කොස්ගම ශාලාව හමුදා කඳවුරේ පිපිරීම කිලෝ මීටර ගණනක් ඈතට ඇසෙන බවට ප්‍රදේශවාසීහු කියති. එවැනි පිපිරීමක් ඇති බව පොලිසිය ද කියයි. අවිස්සාවේල්ල කලුඅග්ගල පාර කලුඅග්ගලින් ද අවිස්සාවේල්ල කොළඹ පාර අවිස්සාවේල්ලෙන් ද වසා දැමූ බව පොලිසිය කියයි.
පිපිරීම හටගත් වහාම අවට වැසියන් ඉවත්ව ගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ආරක්ෂාව ගැන කුතුහලයක් කාටත් ඇතිවෙලා තියෙන්න පුලුවන්. වෙන දේවල් හා වෙලා තියන දේවල් ඉතාම සැක හා බයසහිතයි. කවුරුත් තරමක හෝ පහළට යායුතු බවයි මගේ හැඟීම. පළිගැනිම් මඟින් හෝ වෙනත් කෙනෙහිලි කිරීම් මඟින් රට හදන්න පුළුවන් වුණා නම් අපිට අවුරුදු 30ක් යන්නේ නැහැනේ. (නි)
සිල්වා, ආණ්ඩුව වට්ටන්න විනාශකාරී වැඩ නෙමෙයි ස්වභාව ධර්මයෙන් දෙන කර්ම ඵල මේවා. කියපු දේ නොකරන නොකියපු දේ කරනකොට මෙහෙම තමයි. හරියට මන්තරයක් ජපකරනවා වගේ ජනතාව හැම තප්පරයක් ගානෙම කියන දොස් නිකම් වදිනවා. (නි)
මේකත් ඉතින් කාගෙහරි ගිණුමටම බැර කරයිද දන්නෙ නැහැ (නි)
අපි අනතුරට පත් වූ පිරිස් ගැනයි හිතන්න ඕනෑ. මෙය ඉතාම කණගාටුදායක පුවතක්. ජීවිත හානි නොවුණා නම් ඇති. ආයුධ නම් කවදා ගන්න බැරිද. (නි)
සිල්වා ආණ්ඩුව වට්ටන්න කාටවත් ඕනෑ නැහැ. හැබැයි හරි මඟට ගන්න නම් කාටත් ඕනෑවෙලා තියන බව හිතන්න. ආණ්ඩුවට මුක්කු ගහන්න ඔයගොල්ලෝ වගේ අය ඉන්නකොට, ආණ්ඩුව වට්ටන්නේ කොහොමද? මෝඩ කතා කියනවා නොදැනුවත්කමට (නි)
වතුපිටිවලටත් හඬ ඇහුනා. ගින්නත් පෙනුනා (නි)
අපි දන්න ආකාරයට නම් ත්‍රිවිධ හමුදාවේ තියෙන්නේ ඉතාමත් පිළිවෙලකට වැඩ කිරීමක්. එ් කියන්නේ සෑම දෙයක්ම පිළිවෙලකට ගබඩා කිරීම, අලංකාරය වැනි දේ ඉතා විශේෂයෙන් තියෙනවා. මේ වගේ විශේෂ ස්ථානයක විදුලි හානි, ස්වභාවික හානි වැනි දේ ඇතිවෙයි කියලා හිතන්න අමාරුයි. මොකද පුපුරණ ද්‍රව්‍ය තිබෙන ස්ථානයක එවැනි ආකාරයක ආපදා ඇතිවිය නොහැකි නිසා. ජාතික ආරක්ෂාව වැටිලා කියන්න පුලුවන් හොඳම උදාහරණයක් තමයි මේ. මේ සිද්ධිය මහා විනාශයකට මුල පිරීමේ මූලාරම්භය වන්නට හැකියාව තිබෙනවා කියලා අපිට හැඟෙනවා. (නි)
ජගත්ගේ කතාව සම්පුර්ණ ඇත්ත. උපරිමව ආරාක්ෂාව තියන තැනක මේ වගේ දෙයක් වෙනවා නම් ආරක්ෂාව තිබුන, තිබියයුතු තැනක ආරක්ෂාව නැති කළාම වෙන්නේ මොනවද කියලා කාටවත් කියන්න ඕනෑ නැහැනේ. (නි)
ආරක්ෂාවේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මේක ආරක්ෂාව නැහැ කියලා පෙන්නලා මිනිස්සු නොමග යවන්න කළ වැඩක් වෙන්න බැරිද? (නි)
රුවන්වැල්ලටත් පිපුරුම් හඬ ඇසෙනවා (නි)
රණවිරුවන්ට කිසිදු උපද්‍රවයක් සිදුනොවී ඇතැයි ඉතසිතින් පතමු. පතොරම් මිලදීගත හැක. රණවිරුවන් එසේද? (නි)
ආණ්ඩුව වට්ටන්න විනාශකාරී වැඩ මේ දවස්වල එමටයි. කුමක් හෝ දෙයක් කරලා ජනතාව නොමඟ යවන්න සමහර උදවිය බලාගෙන ඉන්නවා. මේ එවැනි දෙයක්ද කියලා පරීක්ෂණ කරන්න. (නි)
ලංකාවේ සුභ අනාගතයක් උදාවෙන බවට මල්වෙඩි වරුසා. අනේ දෙවියනේ! (නි)
අද වෙනසක් වී ඇති රටේ ආරක්ෂාවට, ආරක්ෂක හමුදාවන්ට දී ඇති නොසැළකිල්ල හා අඩු සැළකිලි දෙස බලනවිට මෙවන් දේ පුදුම නොවේ. කිසිම ආරක්ෂක හමුදා සාමාජිකයකුට මේ සිද්ධියෙන් අනතුරක් වී නැතුව ඇතැයි අපි ප්‍රාර්ථනය කරමු! (නි)
අනේ දෙවියනේ මේ මොන විනාශයක්ද? (නි)