නව රජයේ දින සියයේ තවත් පොරොන්දුවක් ඉටු කරමින් රනිල් වික්‍රමසිංහ අගමැති සඳුදා (30) කොළඹ කොටුවේ දුම්රියපළේදී වයිෆයි අන්තර්ජාල පහසුකම් සැපයීමේ කලාපයක් විවෘත කරයි.
විවිධ අවශ්‍යතා වෙනුවෙන් අන්තර්ජාලයට සම්බන්ධවීමටත් රජයේ ප්‍රතිපත්ති සාධනයට හා යහපාලනයට හවුල්වීමටත් මේ වයිෆයි පහසුකම් සලසන බව නියෝජ්‍ය විදේශ හා විදුලි සංදේශ ඇමැති අජිත් පී.පෙරේරා මහතා කියයි.
සඳුදා එය විවෘත කිරීමත් සමග යාපනය, පොළොන්නරුව හා මාතර වයිෆයි කලාපද එකවිට ක්‍රියාත්මකවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් වෙන්නේ අපේ දරුවන් තව තවත් රස්තියාදුකාර දිවි පෙවෙතකට යොමුවීම කියලයි මම නම් හිතන්නේ (නි)
පෙරේරා ගල් යුගයෙද ඉන්නෙ? අන්තර්ජාල පහසුකම් කියන්නේ අද ලෝකයේ නැතුවම බැරි දෙයක්. ලෝකයේ ඕනෑම දියුණු රටක පොදු ස්ථාන වල මෙහෙම පහසුකම් තියෙනවා. අන්තර්ජාලය නිසා දරුවන් රස්තියාදුකාර ජීවිතයට යොමුවෙනවා නම් එතන වරද දරුවන්ගේ හා දෙමාපියන්ගේ මිස අතර්ජාලයේ නෙමෙයි(නි)
අධි විද්‍යුත් චුම්බක කලාප පිළිකා ඇතිවීමට හේතුවක් (නි)
හොඳ වැඩක්. මේ පහසුකම පොදුවේ ලබා දීම ඉතාම හොඳයි.(ම)
හොඳ වැඩ පිළිවෙලක් එක දිගට සිදුවෙනවා නම් අතරමග නතර නොවී. හැබැයි ඉතින් මේවටත් සිමා පැනවිය යුතුයි. නැත්තම් ඉතින් අපේ මිනිසුන්ට නොමිලේ හම්බවෙන දෙමල පත්තරෙත් කියවන්න බලන කට්ටියනේ (නදී)
අනේ කොහොමහරි යාපනේට දෙන්න අපිට හෙන ගැහුවත් කමක් නැහැ (ස)
මේකත් හරියටජනාධිපතිවරනට දුන් පොරොන්දු වගෙයිද? හරියට පාරිභෝගිකයට නැති අඩුකළ බදු වගේ. (ස)
කාසි නොමෙතිව කාහටත් වාසි ලෙබෙන නොමිලේ දෙන අන්තර ජාලය සිහි බුද්දියෙන් පාවිච්චි කලොත් හොඳට , නෙතිනම් නරකට .(ස)
මාසෙකට මෙගා බයිට් 100 (බ)
දවසකට මෙගාබයිට් වලින්ම 3ක් දෙනවා කියන්නේ ඇත්තද? (නි)