(කේ. බුද්ධික කුමාරසිරි)
කොස්ගම සුමේධ මහා විද්‍යාලය ආසන්නයේ ඇළ මාර්ගයක තිබී ටී 56 ගිනි අවි සදහා යොදන ජීව උණ්ඩ දැමු මැගසිනයක් අද (09) උදෑසන සොයා ගත් බව කොස්ගම පොලිසිය පවසයි.
එම ඇළෙහි සිටින මසුන්ට ආහාර දීමට පැමිණි පුද්ගලයෙකු මෙම මැගසිනය දැක ඒ පිළිබඳව කොස්ගම පොලිසියට දැනුම් දිමෙන් පසු පොලිස් නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කර සාලාව යුද හමුදා කඳවුරේ නිලධාරීන් හා එක්ව එම මැගසිනය ගොඩ ගත් බවද පොලිසිය පවසයි.
අදාළ මැගසිනයෙහි ජීව උණ්ඩ 30 ක් අඩංගුව තිබූ බවත් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා එය සාලාව යුද හමුදා කඳවුර රැගෙන ගිය බවද කොස්ගම පොලීසිය පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ව නොමග යවන්න ආන්ඩුව කරන උප්පරවැට්ටි 1.හැම තැනකටම ආයුද මේක ගෝලීය ත්රස්තවාදයක් විදෙශ් සහය ඕනෙ 2.හැම තැනකටම ආරක්ෂාව යොදා තියෙන්නේ මිනිස්සුන්ට සාමාන්‍ය විදියට ජනජීවිතේ පවත්වගෙන යන්න
පතුරොම් හා කඩු පමණයි එලියට එන්නේ. පතොරම් තියාගෙන සිටියේ දමලා ගහන්නද? කෝ තුවක්කු? පතුරොම් පමණක් අසුවෙන්න දමා මොවුන් ආරක්ෂක අංශ නොමග යවනවානේද? ආරක්ෂක අංශ නොමග යාවිද?