දිවුලපිටියේ කුඩගම්මනදී පොලිස් කොස්තාපල්වරයකු ට පිහියෙන් අනින ළදැයි කියන 19 හැවිරිදි තරුණයෙක් පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්විය.
කෙසෙල් කැන් කඩයක මුදලාලි කෙනකුට එම තරුණයා පිහියකින් ඇන ඇතැයි කියන සිද්ධියක් විභාග කිරීමට ගිය අවස්ථාවේ පොලිස් කොස්තාපල්ද පිහිපාර කා ඇතැයි ද පොලීසිය ආත්මආරක්ෂාව පතා වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි.
කොස්තාපල් හා මුදලාලි රෝහල්ගත කරනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුෂත්වයේ ඇති කරුණාව ඇතැම් තිරිසනුන් වන මිනිසුන්ට පෙන්වීමට අද දවස තුල පුළුවන්කමක් නැහැ. නීතියේ ඇති සාධාරනත්වය තුලින් (අප කව්රුත් දන්නා පරිදි මිනීමරුවාට ඔහු මිනිසුන් මැරුවද සාක්ෂි නැති වූ විටදී නිදහස ලැබේ) පැමිනිල්ල පමණක් නොව විත්තියද නඩු වලින් ජයගනුයේ නීතියේ ඇතැම් තැන් වල ඇති හිල් නිසා බැවින් අවි ආයුධ පෙන්වන්නට එක්කන් ගියා කියල සිදුවන දේ ඇති වරදක් නැති බවයි මගේ හැගීම. අනික ඔවුන් බේරාගැනීමට තවත් සල්ලි ඇති බලය ඇති මිනිසුන් නොවන සත්තු මේ අප ලංකාද්වීපයේ සිටී. නැතිනම් ඔය කියන වර්ගයේ අය නැවත එළියට ආවත් කරන්නේ කලින් කළ දේවල් වලට වඩා ලොකු ලොකු ඒවායි. මෙවැනි අදහසක් මා තුල ඇතිවුයේ අනුන්ට ඇති වෛරය නිසා නොව බහුතරයක් වන අහිංසක අප ජනතාව ගැන සිතා පමණි. එම නිසා අනෙකුත් අය මා දෙස වපර ඇහින් නොබලත්වා. (මුදී)
කොල්ලගේ වයස ගැන හිතනකොට පව් කියලත් හිතෙනවා .(මුදී)
එන්න එන්නම තත්වය තව දුරටත් භයානක අඩියකට යනවා මිසක් මේ කුලී හේවායන් පුරවැසියන් ගැන කිසිම තැකීමක් කරන බවක් පෙන්න නෑ . මීට එරෙහිව ප්‍රභල හඬක් සමාජයෙන් එන්නේ නැති වුණොත් මේ දේ හෙට ඔබට, මට , වෙන්න පුළුවන් (මුදී)
දැනට වසර 4 කට උඩදී රත්නපුර පොලිසියෙනුත් ඔය වයසේම තරුණයෙකුට දේවාලේගාව දී වෙඩි තබා ඝාතනය කර කියා සිටියේ ඔහු මංකොල්ලකරුවෙකු බවයි. යහපත් නඩු කාරවරයෙකු නඩුව අහපු නිසා පොලිසිය බලාපොරොත්තු වූ දෙය ඉටු කරගන්න බැරිවුනා. පියා නැති මවට අන්තිමට පුතාත් අහිමි උනා. තරුණයන්ව මේ තත්වයට පත් කරන කුහක සමාජයට පිහි පාරක් හෝ වෙඩිල්ලක් දෙන්න කියා යෝජනා කරන්න මම කැමති නැහැ. නමුත් ඒ දෙය වළක්වන්නත් බැහැ (මුදී)
ඇසින් දුටු සාක්ෂි ද ලංකාදීපයේ පල කලොත් හොඳයි. මොකද පොලිසිය කියන දේවල් කොහෙත්ම පිලි ගන්න බෑ. දරුණු අපරාද කාරයෙක් උනත් මහමග වෙඩි තියල මරන්න පුළුවන් නීතියක් ලෝකේ කොහෙවත් මම නම් අහල නෑ. කකුලෙන් පහලට වෙඩි තියා අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කල යුතුයි . තමන්ටම වෙනකන් කාටවත් මේක තේරෙන්නේ නෑ. මම දන්නා කෙනෙකුට ත්‍රී විල් එකෙන් යද්දී පොලිසියෙන් වෙඩි තියල මැරුවා. බලනකොට පොලිසියේ වැරැද්ද . හැංගිලා ඉඳල අත දාල තියෙන්නේ ට්‍රැෆික් සුට් එකවත් නැතිව . මේ ඩ්‍රයිවර් බයටම නොනවත්වා ගිහිල්ල හොරු කියල හිතල . නමුත් මරපු පොලිස් නිලදාරිය අදටත් පොලිසියේ වැඩ කරනවා . මැරිච්ච කොල්ලගේ අය තාමත් අඩනවා ඔහුව මතක් කර කර .(දී)
පාතාලය රජ කරන්න පටන් අරගෙන වගෙයි (නි)
කොස්තාපල් තුවාල ලබන්නේ රාජකාරියට ගිහින්. ඉතින් ඇයි මිනිසුන් කොස්තාපල්ට බනින්න පටන් අරන් තියෙන්නේ? 19 කොල්ලා හොඳ කෙනෙක් වෙන්නේ කොහොමද? (නි)
කොස්තාපල් පුණ්‍ය සෝමව අරින්න තිබුනේ. (නදී)
කොස්තාපල් කරන්න ගියේ රාජකාරිය. ඔහුට ඉක්මන් සුව ලැබේවා! (නි)
නීතිය ක්‍රියාත්මක කරන පොලිසියට දැන් පාරේ බැහැලා වත් යන්න බැරි වේලා තියෙන්නේ. මෙලෙස කරේ නැත්නම් මිනිසුන් නීතිය අතට ගන්නවා. එවිට රටේ නීතියක් නැතිව යනවා. පොලිසියෙන් සාධාරණය ඉෂ්ඨ කරන්න කොච්චර උත්සහ කලත් මේ රටේ තියන දේශපාලනය නිසා සාමාන්‍ය ජනතාවට සාධාරණය ඉෂ්ඨ කරන්න බැරි වේලා තියෙන්නේ. මේ සම්බන්ධව ජනතාව දැන ගන්න ඔනි. ඒක තමයි ඇත්ත. (නදී)
ඕනෑම වරදක් කරලා උසාවියට බොරු පැමිණිලි සකසන්න පොලිසිය හරිම දක්ෂයෝ. (ස)
ලංකාවේ දිනෙන් දින සිදුවන දේවලට ප්‍රතිචාර දමන්න සිතට දැන් සවියක් නැහැ. ගිලෙන නැවක් ගොඩ ගන්නට අපිට සවියක් නැහැ. හිතට විශාල දුකක්, බරක් දැනෙනවා.සත්‍යා, ඔබ වැනි පිරිසක් සවිමත්ව ඉන්නවා. ඔබට ස්තුතියි. (නි)
දැන් කිරි බොන කෙනාගේ ඉදන් නීතිය අතට ගන්න තමයි ලැහැස්තිය. (නදී)
පොලිසියත් සමඟ මැරකම් මොනවාටද? (නි)
ගයනාත් ප‍්‍රදීප්, ඇයි මේ එකතැනක සිදු වූ දේකට ඔක්කොම එල්ලුම් ගස් යවන්න හදන්නේ? (නි)
සත්‍යා, ඔබ හරි. කෙසේවෙතත් ඇත්ත හෙළිවේවි. (නි)
දැන් මිනිසුන් පොලිසියටත් බය නැද්ද? (නි)
සත්‍යා, ඔබ කියන සත්‍යය මට වැටහෙනවා. (නි)
ප්‍රකාශක එනකම් පොඩ්ඩක් ඉමු.එයාගේ කතාවත් අහලා නිගමනයකට බහිමු.(දිල්)
එහෙනම් ඒකත් එහෙම වුණා? (නි)
මෙහෙම නොවුණොත් කවදාවත් රට හදන්න බැහැ.එහෙමයි කියලා වරදක් නැති අහිංසක මිනිසුන්ටත් කොකා ගස්සන්න නම් හදන්න එපා. (නි)
මේ ලාබාල තරුණයාව නීතිය ඉදිරියට ගෙනගියා නම් මෙහෙම වෙන්න හේතුව හොයාගන්න තිබුනා. (නි)
තවත් ජීවිතයක්! (නි)
පොලිසියට අපලයි වගේ (නි)
කොස්තාපල් මහත්තයාට ඉක්මන් සුව! (නි)
අනේ අහිංසක කොස්තාපල්! පොලිසිය කරන හැමදයක්ම දැන් අපේ රටේ නොපිටට යන්නේ (නි)
සත්‍යය කවදා හෝ ජය ගනී. මා උනන්දු කිරීම ගැන පද්මිණීටත්, කටාර් රසිකටත් අමල්ටත් ස්තුතිවන්ත වෙනවා. (නි)
පවු රාළහාමි! (නි)
රාළහාමිගේ තත්ත්වය කොහොමද? (නි)
කොස්තාපල් ගුටිකාලා ආවා නම් ඒත් මෙතන අදහස් දාන අය අහනවා මොනවද පොලිසිය කළේ කියලා. ආත්ම ආරක්ෂාවට වෙඩි තිබ්බහමත් වැරදිකාරයා පොලිස්කාරයා. මගේ අදහස නම් කොස්තාපල් හරි. හැබැයි මෙම නීතිය ලොකු පොඩි හැමෝටම සමාන වෙනවා නම් ඒක තමා වටින්නේ. (නි)
රූපසිංහගේ අදහස හරියටම හරි. එහි වපර ඇසින් බලන්න දෙයක් නැහැ. (නි)
වරදට දඩුවම් දීම හොඳයි (නි)
ඒ තරුණයට සමාව දෙන්නයි තිබුනේ (නි)
පොලිසිය වුණත් තව ටිකක් ඉවසනවා නම් හොඳයි (නි)
සත්‍යයා, දිරවා ගත, නොහැකි පුන්නක්කු ( තල හෝ වේවා පොල් හෝ වේවා ) දන මන රැවටීමට විචිත්‍ර ලෙස අයිසින් කර මේසයට එවනවාට වඩා හීනටි හාලේ බත් එක්කල කලවම් කොළ මල්ලුමකුයි බැදපු කරෝලයි කිරිහොදියි දාපු කෑම පිගානක් මේසෙට එවන්න බැරිද? (නදී)
ආත්ම ආරක්ෂාවට වෙඩි තිබාද කවුද දන්නේ (දී)
සෑම පුරවැසියෙකුටම නීතිය ඉදිරියේ සම සැලකුම් ලැබීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලියවිල්ලට පමණක් සීමා වෙලා ද ? (දී)
කොස්තාපල්ට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඒ පුතා ඉක්මණින් ගමන ගිහින්. අපි කුමක් කරන්නද.? (අ)
නීතියෙන්ම විසදා ගමු (දී)
වෙඩි තියන්න පුළුවන් නීතිමය තත්වය ගැන කවුරුන් හෝ පහදන්න (දී)
මැරයන්ට ඔහොමවෙන්න ඔනී. (අ)
ආයුධ පෙන්වන්න එක්ක යන්න කලින්ම සැකකරුට නිවන් යන්න ලැබුණා, (අ)
නීතියට අනුව ඒ කල වැඩේ සාධාරණයි (දී)
ඒක කොස්තාපල්ගේ වගේම තරුණයාගෙත් වෙලාව තමයි (නි)
දැන් බලනකොට පාතාලය රජ වෙලානේ (නි)
රටක නීතියේ ආදිපත්‍ය විනාස වෙනකොට මෙවැනි සිද්දි අපිට දවස ගානේ අහන්න ලබේව්. රටේ අර්නාගත තරුණ පරම්පරාව ගැන දුක් වීමෙන් වැඩකුත් නැහැ.රටකට ගිය කලක්. (දී)
සාධාරණයි (දී)
සත්‍යයා මාර ලොකු දෙයක් කරලා වගේ! ඕකට කියන්නේ විපක්ෂෙට කඩේ යාම කියලා! (ස)
ඉස්ස්සර කිව්වා වගේ දැන් ඉනෙන් පහලට, කකුල් වලට, නෙමෙයිද වෙඩි තියන්නේ. (ස)