සඳුදා (18) පෙරවරු 9.20 ට කොස්ගම - මහරගම අතර රේල් බස් සේවාවක් ඇරඹීමට යයි.
ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ආරම්භක උත්සවයට එක්වීමට නියමිතය.
සඳුදා (18) පෙරවරු 9.20 ට කොස්ගම - මහරගම අතර රේල් බස් සේවාවක් ඇරඹීමට යයි.
ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ආරම්භක උත්සවයට එක්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවට මේ රේල් බසය ධාවනය කළොත් වැඩි කලක් යාමට මත්තෙන් පාඩු ලබනවාට සැකයක් නැත. මේ වෙලාව වෙනකොට මහරගම පැත්තට එන මඟීන් ඇවිල්ලා ඉවරයි. (නි)
දුම්රිය සේවයේ 60 -70 දශකවල තිබු රේල් බසය පෙට්ටි හතරකින් යුත් දුම්රියක්. ප්‍රවේශපත් නිකුත් කරන්නෙකුත් හිටියා. පසුගිය කාලයේ බස් දෙකක් එක්කළ බසයකුත් හැදුවා. ඒකනම් අතරමඟ නැවතුනා. (නි)
සෙනඟ අඩු වෙලාවට හොඳම එක මේකයි. මිනිස්සු බස් එකේ ම යන්න පුරුදු වෙලා තියෙන්නෙ ස්ටෙෂන් එක පෙනි පෙනි තව දුරක් ගිහිල්ලා බස් එකේ යනවා. එ් වෙලාවට කොච්චියක් බෙහෙතකටවත් හොයාගන්න නෑ. කළුතර, පානදුර වගේ ජනාකීර්න නගර වලටත් මේ ක්‍රමය ඉතා වැදගත්, නැතිනම් උදේ 9 න් පස්සේ ස්ටෙෂන් පාළු අම්බලම් වගේ. කොයිතරම් සෙනඟ හිටියත්. දුම්රිය විහින් පාඩු විඳින තැනක්, ඉස්සරත් රේල් බස් නම් තිබුනා. (ස)
හොඳ වැඩක් ඒවගේම මහරගම සිට කොටුව දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගය පොලව යටින් දාන්න පුළුවන් නම් අඩු ගානේ කොටස කොටස වත් කොළඹ තදබදයක් ඇති වෙන්නේ නැ. මේක අමරු වැඩක් හැබැයි ලොකු ආයෝජනයක්. (බ)
නාරාහේන්පිට වෙනකන් එනවනම් හොඳයි. (බ)
අනේ මහතුනේ, ඕක මරදාන දක්වා දීර්ඝ කරමුකෝ අපි හැමෝටම සහනයක් විදිහට. මොකද මහරගමට එනවට වැඩිය සෙනඟක් මරදානට යනවනේ. (නි)
අන්න හොඳ වැඩක් (බ)
මේක අපේ රටේ ඉංජිනේරුවෙක්ගේ වැඩක්,අඩු සෙනගක් ඉන්න විට නගර දෙකක් අතර වැඩි ඉන්ධන යොදා එන්ජිමක් දුවනවට වඩා බසයක් දුවන එක ගොඩක් වාසියි. පටු අදහස් වලින් මිදී රට සංවර්ධනය කරමු (බ)
මේක අපේ රටේ ඉංජිනේරුවෙක්ගේ වැඩක්,අඩු සෙනගක් ඉන්න විට නගර දෙකක් අතර වැඩි ඉන්ධන යොදා එන්ජිමක් දුවනවට වඩා බසයක් දුවන එක ගොඩක් වාසියි. පටු අදහස් වලින් මිදී රට සංවර්ධනය කරමු (බ)
දැනටත් කොළඹින් ඈත රේල් බස් දුවනවා (නි)
අඩුමගානේ උදේ 7 ටවත් යවන්න පුලුවන් නම් හොඳයි (නි)
අගය කළ යුතුයි.නමුත් යොදා ඇති කාලය හා බලන විට මෙය නුගේගොඩ දක්වා දිගු කිරීමෙන් ලාභ ලබාගැනීමට පුළුවන් වනු ඇත. නුගේගොඩට ඇදී එන පාසල් සිසුන් ඇතුළු , උපකාරක පන්ති වලට සහභාගී වන සිසුන් , වෙළදාමට එන අය ඇතුළු අධික ජනගහනයට සේවාව සැලසීම මගින් එය කල හැක. නැත්නම් ආදායම් නොමැතිව මෙය නවතිනු ඇත. (බ)
ව්‍යාප්ත කරගන්න පුළුවන් නම් ඉතා හොඳ ප්‍රවාහන මාධ්‍යයක්.(කෞ)
මේක මීට කලිනුත් පටන් ගත්තා නේද? ඒත් කරන්න බැරිවුනා. මේකටත් බස් ලොක්කා පාරට පැනලා සද්දයක් දායිද දන්නෑ එයාලට පාඩුයි කියලා (කෞ)
මෙය හොද වැඩක් නමුත් දියුණු රටවල නගරය තුල මේ සදහා යොදා ගන්නේ මහපාර මැද සවිකළ රේල් පීලි උඩ දුවන ට්‍රැම්ප් රථයි (කෞ)
රේල් බසය සාර්ථකයි අපේ මිනිස්සු බෙල් එක වදිද්දී පාර හරහා පනින්නේ සහ වාහන වහල තියන රේල් ගේට්ටුවෙන් දාන්නේ නැතිනම් (බ)
21වෙනි ශත වර්ෂයේ දෙන අපි ඉන්නේ,නමුත් මේ රටේ අයට තවම අර ඉස්සර තිබුනා වගේ, තරම් රථ නගරවල දාල ප්‍රවාහනය සංවර්ධනය කරන්නට දන්නේ නැහැ,මේවගේ තේරුමක් නැති රේල්බස් දාල මොනවකොරන්නද? ඕක වැඩිකල් හිටින්නේ නැහැ (බ)