(ඩී.ජී.සුගතපාල)
නිති විරෝධි මත්පැන් වැටලිමකට ගිය අකුරැස්ස පොලිසියේ කෙස්තාපල්වරයෙකුට වෙඩි තබා ඝාතනය කළ සැකකරු අද (02) අලුයම පොලිස් වෙඩි පහරකින් මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ඌරුමුත්ත ප්රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි.
පසුගිය 22 වැනි දින සවස 5 ට පමණ අකුරැස්ස පොලිසියේ නිලධාරි කණ්ඩායමක් ඌරුමුත්ත ප්රදේශයේ නිති විරෝධි මත්පැන් වැටලිමකට ගිය අවස්ථාවේ සැකකරු කොස්තාපල්වරයෙකුට වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබිණි.
පොලිසිය සැකකරු අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ පවත්වමින් සිටියදි ලැබුණු තොරතුරක් අනුව අද අලුයම කරන ලද වැටලිමකදි පොලිස් නිලධාරියා ඝාතනය කරන ලද ස්ථානය ආසන්නයේදි පොලිසිය සමඟ සිදුවු වෙඩි හුවමාරුවකදි සැකකරු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් බිහි වුණු ත්රස්තවාදීන්ට ඔයවගේ අහම්බෙන්වත් වෙඩි වදින්නේ නැද්ද?
අප කිසිවිට සතෙකු හෝ ඝාතනය කරනවා අවංකව අකමැතිය. එහෙත් මිනිස් ආත්මයක් ලැබූ බල්ලාට බල්ලසේ සැලකිය යුතුමය. තම රාජකාරිය සමාජයේ සුබ සිද්ධිය වෙනුවෙන් කිරීමට යාමේදී ඒසේ අවාසනාවන්ත ලෙස මියගිය පොලිස් නිලදරුවාට නිවන් සුව අත්වේවා!!!
අවිගත්තෝ අවියෙන්ම නැසේ කියන්නේ කටකහනවට නෙමෙයිනේ...
නීතිය අකුරටම ක්රියාත්මක වී ඇත. බොහොම හොඳ වැඩක්... නිතිය ක්රියාත්මක නොවී රටක් ගොඩනැගිය නොහැකිය.
පලිගැනීම සඳහා නීතිය නැවීමක් කියලා මට හිතෙනවා...
මුස්ලිම් එක්කෙනෙක් නෙමෙයි නේද? මුස්ලිම් නම් අනිවාර්යයෙන්ම නම ගම අම්මා තාත්තා හැමෝගෙම විස්තර..
අන්න එහෙමනේ අපරාධ නවත්වන්න ඕනේ ...