පොලිස් කාන්තාවන් සිටින භට නිවාසයකට හොරෙන් ඇතුළු වූ බව කියන අම්පාර කොට්ඨාසයේ පොලිසියක පොලිස් කොස්තාපල්වරයකු (28) සම්බන්ධයෙන් අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයය මගින් විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් ආරංචි කියයි.
අද (25) පස්වරු පහට පමණ කාන්තාවන් පමණක් සිටි එම භට නිවාසයට කොස්තාපල්වරයා රහසේ ඇතුළු වී ඇති බවත්, ඔහු දැක කාන්තාවන් කෑ ගසන සද්ධයට පොලිස් ස්ථානාධිපති පැමිණ බලද්දී ඔහු පැන දිවූ බවත් පොලිස් ආරංචි සඳහන් කරයි.
පොලිස් භට නිවාසයේ සිටි කාන්තාවකට කරදර කිරීමට ඔහු එහි පැමිණියේදැයි පොලිසිය සැක කරයි.
අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී ආර් එල් රණවීර මහතාගේ මෙයෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සංගීතයක් තිබෙනවනේ. ඉතින් විසිකරන්න මොකක්හරි ගන්න වෙන්න ඇති ගියේ ආයුබෝවන්! (නි)
හරි ලොකු වැඩක් කරලා වගේ. (නි)
පොලිස්යට මොකද මේ වෙලා තියෙන්නේ හැම තැනම අදගෙන නානව අනේ මන්ද පොලිස් කරන වැරදි බලන්න තව පොලිසියක් පිහිටවන්න වේවිද මන්ද. (අ)
අදාල පොලිස් කොස්තාපල්වරයා ගිහින් තියෙන්නේ කාන්තා නේවාසිකාගාරයට හොරෙක් එනවා දැකලා හොරාව අල්ලාගන්න වෙන්න ඇති. පොලිස් කාන්තාවෝ හොරා කියලා මෙයාට රැවටිලා. (නි)
ගුණසේකරට අනුව කියනවා නම්, මෙම පොලිස් කාන්තාවන් සතර පෝයටම සිල් සමාදන්වෙන මෙම උපාසක පොලිස් නිලධාරී මහත්මාට අභූත චෝදනාවක් කර ඇත (නි)
අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගේ අදහස් දැනගන්නාතුරු අපිට ඉවසීමක් නැහැ. (නි)
කවුරුහරි දුරකථන ඇමතුමක් දෙන්න ඇති 119 වලට, එතන අනෙක් අයට කරදර විදියට ශබ්දයක් එනවා කියලා (නි)
අනේ ඇයි මේ කොලේ ඉරා ගන්නේ ? නා ගන්නවා. මට පෙන්නේ නම් බාල්දියක් වගෙයි. (බ)
කලබල වෙන්න එපා පරීක්ෂණයකට ගිහින් තියෙන්නේ? (කෞ)
අපූරු පොලිස් කාන්තාවන්. මේ බවලත් අය පොලිසියට ගත්තේ කොහෙන්ද? පුහුණුවක් වගේ දෙයක් මෙයාලට දුන්නේ නැද්ද? (නි)
මේ සිද්ධිය රෑ දෙගොඩහරි ජාමයේ වුණා නම් පොලිස් නිළධාරියා මේ ළමිස්සියන් ඉන්න තැනට ගියේ නොහොබිනාකමකට කියන්න තිබුණා. වෙලාවේ හැටියට ඔහු ගිහින් තියෙන්නේ රාජකාරි කටයුතු සඳහා පරීක්ෂණයකට වෙන්න බැරිද? (නි)
මගේ වැයික්කියේ මට කොහේ ඉන්න බැරිද කියලා ග්‍රාමසේවක මහත්තෙකුත් ඇඳක් යට ඉඳලා හෙමින්ම මාරුවෙලා ගිය කතාවකුත් තියෙනවා (නි)
ඔව් හැමදාම පරීක්ෂණ නම් කරනවා හැමදේටම. ඒත් මේ දේවල් ඉවරයක් නැහැ (නි)
මේ රාළහාමිට කව්රුහරි රාළහාමිනේ කෙනෙක් එන්න කියන්න ඇති. වැඩේ අහුවුණාම සද්දේ දාලා රාළහාමිනේ බේරිලා වගෙයි මට හිතෙන්නේ (නි)
යාළුවෙලා ඉන්න කෙල්ල හම්බවෙන්න යන්න ඇති. පොලිස් නිලධාරින් කියන්නේ මිනිස්සු නොවේද?