ලෝකයේ ක්ෂය රෝගීන් මිලියන නවයක් පමණ වාර්තාවන බවත් ඇස්තමේන්තු අනුව තවත් මිලියන තුනක් පමන ප්‍රතිකාර නොගෙන ජීවත් වන බවත් එවැනි රෝගීන්ගෙන් රෝගය අනෙක් අයට පැතිරීමේ අවදානමක් ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඡනරාල් පාලිත හේරත් මහතා ලෝක ක්ෂය රෝග දිනය වෙනුවෙන් මහනුවර උඩරට සංගම් ශාලාවේ පැවති උත්සවයේදී පැවසීය.
දිගුකල් සති දෙකකට වඩා පවතින කැස්සක් ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් සෑම දිස්ත්‍රික්කයකම ළය චිකිත්සාගාර 26 ක් ස්තාපනය කර ඇති බවත් ඒ මහතා කීවේය.
ක්ෂය රෝගය සදහා ජනතාව දැනුම්වත් කිරිමට වෙබ් අඩවියක්ද එහිදී එළි දැක්වීය.
http://www.nptccd.health.gov.lk/ යන වෙබ් ලිපිනයෙන් එය නැරඹිය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ හැම දේම කරන්නේ අන්තර්ජාලය හරහානේ.ඉතින් මොකටද මේක විතරක් මේකත් අන්තර්ජාලයෙන්ම බලමු (දිල්)
මේ පිළිබඳ ප්‍රායෝගික දැනුවත් කිරීම් ගම් මට්ටමින් කරනවා නම් වඩාත් හොඳයි. (නි)