කොළඹ කොටුවේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ගැවසෙමින් එහි යන එන අයට මත් පෙති විශේෂයක් අලෙවි කළ බව කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිමි නමකගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයකු බව කියන අයකු ද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවේ කොස්තාපල්වරයකු ද ඇතුළු සිවු දෙනකු මත් පෙති 48ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව සුරාබදු මත්ද්‍රව්‍ය නාශංක අංශය කියයි. පෙත්තක වටිනාකම රුපියල් 3500ක් පමණ වෙතැයි ද කියයි. සුරාබදු මත්ද්‍රව්‍ය නාශංක අංශයේ ස්ථානාධිපති සඳලාල් පතිරණ මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවිතුරු හෙටක් හදන්නද මත්ද්‍රව්‍ය බෙදලා මෙහෙම වැඩ කරන්නේ? (නි)
යහපලානේ නඩේ එදා කිවේ මොකක්ද එතනෝල් ,කුඩු ගැන පම්පෝරි ගැහුවා නේ මහින්ද මහත්තයට බොරු චෝදනා කරපු අයට ඔය පටිසම් දෙන්නේ දිට්ටදම්ම වේදනීය කර්මේ (බ)
අයියෝ! ශාසනයටත් නිගාවක් (නි)
දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නේ මේ වගේ අයද? (නි)
මේ ඡන්දෙදීවත් මේ වගේ පිවිතුරු කට්ටිය ගෙදරම යවලා, හොඳ තරුණ උගත් ගිහියන් ටිකක් පාර්ලිමේන්තුවට යවන්න ඡන්දය දෙන්න. පක්ෂය පාටට වඩා හොඳ කට්ටියක් නියෝජිතයන් කරගන්න (නි)
කිව්වේ නම් යහපාලනය හදන්න අදහස ගෙනාවේ එයයි, මුලික වුනේ එයයි කියලා. නමුත් රහසින් කරන්නේ මේ වගේ වැඩ. මේ වගේ අයව විශ්වාස කරනවට වඩා හොඳයි එදා ඉඳන්ම දන්නා අපේ පැරණි යු.ඇන්.පී දේශපාලඥයන්ව විශ්වාස කරන එක. මේ ගොල්ලන්ට ඡන්දෙ දීලා අපේ ඡන්දෙ නිකන් නාස්ති කරගන්නේ එක්ස්ටසි නොමිලේ ප්‍රවාහනය කරලා දෙන්නද ? (නදී)
කවුද මේ මන්ත්‍රී හාමුදුරුවෝ? (නි)