(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජගිරිය ඔබේසේකරපුර සර්වෝදය මාවතේ නිවසක මත්කුඩු පානය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ගිය කොස්තාපල්වරයාගේ අත තියුණු ආයුධයකින් ඇන තුවාල කර සැකකරු පලා ගොස් ඇතැයි වැලිකඩ පොලිසිය කියයි.
බරපතල තුවාල ලද පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
ඔබේසේකරපුර සර්වෝදය මාවතේ නිවසක් තුළ පුද්ගලයෙකු මත්කුඩු පානය කරන බවට වැලිකඩ පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය හා වැටලීම් ඒකකයේ සැරයන්වරයෙකුගෙන් යුත් කණ්ඩායමක් එම නිවස සොයා ගොස් ඇතැයි පොලිසිය කියයි.
එහිදී පොලිස් කණ්ඩායමේ සෙසු නිලධාරීන් එම නිවස ආසන්නයේ රැකවල්ලා සිටියදී තුවාල ලද කොස්තාපල්වරයා නිවස තුලට ගොස් සැකකරු අල්ලා ගැනීමට කළ උත්සහයේදී සැකකරු පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කරමින් කොස්තාපල්වරයා සමඟ පොරබදා ඇතැයි පොලිසිය කියයි.
එකවරම සැකකරු ඔහු සන්තකයේ තිබූ තියුණු ආයුධයක් ගෙන කොස්තාපල්වරයාගේ වම් අතෙහි අල්ල හා ඇගිලි කිහිපයක් කැපී යන ලෙස පහර දී පලා ගොස් ඇති බව පොලිසිය කියයි.
එම අවස්ථාවේ සැකකරුට පලායාමට අනුබල දීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කීය.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිසිය පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි සැකකරුවන් අත්අඩංගුවට ගන්නට යාමේදී අවම වශයෙන් පොලිස් නිලධාරින් දෙදෙනෙක්වත් යා යුතුයි. සැකකරු පොලිස් නිලධාරියට පහරදීමට තැත් කලොත්, එවැනි සැකකරුවෙකුට වෙඩි තැබීමට පොලිසියට බලය තිබිය යුතුයි.