාජ්‍ය නායකයා ද විය. කස්ත්‍රෝ බලයට පත්වූයේ 1959 වසරේ ෆුලෙන්සියෝ බැටිස්ටාගේ පාලනය පෙරළා දමමිනි.
බැටිස්ටා ආධාරකරුවන් සොයා වෙඩි තබා මරා දැමීමට ෆිදෙල් කස්ත්‍රෝගේ රජය කටයුතු කිරීම ඇමෙරිකා විරෝධයට හේතු විය. කියුබාවේ ඇමෙරිකානු සමාගම් සියල්ල රජයට පවරා ගැනීමට කස්ත්‍රෝ කටයුතු කිරීමත් සමඟ ඇමෙරිකාව කියුබාව සමඟ සියලූම රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා නවතා දැම්මේය. කියුබාවට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක ද පැනැවීය.
පුරා දශක ගණනාවක් ඇමෙරිකන් සම්බාධකවලින් නොසැළී අභිමානයෙන් කස්ත්‍රෝ සහ ඔහුගේ සමාජවාදී ආකල්ප කියුබාවට මඟ පෙන්වූයේය. ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය, කස්ත්‍රෝ ඝාතනය කිරීමට 600 වාරයකට වැඩියෙන් උත්සාහ ගත් නමුත් සියල්ල අසාර්ථක විය.
කස්ත්‍රෝ, 2006 වසරේ සිට අසනීපයෙන් පසුවිය. 2008 වසරේ දී ඔහුගේ බාල සොහොයුරු රාවුල් කස්ත්‍රෝට ඔහු බලය පවරා දුන්නේය. කියුබාවේ ජනාධිපතිවරයා මෙන්ම එරට කොමියුනිස්ට් පක්ෂයේ නායකයා ද වන්නේ රාවුල් කස්ත්‍රෝය.
දශක ගණනාවක් ඇමෙරිකාව සහ කියුබාව අතර පැවැති විරසකය මේවනවිට සමථයකට පත් වී ඇත. දෙරට අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා යළි ආරම්භ විය.
කියුබාව යළි මිතුරු කර ගැනීමට කටයුතු කළේ ඇමෙරිකා ජනාධිපති බරැක් ඔබාමාගේ පරිපාලනයයි.
කස්ත්‍රෝගේ අභාවය සැළවීමත් සමඟ ලෝක නායකයෝ රැසක් ශෝක පණිවුඩ නිකුත් කළහ. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියා සිටියේ රුසියාවට විශ්වාසනීය, සුහඳ මිතුරකු අහිමි වු බවයි. ජපාන අගමැතිවරයා කියා සිටියේ ෆිදෙල් කස්ත්‍රෝගේ සමු ගැනීම සැබෑ සහෘදයකුගේ වෙන් වීමක් බවයි.
ජනාධිපති ඔබාමා ෆිදෙල් කස්ත්‍රෝ ගැන සොව පළ කරමින් කියා සිටියේ ෆිදෙල් කස්ත්‍රෝ කොහොම කෙනකුදැයි ඉතිහාසය තීරණය කරනු ඇති බවයි. තමා වීරයකු ද එසේත් නැතිනම් දුෂ්ටයකු ද යන්න ඉතිහාසය විසින් දිනෙක තීරණය කරතියි තමා විශ්වාස කරන බව කස්ත්‍රෝ ද වරක් පවසා තිබුණි.
ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විශේෂ ප‍්‍රකාශයක් කරමින් ෆිදෙල් කස්ත්‍රෝ දැඩි ලෙස විවේචනය කළේය. ට‍්‍රම්ප් පවසා ඇත්තේ කස්ත්‍රෝ කුරිරු ආඥාදායකු බවයි.
කියුබා විප්ලවයෙන් පසු එරට අගමැති ධුරයත් ඉන්පසු ජනපති ධුරයත් හොබවමින්, ඇමෙරිකා සම්බාධක හමුවේ වුවද කියුබාවට නව ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නේය. අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රවලින් රට ඉදිරියට ගෙන යෑමට කස්ත්‍රෝ සමත් විය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මේ ගැන සිහිපත් කරමින් සිය ශෝක පණිවුඩය නිකුත් කළේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවතින ක්‍රමය තුළ කාට හිසනමා හෝ ඉහළට නැඟීමේ බලාපොරොත්තුවක් පිදෙල් කස්ත්‍රෝට තිබුනේ නැහැ. බැටිස්ටා පාලනය ඔහුට විරුද්ධව කරන ලද නඩු විභාගයේදී ඔහු නොබියවම පැවසුවේ ඉතිහාසය විසින් ඔහුව නිදහස් කරනු ඇත කියායි. ඔහු සැබවින්ම ඉතිහාසයට එකතුවුයේ මිනිසා වෙනුවෙන් මිනිසෙකු ලෙස ඉටුකළ යුතු යුතුකම පිළිබඳ විඥානය තුළින්. ලංකාවට මෙවැනි නායකයෙකු පහළවීමේ අවශ්‍යයතාවයක් දිනෙන් දින මතුවෙමින් පවතිනවා. ඔහු අනිවාර්යයෙන්ම කොමියුනිස්ට් වාදියෙක් වීම අවශ්‍ය නැහැ. (නි)
මට නම් ඔහුට සමාන කළ හැකිවන්නේ අප විමල් වීරවංශ පමණි (නි)
ඔහු වචනයේ පරිසමාප්තයෙන්ම තම රටවැසියාටත් මුලු මහත් මානව සමාජයටත් ආදරය කළ මහා මානව හිතවාදියෙකි. ඔබට මාගේ විප්ලවීය ආචාරය !! (නි)
විරෝධාර නායකයාට මාගේ උත්තමාචාරය! (නි)
ඔබ නැතිවීම විශාල පාඩුවක් (නි)
මෙවන් නායකයන්ව ආදර්ශයට ගන්න. (ම)
නිවන් සැප ලැබේවා සහෝදරයා....!!!, ඔබ වැනි දෑ හිතකාමීන් බිහිවන්නේ බොහොම කලාතුරකිනි, ශ්‍රීලංකා වාසීන් වන අප එය දැන් හොඳින් පසක් කරගෙන සිටිමු.....!!! (හේ)
ඒක නම් ඇත්ත.(හේ)
කස්ත්‍රෝගේ අභිමානයට අපි ගරු කරමු. දෙපැත්ත නොකා කෙළින් වැඩ කළ විප්ලවවාදියෙක්. ශක්තිමත් මානවවාදී විරුවෙක්. එයයි ඇත්ත. (නි)
ඒ අඩුව පුරවන්න කෙනෙක් ඉදිරියේදී බිහිවේවි (නි)
මෙවන් නායකයින් ඉපදුන රටට වාසනාවක් (නි)