නිරූපණයට මෙන්ම රංගනයටද නවකයෙකු වන වෙනුරි රන්දුලා සමගින් මෙවර ‘සාරවිට’ තරු කතා බහ අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වුණෙමු. මේ වන විට කලා නිර්මාණ කිහිපයකටම සිය දායකත්වය ලබාදී ඇති ඇය ඉදිරියේදී රංගනයට වැඩි දායකත්වයක් ලබාදීමට අපේක්ෂාවෙන් සිටියි. මේ ඒ පිළිබදව ඇය දැක්වූ අදහස්.
ඔබ නිරූපිකාවක්ද? රංගන ශිල්පිනියක්ද?
මම කැමති රංගන ශිල්පිනියක් වෙන්න. නමුත්, නිරූපණ කටයුතුවලටත් කාල වෙලාව අනුව සම්බන්ධ වෙන්න කැමතියි. මම රැකියාවක් කරන ගමන් තමයි කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ. කොටින්ම කිව්වොත් කලා කටයුතු කරන්නේ විනෝදයට.
ක්ෂේත්‍රයට ඔබගේ පැමිණීම සිදුවන්නේ?
මම ක්ෂේත්‍රයට ඇවිල්ලා නම් වැඩි කාලයක් නැහැ. තාත්තා තමයි මාව මේ ක්ෂේත්‍රයට යොමු කළේ. ටෙලිනාට්‍යවල හා වෙළෙඳ දැන්වීම්වල පොඩි පොඩි දර්ශනවලට පෙනී ඉඳලා තියෙනවා. දැන් තමයි මේ ක්ෂේත්‍රය ගැන අවබෝධයකින් කටයුතු කරන්නේ.
දැනට දායක වෙලා තියෙන කලා කටයුතු?
සම්පත් බැංකුවේ වෙළෙඳ දැන්වීමක පෙනී ඉඳලා තියෙනවා. මේ දිනවල විකාශය වන ‘මගේ ආදර අවනඩුව’ ටෙලිනාට්‍යයේ මම රඟපානවා. ඉදිරියේදී තවත් කලා කටයුතු රැසකටම දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මගේ රැකියාවත් එක්ක ලැබෙන නිදහස් කාලයේදී තමයි මේවාට යොමු වෙන්න හිතාගෙන ඉන්නේ.
නවකයෙක් විදිහට මේ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
මේ ක්ෂේත්‍ර තුළ හරියට හිටියොත් තමන්ගේ නමත් තියාගෙන ඉස්සරහාට යන්න පුළුවන්. ගොඩක් අය මේ ක්ෂේත්‍ර ගැන වැරදියට තේරුම් ගෙන තියෙනවා. ඒත්, ඒ අය හිතන තරම් මේ ක්ෂේත්‍ර තුළ වරදක් මම දකින්නේ නැහැ. කොටින්ම කියනවා නම් මේ ක්ෂේත්‍ර නරක තැනක් නෙමෙයි.
රැකියාවක් කරන අතරේ මේ වැඩවලට කාලයක් හොයාගන්න එක අපහසුයි නේද?
ඔව්, ඒත්, මේ හැම වැඩක්ම සමබරව කරගෙන යනවා නම් කලා කටයුතුවලට ඉඩක් හොයාගන්න එක අපහසු දෙයක් නෙමෙයි.
මොනවද මේ ක්ෂේත්‍ර හරහා ඔබට තියෙන ඉලක්ක?
මේ ක්ෂේත්‍රවලට තවමත් මම ආධුනිකයෙක්. ඒ නිසා මේ හැම දෙයක් ගැනම ලොකු අවධානයක් වගේම අධ්‍යයනයක් කරන්න ඕනා කියලා හිතනවා. ඒවා තමයි මගේ මුල්ම ඉලක්ක. ඊට පස්සේ රංගන ශිල්පිනියක් වෙන්න ස්ථාවර වෙන්නත් මම කැමැත්තෙන් ඉන්නවා. ලැබෙන හැම වැඩක්ම භාරගන්නේ නැතිව මට ගැළපෙනවා කියලා හිතන කලා කටයුතු පමණක් මම තෝර ගෙන වැඩ කරනවා.
උදවු කළ අය කවුද?
මගේ පවුලේ අය තමයි මට ගොඩක්ම උදවු කරන්නේ. විශේෂයෙන්ම මගේ තාත්තා. ඔහු නිසා තමයි මම අද මේ තැනට ආවේ. ඊට අමතරව ඡායාරූප ශිල්පි ඉමේෂ් නුවන්දකට විශේෂයෙන්ම ස්තුති කරනවා. ඊට අමතරව මා වටා හොඳ යාළුවෝ පිරිසක් ඉන්නවා. ඔවුන් හැම වෙලාවෙම මගේ කලා කටයුතුවලට උදවු කරනවා.
බුද්ධික සේනාධීර/ඡායාරූප - ඉමේෂ් නුවන්දක
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ක්ෂේත්‍රයට තවමත් මම ආධුනිකයි